The Leader News
BREAKING
Top Ad
Opinion

ගෝඨාගේ පොතට ඉතිහාසයේ හිමිවන තැන සසංක පෙරේරා කියයි

T

The Leader Desk

March 9, 2024 • 11:27 AM

 ගෝඨාගේ පොතට ඉතිහාසයේ හිමිවන තැන සසංක පෙරේරා කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කුමන්ත්‍රණය’ කියන පොත ඊයේ ජනගත කළා කියලා ආරංචි වුනා.
  • නමුත් මට මුලින්ම අවශ්‍ය වුනේ මේකේ ප්‍රකාශකයා කව්ද කියලා දැනගන්න.
  • පෙනෙන විදියට මේක කතෘ ප්‍රකාශණයක්.
  • ඒකේ පිටු සකස් කළේ රංජිත් වික්‍රමසිංහ කියලා හාදයෙක් බවත් කියලා තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

කුමන්ත්‍රණය’ කියන පොත ඊයේ ජනගත කළා කියලා ආරංචි වුනා.

ළඟදීම පිටපතක් හොයාගෙන කිවන්න ඕනේ. පිටරටක ඉන්නකොට ලංකාවේ පළවෙන පොත් ඉක්මනින් කියවන්න අමාරුයි.

නමුත් මට මුලින්ම අවශ්‍ය වුනේ මේකේ ප්‍රකාශකයා කව්ද කියලා දැනගන්න. ඒකට සෑහෙන්න වෙලාවක් ගියා. පෙනෙන විදියට මේක කතෘ 431121490 10232695136866211 754181425770207888 nප්‍රකාශණයක්. නමුත් මුද්‍රණය කරලා තියෙන්නේ නම්, Print Xcel (Pvt) Ltd කියන මුද්‍රණාලයෙන්. ඒකේ පිටු සකස් කළේ රංජිත් වික්‍රමසිංහ කියලා හාදයෙක් බවත් කියලා තියෙනවා. කවරේ හදල තියෙන්නේ වත්තල තියෙන Seven Elements Graphics කියන තැනින්ලු. නමුත් ප්‍රකාශකයෙක් ගැන කිසිම සඳහනක් පේන විදියට නම් නැහැ.

හිටපු ජනාධිපතිවරයෙක් සිංහලෙන් ලියලා ලංකාවේ පළකරන පොතකට ප්‍රකාශකයෙක් සොයාගන්න නොලැබීම ම කණගාටුදායක කරුණක්. ඒකෙ ඉංග්‍රීසි පිටපතටත් මේක ජාත්‍යන්තරව බෙදාහරින්න පුළුවන් ජාත්‍යන්තර ප්‍රකාශකයෙක් හොයාගන්න බැරිවෙලා වගෙයි පෙනෙන්නේ. මේ ගැන හිතනකොට මට මතක් වුනේ, ජවහර්ලාල් නේරු මහත්තයා ඉන්දියාවේ අගමැති ව හිටිය කාලෙම පලකළ ‘A Bunch of Old Letters: Written Mostly to Jawaharlal Nehru and Some Written by Him’ (1958) කියන පොත. ඒ කාලේ ඉන්දියාවේ තිබුන නිර්මාණ සාහිත්‍යය නොවන පොත් පලකළ ප්‍රධානතම ආයතනය වුනේ බෝම්බායේ පිහිටි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. නමුත් ඔහුගේ තිබුන යටත්විජිත විරෝධී හැගීම් එක්ක ඔහුට අවශ්‍ය වුනේ දේශීය ප්‍රකාශකයෙක් තමන්ගේ පොත පළකරනවා දකින්න. ඒ සඳහා ඔහු තෝරගත්තේ ඒෂියන් පුබ්ලිශින්ග් හවුස් කියන ප්‍රකාශකයා. ඒක ආරම්බ කරලා තිබ්බේ පී.එස්. ජයසිංහ කියන ලාංකිකයා.


 මම මේ ටික කිව්වේ, රාජපක්ෂ මහත්තයාගේ ප්‍රකාශන මාදිලියම, ඒ කියන්නේ, හුදු කතෘ ප්‍රකාශනයක් විදියට මේ පොත ඔහේ අච්චු ගැසීමෙන් ම ඔහු සහ ඔහු නියෝජනය කරන දේශපාලන කණ්ඩායම මේ වෙලාව වෙනකොට කොච්චර ආගාධයකට වැටිලද කියන එක පෙන්නුම් කරන්න.  ලංකාවේ ප්‍රධාන පෙලේ ප්‍රකාශකයින් වුනත් තාම බොහෝ වෙලාවට වැඩ කරන්නේ හුගක් අවිධිමත් විධියට. එහෙම වෙලත් මේකට අතගහන්න ඒ අය කැමති වෙලා නැහැ. නැත්නම් රාජපක්ෂ මහත්තයාගේ තියෙන හිතුවක්කාර කමටම, ‘මට ඕනේ විදියට මේක ගහන්නම්’ කියලා මොකක් හරි ප්‍රෙස් එකක් අල්ලගෙන මේ විදියට කරන්න ඇති. අවාසනාවට, එදා වගේම අදත් ඔහු ළඟ අවශ්‍ය වෙලාවට හරි උපදෙස් දෙන්න මොලයක් තියෙන කව්රුත් නැති බවයි පේන්නේ.


