The Leader News
BREAKING
Top Ad
Opinion

සංවාදයට විවෘතයි : වත්මන් ජනපතිට නියමිත කලට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි ද?

T

The Leader Desk

February 19, 2024 • 11:54 AM

සංවාදයට විවෘතයි : වත්මන් ජනපතිට නියමිත කලට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට ජනතාව විසින් තෝරාපත් කරන ලද පාර්ලිමේන්තුවක් නියමිත ආයු කාලයට පෙර විසිරුවා හැරීමේ බලයක් නැත.''- නීතීඥ ශිරාල් ලක්තිලක*
  • ඒ අනුව ව්‍යවස්ථාවේ සඳහන් විධායක බලය පරිපුර්ණව ක්‍රියාත්මක කළ හැක්කේ ජනතාව විසින් තෝරා පත් කරගන්නා ජනාධිපතිවරයකුට පමණ ය.
  • මෙම වගන්තිය පිටුපස පවතින ව්‍යවස්ථාමය සිද්ධාන්තය වන්නේ ජනතාව විසින් මැතිවරණයකින් පත් කෙරෙන ජනාධිපතිවරයකු හට පමණක් එම බලතල භාවිතා කල හැකි බවයි.
  • එයට ව්‍යාතිරේඛයක් තිබේ.    එනම්; ව්‍යවස්ථාවේ 38(1) හා (2) දැක්වෙන තත්ත්වයන් යටතේ ව්‍යවස්ථාවේ 40(1) ට අනුව පාර්ලිමේන්තුව විසින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත් කර ගත හැකි බවය.
අකුරු ප්‍රමාණය (Font Size):


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සැකැස්ම අනුව ව්‍යවස්ථාවේ 3 වගන්තිය සඳහන් කරන්නේ ජනරජයෙහි පරමාධිපත්‍ය බලය ජනතාව සතුවන බවය. එම පරමාධිපත්‍ය බලය රාජ්‍යයේ විවිධ කොටස් භාවිතා කරන ආකාරය ව්‍යවස්ථාවේ 4 වගන්තිය මඟින් දක්වා තිබේ. 

ඒ යටතේ 4(ආ) වගන්තියට අනුව 'ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරාපත් කරනු ලබන ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කල යුත්තේය' යයි සඳහන් කර තිබේ. 

එම වගන්තියෙන් අවධාරණය කරන්නේ විධායක බලය භාවිතා කල යුත්තේ ජනතාව විසින් තෝරා පත් කරගනු ලැබු ජනාධිපතිවරයකු තුළින් පමණක් බව ය. ඒ අනුව ව්‍යවස්ථාවේ සඳහන් විධායක බලය පරිපුර්ණව ක්‍රියාත්මක කළ හැක්කේ ජනතාව විසින් තෝරා පත් කරගන්නා ජනාධිපතිවරයකුට පමණ ය. මෙම වගන්තිය පිටුපස පවතින ව්‍යවස්ථාමය සිද්ධාන්තය වන්නේ ජනතාව විසින් මැතිවරණයකින් පත් කෙරෙන ජනාධිපතිවරයකු හට පමණක් එම බලතල භාවිතා කල හැකි බවයි. එයට ව්‍යාතිරේඛයක් තිබේ. 

 

1658404469 Ranil Wickremesinghe sworn in as new President of Sri Lanka L
එනම්; ව්‍යවස්ථාවේ 38(1) හා (2) දැක්වෙන තත්ත්වයන් යටතේ ව්‍යවස්ථාවේ 40(1) ට අනුව පාර්ලිමේන්තුව විසින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත් කර ගත හැකි බවය. නමුත් අවධාරණය කළ යුතු මුලික කරුණ වන්නේ එවැන්නකු ජනතාව විසින් තෝරා පත් කරගන්නා ජනාධිපතිවරයකු නොවේ. එසේ නම් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට ව්‍යවස්ථාවේ 4(ඇ) යටතේ දැක්වෙන ජනතාවගේ පරමාධිපත්‍ය යටතේ දැක්වෙන සියළු විධායක බලතල ක්‍රියාත්මක කිරීමට ව්‍යවස්ථාමය පදනමක් ලැබෙන්නේ නැත. 40(1) යටතේ ලැබෙන බලතල පවා ක්‍රියාත්මක කළ හැක්කේ ජනතා පරමාධිපත්‍යය දැක්වෙන 3 හා 4(ආ) වගන්තිය යටතේ දැක්වෙන අර්ථ දැක්වීම් වලට යටත්ව ය. එම නිසාම ව්‍යවස්ථාවේ 40(2) වගන්තිය සඳහන් කරන්නේ ද අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට හැකි තාක් දුරට ජනරජයේ විධායක බලය අදාළ වන බව ය.

ඒ අනුව බලන කල අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ව්‍යවස්ථාවේ 70 වගන්තියේ සඳහන් කර ඇති පරිදි ම ලබා ගැනීමට නොහැකි වන්නේ ය. ව්‍යවස්ථාවේ 3 හා 4(අ) වගන්තියට අනුව ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාවගේ ඡන්දයෙන් තෝරා පත් කරන පාර්ලිමේන්තුවට හිමි වන්නේ ය.

