The Leader News
BREAKING
Top Ad
Opinion

පොඩි එකෙක් මහණ කරන එක ළමා අපයෝජනයක් වෙන්නෙ ඇයි ? - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

February 20, 2024 • 4:36 PM

පොඩි එකෙක් මහණ කරන එක ළමා අපයෝජනයක් වෙන්නෙ ඇයි ? - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නොතේරෙන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි.
  • ඒ වෙනුවට ඒ දරුවා ලබන්නෙ අවු 2500ට වඩා පරණ දැනුමක් සහ සම්ප්‍රදායක්.
  • අනික ඒ දරුවාගෙ මනෝ ලිංගික වර්ධනය මේ නිසා සම්පූර්ණයෙන්ම බාධා වෙනවා.
  • සමාජය ගැන හෝ ජීවිතය ගැන කිසි දෙයක් නොදන්න කෙනෙක් තමයි මේ සිවුර ඇතුලෙ හැදෙන්නෙ.
අකුරු ප්‍රමාණය (Font Size):

නොතේරෙන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. එහෙම හින්ද තමයි මේ රට බංකොලොත් රටක් වුනේ.

හොඳට බැලුවොත් මහණ වෙන එක මහා පිනක් කියන මේ අය තමයි රාජපක්ෂලාට දිගටම චන්දෙ දුන්නෙත්. ඉස්සරහට නාමල්ට සහ නිර්වාණට චන්දෙ දෙන්නෙත්. ඒ තමයි මේ රටේ ජාතික උරුමය. අපි ඉස්සෙල්ලා ඒ අන්ධ මුග්ධභාවයට  ගරු කරන්න ඉගෙන ගන්න ඕන.


ළමයෙක් පොඩි කාලෙ පැවිද්දෙක් වෙනවා කියන්නෙ ඒ ළමයාට සාමාන්‍ය දරුවෙකුගෙ සමාජානුයෝජන ක්‍රියාවලිය මගහැරෙනවා. සමාජයේ සම වයස් දරුවන් එක්ක ගැටෙමින් ජීවිතය ගැන ලබන සමාජ සංස්කෘතික පුහුණුව ඒ දරුවාට ලැබෙන්නෙ නෑ. ඒ වෙනුවට ඒ දරුවා ලබන්නෙ අවු 2500ට වඩා පරණ දැනුමක් සහ සම්ප්‍රදායක්. සමාජයේ නිශ්පාදන ක්‍රියාවලියට දායක නොවී යැපීම විතරක් කරන පුහුණුවක්. ඒක අපේ වගේ රටකට අහිතකර තත්වයක්.


අනික ඒ දරුවාගෙ මනෝ ලිංගික වර්ධනය මේ නිසා සම්පූර්ණයෙන්ම බාධා වෙනවා. තමන්ගේ ආශාවන් හැගීම් එක්ක ගනුදෙනු කරන්නෙ කොහොමද කියන එක පුහුණු වෙනවා වෙනුවට සසුන්ගත වීමත් එක්ක  දරුවෙක් හිතන්නෙ ඒවා පාපී සිතුවිලි කියල. ඒවා හංගගන්නත් බොරු කියන්නත් රහසේ පිනවන්නත් තමයි මේ දරුවෙකුට ලැබෙන පුහුණුව වෙන්නෙ.


සමාජය ගැන හෝ ජීවිතය ගැන කිසි දෙයක් නොදන්න කෙනෙක් තමයි මේ සිවුර ඇතුලෙ හැදෙන්නෙ. ඒ ළමයා සාමාන්‍ය මිනිස් සමාජයට පිටස්තරයෙක් වෙනවා. ඒ මදිවට පස්සෙ සමාජයට අවවාද අනුශාසනා දෙන්නත් යනවා. මේ නිසා විහිලුවක් වෙනවා. උදා විදිහට කස්සප වගේ හාමුදුරු කෙනෙක් ගැන හිතන්න. විහිලුවක් කළත් බුදුන්ට අපහාසයක් කියල හිතන තරමට සමාජ සංවාද තේරුම් ගන්න බැරි කෙනෙක් නිර්මාණය වෙනවා.

මේ කිව්වට පොඩි උන් මහණ කරන එක නවත්තන්න උවමනා නෑ. ඒක තමයි අපේ සංස්කෘතිය. ඒ විදිහට ජීවිත බංකොලොත් කිරීමෙන් විතරයි අපිට ආඩම්බරෙන් ජීවත් වෙන්න පුළුවන් බංකොලොත් රටක් පවත්වාගෙන යන්න පුළුවන්.


Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...