The Leader News
BREAKING
Top Ad
Opinion

ආපහු මී ඇට පත්තුකරමු ද ?- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

February 23, 2024 • 2:05 AM

ආපහු මී ඇට පත්තුකරමු ද ?- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙනත් කෙනෙකුට වෙනත් විදියකට පේන්න පුළුවන්.
  • මී ඇට පත්තු කරකර ඉඳල පස්සේ ලාම්පුතෙල් කියල එකක් මානව වර්ගයා හොයාගත්තට පස්සේ ඒකෙන් ලාම්පු කුප්පිය පත්තුකරන්න ගත්ත එක සමාජ පරිණාමය ඇතුළේ එක අවධියකින් තවත් අවධියකට විතැන් වීමක්.
  • ඒත් අතිශයින් සංකීර්ණ මෙට්‍රෝපොලිටන් එකක එපාට්මන්ට් එකක මී ඇට පත්තු කරගෙන පාඩම් කරන්න බැහැ.
  • ඒක දේශපාලනික වැඩකුත් වෙන නිසා ඒකට නූතන දේශපාලන කියල කියනවා. ඒ නිසා ඔය කියන ප්‍රකාශකයා ලාම්පු කුප්පියෙන් පොත් පාඩම් කරපු පරම්පරාවක් ගැන කියන එක අතීතකාමී අර්ථයෙන් හරි උනාට නූතන අර්ථයෙන් නෛතික නැහැ (legitimacy).
අකුරු ප්‍රමාණය (Font Size):
ඒ කියන්නේ මට අනුව. වෙනත් කෙනෙකුට වෙනත් විදියකට පේන්න පුළුවන්.

එක යුගයක අපේ මුත්තල මී මුත්තල කළුවර නැති කරගන්න පත්තු කරේ මී ඇට. මී ඇට පත්තු කරකර ඉඳල පස්සේ ලාම්පුතෙල් කියල එකක් මානව වර්ගයා හොයාගත්තට පස්සේ ඒකෙන් ලාම්පු කුප්පිය පත්තුකරන්න ගත්ත එක සමාජ පරිණාමය ඇතුළේ එක අවධියකින් තවත් අවධියකට විතැන් වීමක්. යම් ආකාරයක ප්‍රගමනයක්. උසස් තත්වයකට පරිණාමය වීමක්.

සංචාරකයෝ රවට්ටන්න ඕනිනම් දැනුත් පුළුවන් පැල් කොටයක් අටවලා මී ඇට පත්තුකරන්න. ඒ එක්ක ඩොලර් හොයන්න පුළුවන්. ඒ නිසාම අපි නැවත මී ඇට යුගයට යමු කියන එක සමාජයක් නූතන අර්ථයෙන් ආපස්සට ගමන්කරවීමක්.

මී ඇට පත්තු කරන එකෙන් පාරිසරක වාසි අත්වෙනවා වගේ කතා කියන්න පුළුවන්. ඒත් අතිශයින් සංකීර්ණ මෙට්‍රෝපොලිටන් එකක එපාට්මන්ට් එකක මී ඇට පත්තු කරගෙන පාඩම් කරන්න බැහැ.  

සමාජයක් ප්‍රගමණය කරා ගෙනියන්න තමයි 'නූතන දේශපාලනය' (modern politics) තියෙන්නේ. නූතන කියන්නේ  නූතන නිර්මාණශීලි තාක්ෂණය සහ විද්‍යාව නූතන පැවැත්මට මුසුකරනවා කියන එක. ජීවිතය පහසුකරලා දෙනවා කියන එක. ඒක දේශපාලනික වැඩකුත් වෙන නිසා ඒකට නූතන දේශපාලන කියල කියනවා. 
 
ඒ නිසා ඔය කියන ප්‍රකාශකයා ලාම්පු කුප්පියෙන් පොත් පාඩම් කරපු පරම්පරාවක් ගැන කියන එක අතීතකාමී අර්ථයෙන් හරි උනාට නූතන අර්ථයෙන් නෛතික නැහැ (legitimacy).

දැන් නූතන දේශපාලනය කරනවා කියන උං ඉන්නේ අපිට නැවත කුප්පි ලාම්පු දෙන්න නම් එතන තියනවා ලොකු දේශපාලන ප්‍රශ්නයක්.

අපි ඒක විසඳාගන්න වෙනවා.

තෝමස් අල්වා එඩිසන්ගේ ෆොටෝ එකක් නොදා ඉන්න හිතුවා. මේ ඉන්නේ AC (alternative current) හොයාගත්ත නිකොලා ටෙස්ලා.


Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...