The Leader News
BREAKING
Top Ad
Opinion

නිලධාරී තන්ත්‍රයේ හෘදය සාක්ෂිය සහ මහ බැංකුවේ පඩි වැඩ කිරීම - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)

T

The Leader Desk

February 25, 2024 • 5:22 PM

නිලධාරී තන්ත්‍රයේ හෘදය සාක්ෂිය සහ මහ බැංකුවේ පඩි වැඩ කිරීම - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමරිකාව ආර්ථික අර්බුදයකට දුන් අවස්ථාවේ, කොරියාව ජපානය මැලේසියාව මෙවැනි අර්බුදයන්ට මුහුණ දුන් අවස්ථාවේ එම රටවල නිලධාරීන් කටයුතු කළ ආකාරය මෙයට වඩා සපුරා වෙනස්ය.
  • කොරියාවේ ජනතාවද පෙරළා තම කණ කර රජයට පරිත්‍යාග කළේ ඔවුන්ට රජය කෙරෙහි ඇති විශ්වාසය නිසාය.
  • මෙම සිදුවීම් නිසා සිදුවන්නේ එම තත්ත්වයට වඩා ප්‍රතිවිරුද්ධ දෙයකි සියඹලාපිටිය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මහා බැංකුවට එසේ කිරීමට බලතල ඇති බවත්, මෙය “සුවිශේෂ දැනුමැති පුද්ගලයන්” රඳවා ගැනීම සඳහා එම ගත් තීරණයක් බවත්ය.
  • මහ බැංකුවේ කාර්යාල සහායකයකුට වඩා අඩු පඩි ලබා ගන්නා අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරු, සභාපති තනතුරු රාශියක් රාජ්‍ය ආයතනවල ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

වාර්තා විය. එකක් මහ බැංකු නිලධාරීන් සිදුකරගත් සුවිශාල වැටුප් වැඩි කර ගැනීමයි, දෙවැන්න විදුලි බල  මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරුවරයා  වීසින් සිදු කරන ලද ප්‍රකාශයයි.”’

 ලයිට්  නැත්නම් කුප්පිලාම්පු පත්තු කරගන්නට” යයි  කියූ එම ප්‍රකාශය සම කල හැක්කේ ප්‍රංශ විප්ලවය සමයේ මාරි ඇන්ටනට් රැජින විසින් සිදු කරන ලදී ‘’පාන් වෙනුවට කේක් කාපල්ලා’’යයි කී ප්‍රකාශයටය.

රටේ සමස්ත  ආර්ථිකය කඩා වැටී ජනතාවට හතේ හත වැදී එදා වේල හොයා ගැනීමට බැරි ජනතාවක් සිටින, අභ්‍යාස පොතක් මිලදී ගැනීමට, බස් ගාස්තු සොයාගැනීමට නොහැකිව පාසල් හැර යන සිසුන් සිටින රටක, විදුලි බිල් පත ගෙවා ගැනීමට නොහැකිව කුඩා කර්මාන්ත වැසී යන රටක  මහ බැංකු නිලධාරීන් සහ සියඹලාපිටිය අමාත්‍යවරයා මහඟු ආදර්ශයක් සපයා ඇත.

 2008 ඇමරිකාව ආර්ථික  අර්බුදයකට දුන් අවස්ථාවේ, කොරියාව ජපානය මැලේසියාව මෙවැනි අර්බුදයන්ට මුහුණ දුන් අවස්ථාවේ එම රටවල නිලධාරීන් කටයුතු කළ ආකාරය මෙයට වඩා සපුරා වෙනස්ය. කොරියාවේ ජනතාවද පෙරළා තම කණ කර රජයට පරිත්‍යාග කළේ ඔවුන්ට රජය කෙරෙහි ඇති විශ්වාසය  නිසාය. මෙම සිදුවීම් නිසා සිදුවන්නේ එම තත්ත්වයට වඩා ප්‍රතිවිරුද්ධ දෙයකි

සියඹලාපිටිය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මහා බැංකුවට එසේ කිරීමට බලතල ඇති බවත්, මෙය “සුවිශේෂ දැනුමැති පුද්ගලයන්” රඳවා ගැනීම සඳහා එම  ගත් තීරණයක් බවත්ය. මෙය සිහි කරවන්නේ පරණ ප්‍රස්ථාව පිරුණකි. “වෙහෙර ගිලපු මිනිහට අග්ගලාව කජ්ජක් ද ?යන්නයි.