කොහමටත් පොතේ තියෙන විශාල හිදැස් නිසා වැදගත් ජාත්‍යන්තර ප්‍රකාශකයෙක් මේකට අතගහන්න තියෙන ඉඩකඩ හුගක් අඩුයි. හිත මිත්‍රයින්ගෙන් අහලා දැනගත්ත විදියට, පොත සරල කුමන්ත්‍රණ කතිකාවකින් එහාට යන්නේ නැහැ. උදාහරණයකට, තමාව බලයෙන් නෙරපන්න කුමන්ත්‍රණය කළ විදේශ බලවේග ගැන ඔහු කියලා තියෙනවා.

65ea3ba5bfc93

නමුත්,
* මොනවද මේ බලවේග? ඒවායේ නම් මොනවාද? ඒවා මොන රටවලද පිහිටා තියෙන්නේ?

* ඒ කණ්ඩායම් හරි පුද්ගලයින් හරි මේ කුමන්ත්‍රණය කරන්න උදව් වෙච්ච්ච බවට තියෙන සාක්ෂි මොනවාද?

* ලංකාව ඇතුලේ මේ කුමන්ත්‍රණය කළේ මුදලට වැඩ කරන විරෝධතාකරුවන් කියලත් ඔහු කියලා තියෙනවා. එහෙම අයත් ඉන්න ඇති. නමුත් ලක්ෂ ගණනක් පාරට බැස්සේ සල්ලි අරන් නෙමෙයි කියන එක තාමත් දන්නේ නැත්තනම්, රාජපක්ෂ මහත්තයාගේ මෝහාන්ධකාරය මේ කපේට දුරු කරන්න බැහැ.

* ඒ වගේම තවත් රටක් මොනම හේතුවක් නිසාවත් ධුරය අත අරින්න එපා කියලා ඔහුට කිව්වලු. මොකක්ද ඒ රට? ඒ රටේ කව්ද එහෙම කිව්වේ, කවදාද, කොහොමද?

 මේ වගේ නිර්ණාමික පුස් වෙඩි තියන එක වැදගත් ලේකඛකයින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගේ එම්.ඒ. පන්තිවල ඉගෙන ගන්න ළමයින්ටත් මම මුල ඉදලම කියන්නේ, තමන් කියන දේට සම්පූර්ණ වගකීම ගන්න කියලා. ඒක කරන ප්‍රධානතම විදිය තමයි, අවශ්‍ය මූලාශ්‍ර හරියට යොදන එක. එහෙම නැත්නම්, බහුබූත නොලියන්න කියලා තමයි මම නම් සාමාන්‍යයෙන් කියන්නේ.

Gotabaya Rajapaksa Book 749478

මේ වගේ සරල නමුත් බරපතල ඇඟවුම් හිටපු ජනාධිපතිවරයෙක් වගකීමක් ඇතිව ලියන පොතකින් නම් මතුවෙන්න විදියක් නැහැ. නමුත් ඔහු කමල් ගුණරත්න සහ ශවේන්ද්‍ර සිල්වා වගේ අය ගැන ලියල තියෙන ඇතැම් දේ (ඔවුන් අවශ්‍ය වෙලාවට තමන්ට ආරක්ශාව සැලසුවේ නැති බව) අපි හැම දෙනාම දැක්ක දේ ආශ්‍රයෙන් තේරුම් ගන්න පුළුවන්.

මට පෙනෙන විදියට මේ පොත අයත් වෙන්නෙත් අජිත් නිවාඩ් කබ්රාල් ලිව්ව ‘ආර්ථික ඝාතකයින් මැද’ කියන පොත අයත්වෙන පොත් ගොඩටමයි. ඒ කියන්නේ, තමන්ගේ වැරදි අවංකව පිලිගන්න බැරි, ‘තමන් කළ හැමදේම  හරියට කළා සහ හැම වරදම කළේ අනික් උන්’ වගේ සටන් පාඨවලින් ජවය ලබන ආචාරධර්ම විරෝධී කතුවරුන් ගොන්නගේ පොත් අතරට. ඒ වගේ පොත් ලංකාවේ වගේ ම ලෝකයේ අනික් තැන්වලත් ඕනේ තරම් තියෙනවා. ඉදිරියටත් අනිවාර්යයෙන් පළවෙයි. නමුත් ඒවා සාමාන්‍යයෙන් ඉතිහාසයේ කුණු බක්කියේ හැර වෙනත් තැනක ඉතිරිවෙන්නේ නැහැ.

(සසංක පෙරේරා)
Sasanka Perera

 


(සසංක පෙරේරා නව දිල්ලි නුවර පිහිටා ඇති දකුණු ආසියානු විශ්ව විද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වරයෙකු වන අතර, ඔහු Society and Culture in South Asia නිබන්ධ සංග්‍රහයේ ප්‍රධාන සංස්කාරක වරයාද වෙයි.)
(උපුටා ගැනීම - සසංක පෙරේරාගේ ෆේස්බුක් පිටුවෙන්...)

සබැඳි ලිපි :

විමල් ඇයි අවුල්ද! - ගෝඨාභයගේ උපදේශක අසයි


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...