එසේ ජනතාව විසින් තෝරා පත් කර ගන්නා පාර්ලිමේන්තුවක් ජනතාව විසින්ම තෝරා පත් කරගන්නා ජනාධිපතිට විසුරුවා හැරීමේ බලය යම් යම් ව්‍යතිරේඛ තත්ත්වයන් යටතේ ව්‍යවස්ථාවේ 70 වගන්තිය මගින් ලබා දී තිබේ. ඒ සඳහා වන ව්‍යවස්ථාමය තර්කයක් ද තිබේ. නමුත් ජනතාව විසින් පත් කරගත් ජනාධිපතිවරයකුට හිමි එම බලය ද සීමා කොට තිබේ.

 

පාර්ලිමේන්තුව අද රෑ අවසන් කරයි ! - යළි විවෘත කිරීම පෙබ. 8

 

එනම් අභිනවයෙන් පත් වූ පාර්ලිමේන්තුවක් වසර දෙක හමාරක් යන තෙක් විසුරුවා හැරීමේ බලය ජනාධිපතිට නොමැත්තේ ය. එසේම පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මතයකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ඉල්ලා සිටින ලද විටකදී ද ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිව තිබේ. නමුත් ව්‍යවස්ථාව 70 (ඇ) වගන්තියේ දැක්වෙන I, II හා III උප වගන්ති යටතේ දැක්වෙන තත්ත්වයන්, එනම්; ජනාධිපතිවරයාට 38(2) දෝෂාභියෝගයක් හෝ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මඟින් ජනතාව විසින් පත් කරගනු ලැබු ජනාධිපතිවරයකුට පාර්ලිමේන්තුව විසුරුවිය නොහැකි බව දක්වා තිබේ. 

ඒ අනුව බලන කල අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත් කිරීමට බලය දානය කරන්නේ ව්‍යවස්ථාවේ 38(1) යටතේ දැක්වෙන තත්ත්වයන් යටතේය. එනම් විවිධ හේතුන් මත තෝරා පත් කරගත් ජනාධිපතිවරයාගේ ධුරය හිස් වීමෙනි. එවැනි හිස්වීමක් සමාන වන්නේ 70 (ඇ) යටතේ දැක්වෙන තත්වයකටය. එනම් නීතිය ක්‍රියාත්මක වීමෙන් ජනාධිපති ධුරය අක්‍රියවීමකට ලක්වන තත්ත්වයක්ට ය. එකම වෙනස 38(1) යටතේ ධුරය අක්‍රිය වන්නේ ස්වාභාවික හෝ දේශපාලනික තත්ත්වයන් යටතේය. 

 

පාර්ලිමේන්තුව තිබෙන්නේ රඟපාන්න නොවේ' - ජනාධිපති
එසේ නම් නීතිය ක්‍රියාත්මක වීමෙන් ධුරය හිස් වන අවස්ථාවක මෙන්ම ස්වාභාවික හෝ දේශපාලනික හේතුවක් නිසා ධුරය හිස් වූ අවස්තාවකදී පාර්ලිමේන්තුව නොවිසුරවිය යුතු බව පවතින ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පදනම වෙයි. එවැනි තත්ත්වයක දී 38(1) යටතේ දැක්වෙන හේතුවක් මත පත් කරගත් අනුපාප්තික ජනාධිපතිවරයකුට ජනතාව විසින් තෝරාපත් කරගන්නා ලද පාර්ලිමේන්තුවක් ව්‍යවස්ථාවේ 70(1) වගන්තිය යටතේ නියමිත කාලයට පෙර විසුරුවා හැරීමට 70(2) යටතේ ලැබෙන බලය භාවිතා කල නොහැකි වන්නේය. 

අනෙක් අතට ජනතාව විසින් තෝරා පත් කර ගන්නා ජනාධිපතිවරයකුට ජනතාව විසින් තෝරා පත් කර ගන්නා ලද පාර්ලිමේන්තුවක් යම් යම් ව්‍යාතිරේඛයන්ට යටත්ව ලැබෙන බලය අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට නොලැබිය යුතුව තිබේ. මක් නිසාද යත් එය ව්‍යවස්ථාවේ 3 හා 4 එක්ව කියවන විට දැක්වෙන ජනතා පරමාධිපත්‍යයට සපුරා පටහැනි වන නිසාය. එනම් පරමාධිපත්‍යයට පරිබාහිරින් පත්වු අනුප්‍රාප්තිකයකුට ජනතා පරමාධිපත්‍යයක් යට කිරීමට ඉඩ  නොලැබිය යුතු නිසාය. එමෙන්ම පාර්ලිමේන්තුව විසින්ම පත්කල අනුප්‍රාප්තිකයකු විසින්ම එම පාර්ලිමේන්තුවේ නිසි ආයු කාලයට පෙර විසුරුවීම ස්වභාවික යුක්තියට ද පටහැනි වන්නේ ය.

shiral 4(නීතිඥ ශිරාල් ලක්තිලක)
දේශපාලන හා සමාජ විශ්ලේෂක 
slakthilaka@gmail.com

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...