මහ බැංකුවේ කාර්යාල සහායකයකුට වඩා අඩු පඩි ලබා ගන්නා අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරු, සභාපති තනතුරු රාශියක් රාජ්‍ය ආයතනවල ඇත. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සේවය අවසන් කොට විශ්‍රාම ගිය අනූ අට දෙනෙකුට ඔවුන්ට ව්‍යවස්ථාපිත හිමිකමක් ඇති පාරිතෝෂික දීමනාව මේ දක්වා ලබා ගැනීමට නොහැකි වී ඇත. ඇතැමුන් තම හිමිකම ලබා නොගෙන මියගොස් ඇත. කේවල් කිරීමට හැකියාව ඇති රාජ්‍ය ආයතන කිහිපයකට පමණක් අසීමිත ලෙස වරප්‍රසාද ලබා ගැනීම කොතරම් සාධාරණද යන්නෙ නැවත සිතා බැලිය යුතුය.

2015 වසරේ දී මහ බැංකුවේ මහ බැඳුම්කර වංචාවක් සිදු වී අධිපතිවරයා රට හැර යද්දී සිටියේත් ඔය සුවිශේෂ නිලධාරීන්මය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකුද ආර්ථිකය බිඳ වැටීමට සම්බන්ධ බවට තීරණයක් ලබාදෙන විට දූර දරන ලද්දේ ද ඔය සුවිශේෂ නිලධාරීන්මය. ඔවුන්ට සිදුවූ ආර්ථික විනාශය පිළිබඳව වගකීමක් ඇත්තේම නැත්ද? ජාත්‍යන්තර මූල්‍ය ම අරමුදලේ උපදෙස් පරිදි  රටේ දුක් විඳින සාමාන්‍ය වතු කම්කරුවාගේ, ඇඟලුම්හල් සේවිකාවගේ අර්ථ සාධක අරමුදලට ලබා දෙන පොලිය සියයට නමය දක්වා අඩු කරන ලද අවස්ථාවේ දී තමන්ගේ අර්ථ සාධක අරමුදල් සඳහා සියයට විසි නමයක් පොලිය ලබාගන්නේද එම නිලධාරීන්ය. එම තීරණවල නෛතිකභාවය අපි ප්‍රශ්න කරන්නේ නැත  අප ප්‍රශ්න කරන්නේ ඉහළ නිලධාරීන්ගේ හෘදය සාක්ෂියයි.

‍ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පරිදි මහ බැංකුව ස්වාධීන විය යුතු යැයි ප්‍රකාශ වූ නිසා 2023 අංක 16 දරණ මහ බැංකු පනත සම්මත විය. ලංකාවේ සමාගම් පනත අනුව සමාගමක අධ්‍යක්ෂවරයකුට හිමි නොවන විනිර්මුක්තියක් එම පනත මගින් මහ බංකුවේ නිලධාරීන්ට ලැබී ඇත.  

මහ බැංකු නිලධාරීන් වැටුප් වැඩිකර ගැනීම පිළිබඳව දක්නට ඇති හාස්‍යජනකම සිද්ධිය රටේ ප්‍රධාන බලයට පත්වීමේ හැකියාවක් ඇති විපක්ෂ කණ්ඩායම් දෙකම මේ සම්බන්ධයෙන් දරන නිද්‍රාශීලී ප්‍රතිපත්තියයි. සමාජයේ මෙවැනි කරුණු පිළිබඳව සවිඥානික  ජනතාවක් බිහිවීම අනාගතයේ බලයට පත්වීමට සිටින කණ්ඩායම් ද  එතරම් නොකැමති කාරණයක් විය හැකිය.

මෙවැනි ආත්මාර්ථකාමී නිලධාරි තන්ත්‍රයක් බිහිවන්නේ එවැනිම දේශපාලනඥයන් ඇසුරේය. යම්කිසි වරදක් හෙළිදරව් වූ පසුව  සමාව ඉල්ලීම, ඉල්ලා අස්වීම බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්හි දක්නට ලැබුණත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුවූ මහා ප්‍රසම්පාදන වංචාවේ දී පාර්ලිමේන්තුවේ බහුතරය ක්‍රියා කළ  ආකාරය  සාධාරණීකරණය කළ හැකිද ?

රටේ සිදුවූ විශාලතම වංචාවක්  වැට් බදු වංචාව පිටුපස සිටියේ ඉහළ නිලධාරීන්ය. ඒ නිසා නිදහසින් පසු හැත්ත හය වසරක සිදුවූ පසුගාමීත්වයට දේශපාලනඥයන් පමණක් නොව හෘද සාක්ෂියක් නොමැතිව ක්‍රියා කරන මෙවැනි නිලධාරී තන්ත්‍රයද වගකිව යුතුය.

සටහන :
Rasangaනීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර
නිදහස් ලේඛක
prasadrharischandra@gmail.com 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නිලධාරී තන්ත්‍රයේ හෘදය සාක්ෂිය සහ මහ බැංකුවේ පඩි වැඩ කිරීම - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර) | The Leader