The Leader News
BREAKING
Top Ad
Opinion

වෛද්‍ය විද්‍යාලයකට ඇමරිකානු ඩොලර් බිලියනයක පරිත්‍යාගයක්

T

The Leader Desk

March 1, 2024 • 5:08 PM

වෛද්‍ය විද්‍යාලයකට ඇමරිකානු ඩොලර් බිලියනයක පරිත්‍යාගයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහාචාර්ය රූත් ගොටෙස්මන් (Ruth Gottesman) කියන්නේ නිව්යෝර්ක්හි ඇල්බර්ට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ දීර්ඝකාලයක් සේවය කළ 93 හැවිරිදි මහාචාර්‍යවරියක්.
  • විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මහාචාර්ය රූත් වෛද්‍ය විද්‍යාලයීය ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේදී මෙය නිවේදනය කරපු මොහොතේ සිසුන් ප්‍රීතියෙන් ප්‍රතිචාර දැක් වූ බවයි ඇය තම සැමියා පිළිබඳව සිහිපත් කළේ මෙවැන්නක්.
  • ඔහු මට මේ දේ කරන්න අවස්ථාව ලබා දුන්නා, මම හිතනවා එයා සතුටු වෙනවා ඇති කියලා'' අයින්ස්ටයින් පාඩම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර ඇති දේශපාලන ක්‍රියාකාරික වින්තන ධර්මදාස මෙසේ පවසයි.
  • උදාහරණයක් විදිහට ලංකාවේ විශ්ව විද්‍යාලවල අධ්‍යාපන කටයුතු නොකර වෙනත් දේශපාලනය ආදී දේ කරමින් අවුරුදු ගනන් කොයිතරම් සිසුන් ඉන්නවද?
අකුරු ප්‍රමාණය (Font Size):


මහාචාර්ය රූත් ගොටෙස්මන් (Ruth Gottesman) කියන්නේ නිව්යෝර්ක්හි ඇල්බර්ට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ දීර්ඝකාලයක් සේවය කළ 93 හැවිරිදි මහාචාර්‍යවරියක්.  

ඇය තම මියගිය සැමියාගෙන් තමන්ට උරුම වුණ ඩොලර් බිලියනයක සම්පූර්ණ මුදල ඇල්බර්ට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට පරිත්‍යාග කරනවා.  ඒක තමයි මෑත ඉතිහාසයේ එක්සත් ජනපදයේ අධ්‍යාපන ආයතනයක් වෙනුවෙන් සිදු කරන ලද විශාලතම මූල්‍ය පරිත්‍යාගය

ඉතින් මේ මුදලින් සියලුම සිව්වන වසරේ සිසුන්ට ඔවුන්ගේ 2024 අධ්‍යයන වාරයේ ගාස්තු ප්‍රතිපූරණය කරන අතර අගෝස්තු මාසයේ සිට සියලුම සිසුන්ට නොමිලේ පන්ති පැවැත්වෙන බවත් මහාචාර්ය රූත් ගොටෙස්මන් නිවේදනය කරලා තියෙනවා .

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මහාචාර්ය රූත් වෛද්‍ය විද්‍යාලයීය ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේදී මෙය නිවේදනය කරපු මොහොතේ සිසුන් ප්‍රීතියෙන් ප්‍රතිචාර දැක් වූ බවයි

ඇය තම සැමියා පිළිබඳව සිහිපත් කළේ මෙවැන්නක්..

''මගේ මියගිය සැමියාට ස්තූතිවන්ත වෙනවා මෙම අරමුදල් මගේ භාරයේ තැබීම ගැන.. වටිනා කටයුත්තක් වෙනුවෙන් මේ මුදල් ලබා දීමට හැකිවීම ආශිර්වාදයක් සේ දැනෙනවා. මගේ සැමියා කිව්වේ මට නිවැරදියි කියලා හිතෙන ඕනෑම දෙයක් වෙනුවෙන් මුදල් වියදම් කරන්න කියලා . ඔහු මට මේ දේ කරන්න අවස්ථාව ලබා දුන්නා, මම හිතනවා එයා සතුටු වෙනවා ඇති කියලා'' 

 
අයින්ස්ටයින් පාඩම

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර ඇති දේශපාලන ක්‍රියාකාරික වින්තන ධර්මදාස මෙසේ පවසයි.

ඇල්බට් අයින්ස්ටයින් විශ්ව විද්‍යාලයෙ සිසුන් වෙනුවෙන් ඩොලර් බිලියනයක් පරිත්‍යාග කිරීම හරහා පේන්නෙ නොමිලේ අධ්‍යාපනයෙ වැදගත්කම කියල කීප දෙනෙක් ලියල තිබුන. ඒක කලේ රජයෙන් නෙමෙයි තවත් පුද්ගලික දානපතිනියක් වීමත් අමතක කරන්න නරකයි.

 මං හිතන්නෙ ඒකෙන් පේන්නෙ අධ්‍යාපනයට මිළක් නියම වීමේ වැදගත්කම කියල. එක පැත්තකින් ඒ ශිෂ්‍යන්ට දැනෙන ප්‍රීතිය දැනෙන්නෙම ඒ මිළ තමන් වෙනුවෙන් වෙන කෙනෙක් ගෙවා දැමිම හින්ද. රජයෙන් ඒ මිළ ගෙවීමේදි ඒ වටිනාකම ඊට ලැබෙන්නෙ නෑ.

උදාහරණයක් විදිහට ලංකාවේ විශ්ව විද්‍යාලවල අධ්‍යාපන කටයුතු නොකර වෙනත් දේශපාලනය ආදී දේ කරමින් අවුරුදු ගනන් කොයිතරම් සිසුන් ඉන්නවද? මේ අධ්‍යාපනයේ වටිනාකමට නිසි තක්සේරුවක් ලැබෙන්න අධ්‍යාපනයට මිළක් නියම වීම වැදගත්.

අනෙක් අතට රජයක් වෙනුවට ඒ මිළ දරන්න සමාජයේ වෙනත් පරිත්‍යාගශීලී පාර්ශ්ව ඉදිරිපත් වෙන එක. අපි දන්නවා ලංකාවෙ කන්දක් කන්දක් ගානෙ පන්සල් හදන්න සල්ලි එවන මිනිස්සු ඉන්නවා. ඒ අයට පුළුවන් මේ වගේ පරිත්‍යාගයන් කරන්න. එතකොට ඒ වීඩියොත් මේ වගේ ලෝකෙ පුරා ශෙයාර් වේවි. ඒවා අධ්‍යාපනයෙ වැදගත්කම ගැන කතන්දර වේවි.

ඒ වෙනුවට රජය මේ බර දරන්න නරකයි කියන එකයි මේකෙ ආදර්ශය විය යුත්තෙ. ඇමරිකාව වගේ රටකත් අධ්‍යාපනය නොමිලේ ලබාගන්න බැරි නම් අපි වගේ ආර්ථිකයක් ඇති රටක් ඒ බර රජයට ගැනීම කොයිතරම් විහිලුසහගත ද කියල කෙනෙකුට ඒ වීඩියෝව බැලුවම තේරෙන්න ඕන.

ඒ වගේ සද්ක්‍රියාවන්, පිංකම් සඳහා සමාජයේ දානපතීන්ට අවස්තාව දීලා රජය අධ්‍යාපනයට නිසි වටිනාකම, නිසි මිළ ලබා දෙන්න පියවර ගන්න ඕන. ඒ කියන්නෙ අවම වශයෙන් තෘතියික අධ්‍යාපනයෙන් රජය අයින් වෙන්න ඕන.

Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...