The Leader News
BREAKING
Top Ad
Opinion

සිග්මා පිරිමියා - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

February 22, 2024 • 2:06 PM

සිග්මා පිරිමියා - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇල්ෆා කියන්නේ රැහේ ස්වභාවික ලොක්කා.
  • බොහෝ ඇසූ පිරූ තැන් ඇති මිනිහෙක්.
  • එහෙම කෙනෙකුට ඇත්තටම ජනප්‍රිය දේශපාලනය කරන්න අමාරුයි.
  • නමුත් එහෙම වෙන්න ගෝඨාභය උන්ට කොහොම ශාරීරික මානසික බලපෑමක් ඇති කරලා ඇද්ද කියලා මා හිතුවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇල්ෆා පිරිමියා ගැන. ඇල්ෆා කියන්නේ රැහේ ස්වභාවික ලොක්කා. උපතින්ම නායකත්වය පිහිටලා තියෙනවා. දුටු පමණින් අනුන් ආකර්ෂණය වෙන පෞරුෂයක් තියෙනවා. දඟකාරයි. නිර්භීතයි. හරිම සමාජශීලියි. කොතන ගියත් ඉබේම මිනිස්සු ඔහු වටේ රොක් වෙනවා. කාන්තා ආකර්ෂණය උපරිමයි. ඇල්ෆා පිරිමියෙකුට මා දන්න හොඳම උදාහරණය තමයි මහින්ද රාජපක්ෂ. එයා තමයි ලංකාවේ මෑත යුගයේ බිහිවුණු සුපර් ඇල්ෆා. එයාට ලං වෙන්නවත් කිසිවෙක් නැහැ.



එතකොට සිග්මා කියන්නේ කවුද? සිග්මා කියන්නේ ටිකක් අමුතු පොරක්. මිනිහට තියෙනවා අත්දැකීම් සමුදායක්. බොහෝ ඇසූ පිරූ තැන් ඇති මිනිහෙක්. ඔහු ජීවිතයේ සාර්ථකයි. හැබැයි ඔහු ඇල්ෆා වගේ සමාජශීලී නැහැ. තනියම තමයි වැඩ. ස්වාධීනයි. නිහඬයි. දරුණු ආත්ම විශ්වාසයක් තියෙනවා. ඔහුටත් කාන්තා ආකර්ෂණය තිබෙනවා, නමුත් ඔහු ඒ කාන්තාවන්ව සත පහකට ගණන් ගන්නේ නැහැ. අහංකාරයි. සිග්මා පිරිමියෙකුට මා දන්නා හොඳම උදාහරණය තමයි ගෝඨාභය රාජපක්ෂ. ගෝඨාභය කියන්නේ ලෝන්-වුල්ෆ් කෙනෙක්. ලෝකයම විරුද්ධ වුණත් කූල් එකේ තමන්ට ඕන දේ කරන මිනිහෙක්. එහෙම කෙනෙකුට ඇත්තටම ජනප්‍රිය දේශපාලනය කරන්න අමාරුයි. විශේෂයෙන්ම මහින්ද වගේ ඇල්ෆා කෙනෙකුට පසුව ඔහුට සංසන්දනය වෙමින් ඒක කරන්න බැහැ. අපේ බොහෝ අයට වුණේ ගෝඨාභය තුළින් මහින්දව හොයන්න ගිය එක. ඒ දෙන්නා දෙන්නෙක්.


ඊනියා අරගලය අතරතුර තමයි මට ගෝඨාභය චරිතය ගැන හරියටම අධ්‍යයනය කරන්න පුළුවන් වුණේ. ඒ කිසිම අවස්ථාවක මා දැක නැහැ ඔහු මොහොතකට හෝ චංචල වෙනවා. අප මුණගැහුණු හැම මොහොතකම ඔහු හිටියේ වෙනදා ඉන්න විදිහටමයි. ඔහුගේ තනි මතයේම ඔහු හිටියා. මැයි නවය නොවෙන්න අරගලය තනිකරම කේන්ද්‍ර වෙලා තිබුණේ ගෝඨාභයට පමණයි. මැයි නවය වෙන කාගෙහරි ගේමක් ගියා. කොටි ඩයස්පෝරාව, මුස්ලිම් බහුතරය, කාඩිනල්ගේ පල්ලිය, එන්ජීඕ කඩ සහ බටහිර ඒජන්සි විතරක් නෙවෙයි විමල් වගේ මේඩ් ඉන් චයිනා ප්ලාස්ටික් බඩුකෑලි ටිකත් ඔක්කොම ඉලක්කය අරගෙන තිබුණේ ගෝඨාභයට. තනි මිනිහට. “ගෝටා ගෝ හෝම්”. එච්චරයි. නමුත් එහෙම වෙන්න ගෝඨාභය උන්ට කොහොම ශාරීරික මානසික බලපෑමක් ඇති කරලා ඇද්ද කියලා මා හිතුවා. මට හිතුනේ ගෝඨාභය ඒ අභියෝගයට කැමති වුණා කියලා. මොකද ඒක තමයි සිග්මා පිරිමියෙකුගේ ලක්ෂණය. ලිවින්ග් ඕන් ද එජ්. ලොවට එරෙහිව තමා - තමාට එරෙහිව ලොව. අර මෝඩ කොල්ලො කුරුට්ටෝ සහ කූඩාරම් කෙල්ලෝ කොච්චර අපහාස කළත් ඒවා සත පහකට ගණන් ගත්තේ නැහැනේ. ඒක හරියට තමන්ව ටෙස්ට් කරගන්නවා වගේ වැඩක්. තමන්ගේ ළඟම හිටි උන් පවා බයේ දාලා යද්දී අබමල් රේණුවක කණගාටුවක් නැතුව ගෝඨාභය හිටිය හැටි තමයි මරු! එකෙක්ට ඉන්න කිව්වේ නැහැනේ. ඒ අතින් රෝහණ රාජපක්ෂත් සිග්මා කෙනෙක්. මේ දවස්වල ඔය යන්න තටමන එකෙක්ට ඉන්න කියලා පින්සෙන්ඩු වෙන්නේ නැහැනේ. යන උන් ගියදෙන් කියලා තමන් ඉන්න තැන නොසැලී ඉන්නවා.


