The Leader News
BREAKING
Top Ad
Opinion

මම පොහොට්ටුවටත් වඩා පොහොට්ටුයි : මම දිහා බලන්න එපා...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

March 7, 2024 • 3:52 PM

මම පොහොට්ටුවටත් වඩා පොහොට්ටුයි : මම දිහා බලන්න එපා...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෑහෙන පිරිසක් විමතියට පත්උන හැඩක් පේනවා බුකිය බලපුවම.
  • ඇත්තටම එහි එහෙම පුදුමයක් නැහැ.
  • ප්‍රශ්නේ තියෙන්නේ අපි ඔළු කුහර ඇතුලේ.
  • මේ තීරණය ඇතුලේ කතාකරන්නේ පොහොට්ටුවේ කේන්ද්‍රයට.
අකුරු ප්‍රමාණය (Font Size):

සෑහෙන පිරිසක් විමතියට පත්උන හැඩක් පේනවා බුකිය බලපුවම.

ඔව්..ඒක සෑහෙන ෂොක් එකක් තමයි.

විශේෂයෙන් රනිල් ජනාධිපති වෙලා ඉන්න වෙලාවක එසේ සිදුවීම නිකම් පුදුමයක් වගේ දෙයක් තමයි.

ඇත්තටම එහි එහෙම පුදුමයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අපි ඔළු කුහර ඇතුලේ.

zdfef
මේ තීරණය ඇතුලේ කතාකරන්නේ පොහොට්ටුවේ කේන්ද්‍රයට. core එකට.


මම හිතන්නේ ඒ තීරණය ගන්නකොට මේ වෙද්දි වෙනත් කිසිම දෙයක් දැන් වෙනකොට වැඩක් නැති ගණනට අරගෙන තමයි තියෙන්නේ. මම හිතන්නේ මේ වෙනකොට හිතන්න දෙයක්වත් මෙයාලට නැහැ.

මොකද එහෙම හිතල වෙනත් වටිනාකම් (other values) එක්ක වැඩකරන්න වෙනත් කිසිම කෙනෙක් මේ වෙද්දී ඉතුරුවෙලා නැහැ කියල එයාල දන්නවා. දැන් එයාල සතුටුකරලා වැඩක් නැහැ. ඒ මහන්සියත් වැඩක් නැහැ.


කෝප් සභාපතිකම කියල කියන කොට අපි ඉස්සර මොනවා හරි දෙයක් ගැන හිතල එයට සාපේක්ෂව නේ තීරණේ ගන්නේ. ඒ කියන්නේ යම්කිසි වටිනාකම් ප්‍රමාණයකට සාපේක්ෂව යම් තීරණයක් ගන්නවා කියන එක.

මොකද සාපේක්ෂ වශයෙන් කෝප් සභාපති කියන එකට වෙනම වටිනාකමක් තිබ්බ. සියල්ලම කුණුවෙලා තියෙද්දිත් අපි කෝප් කමිටුවේ සභාපති කියන දේ ගැන සවිඥානික උනා. අවම වශයෙන් කට ඇඟිල්ලෙන් වහන්න කලින්....

ඇත්තටම මේ වෙනස (twist) විහිළුවක් වගේ දෙයක් තමයි.


ඇත්ත. හැබැයි ඒ විසුළු සහගත බව අපිට පෙන්නන්නේ තව දුරටත් සමාජයක් - නායකත්වයක් - දේශපාලන දර්ශනයක් - වටිනාකම් ප්‍රමාණයක් යන කිසිම දෙයක් මෙහෙට අදාල නැහැ කියන එක.

අවම වශයෙන් පොහොට්ටුවේම උනත් මේ තනතුරට දාන්න වෙනත් කෙනෙක් නැත්තේ නැහැ. ඉන්නවා. හැබැයි දාන්නේ නැහැ. එහෙම දාන්නේ නැත්තේ අපිට යමක් පෙන්නන්න.


මම නිරුවතින්. මම දිහා බලන්න එපා. මම කියල කෙනෙක් නැහැ. උඹල හිතපු ඒවා ඔක්කොම වැරදියි...

මම පොහොට්ටුවටත් වඩා පොහොට්ටුයි...

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 

  


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මම පොහොට්ටුවටත් වඩා පොහොට්ටුයි : මම දිහා බලන්න එපා...- (ආචාර්ය මහේෂ් හපුගොඩ) | The Leader