සිග්මා ලෙහෙසියෙන් කාවවත් ලං කරගන්නේ නැහැ. සිග්මා ඉන්නේ තනියම. තනියම ඉන්න එක තමයි එයාගේ සතුට. ඔය කවුරු කිව්වත් ගෝඨාභයට කිසිම ගජ මිතුරෙක් හිටියේ නැහැ. සිග්මලා කල්ලි ගැහෙන්නේ නැහැ. සිග්මලා එක්ක වැඩ කරන්න හැමෝටම බැහැ. සිග්මා කෙනෙකුව තේරුම් ගන්න පුළුවන් තවත් සිග්මා කෙනෙකුටම විතරයි කියා මා හිතනවා. සිග්මලා අනුන්ව ගණන් ගන්නේ නැහැ. එතන ඇත්තටම අහංකාරයක් තියෙනවා. හැබැයි ඊට වඩා තියෙන්නේ “මට ජීවත් වෙන්න උඹලා එකෙක්වත් අවශ්‍ය නැහැ” වගේ හැඟීමක්. සිග්මලගේ තියෙන තව ලක්ෂණයක් තමයි ඔවුන් අනුන්ට හොඳ අවවාද අනුශාසනා දෙනවා. ඒක කරන්න පුළුවන් මොකද ඔවුන්ට ලොකු වපසරියක ජීවන අත්දැකීම් තියෙන නිසා. මට හිනා යනවා සමහරු ඇවිල්ලා ගෝඨාභයට යුද්ධ කරන හැටි ගැන, අරක කරන හැටි ගැන, මේක කරන හැටි ගැන උගන්වන්න යනකොට… සිග්මලා එහෙම අනුන්ට ඕන විදිහට ජීවත් වෙන්නේ නැහැ. සිග්මලා ඉන්නේ තමන්ට ඕන විදිහට. රජ මැදුරේ හිටියත් එහෙමයි. අගු පිලේ හිටියත් එහෙමයි. සිග්මලගෙන් උදව්වක් ඉල්ලුවොත් නොකර ඉන්නේ නැහැ. හැබැයි ඕනෑවට වැඩිය කරන්න යන්නෙත් නැහැ. ගන්නවා නම් ගනින්; නැත්නම් නිකං හිටපන්…


සිග්මා පිරිමයාගේ මා වැඩියෙන්ම ගරු කරන ලක්ෂණය තමයි ඔවුන්ව කවදාවත් සල්ලිවලට මිලට ගන්න බැහැ. සිග්මලා වැඩ කරන්නේ ස්ව කැමැත්තෙන් තමන්ටම හිතුනොත් විතරයි. ඔවුන්ට සල්ලි දීලා වැඩ කරගන්න බැහැ. ඒ වගේම සිග්මලා හරිම දක්ෂයි තර්ක කරලා දිනන්න. තමන්ගේ මතය කොහොම හරි අනෙකාට ඒත්තු ගන්වන්න. හැබැයි ඒක මහා ජනතාවකට කරන්න එයාට අමාරුයි. ටික දෙනෙකුට කරන්න පුළුවන්. සිග්මලා ඕනෑවට වැඩිය කිසිම දෙයක් ගැන කරදර වෙන්නේ නැහැ. ගෝඨාභයගේ කතාව හරියට එළියට ආව දවසට තමයි කට්ටියට ඇඬෙන්නේ. ඒ දවස වැඩි ඈතක නැති බව මා දන්නවා. ධර්මය අපට මග වේවා!

eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 පෙබරවාරි 22

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සිග්මා පිරිමියා - (එරන්ද ගිනිගේ) | The Leader