The Leader News
BREAKING
Top Ad
Opinion

චම්ඵකත් පොත කියෙව්වද! - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

March 10, 2024 • 6:09 PM

චම්ඵකත් පොත කියෙව්වද! - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහුම කියන ආකාරයට ගෝඨාභය එම පොත ලියා ඇත්තේ තමාට ඡන්දය දුන් හැට නව ලක්ෂය වෙනුවෙනි.
  • එයින් පෙනෙන්නේ පොතේ කවරය ඔහුට දැනී ඇති බවයි.
  • නමුත් නැවත කියන්නේ “ඇත්ත කුමන්ත්‍රණය ගෝඨාභය බලයට පත් කළ බලවේග විසින් කළා” කියාය.
  • චම්ඵක ඔයා පොතේ නමවත් හරියට කියවා නැති බව තමයි අපට පෙනෙන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහුම කියන ආකාරයට ගෝඨාභය එම පොත ලියා ඇත්තේ තමාට ඡන්දය දුන් හැට නව ලක්ෂය වෙනුවෙනි. එම පිරිසට අයත් නොවන චම්ඵක රණවක ගෝඨාභය මහතා විසින් රචිත පොත කඩිමුඩියේ මිලට ගෙන ඉතා ඕනෑකමින් කියවීම අපට අමතර වාසියකි. රාජපක්ෂලාට ඊර්ෂ්‍යා වෛර කරන චම්ඵක වැන්නවුන් පවා රාජපක්ෂලාගේ පොත් කියවීමට මෙතරම් උනන්දු වීම අගනේ ය.


පොත කියෙව්වා කීවාට චම්ඵක පොතේ අඩංගු කරුණු ගැන නම් නිශ්චිත යමක් කීවේ නැත. ඔහු කීවේ පොතේ කවරයේ තිබෙන ගෝඨාභයගේ රුව සහ නම ගැන පමණී. එයින් පෙනෙන්නේ පොතේ කවරය ඔහුට දැනී ඇති බවයි. ඔහු පළමුව කියන්නේ “කිසිදු කුමන්ත්‍රණයක් සිදු වී නැත” කියාය. නමුත් නැවත කියන්නේ “ඇත්ත කුමන්ත්‍රණය ගෝඨාභය බලයට පත් කළ බලවේග විසින් කළා” කියාය. එකක් කියන්නකෝ චම්ඵක කුමන්ත්‍රණයක් කළාද? නැද්ද?


පොතේ නම වන්නේ “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” යන්නයි. දැන් කිසියම් පිරිසක් විසින් ජනාධිපතිව ධුරයෙන් නෙරපන්න හැදුවද? නැද්ද? GotaGoHome කියන්නේ ධුරයෙන් නෙරපීම නොවේ නම් වෙන කුමක්ද? එය කුමන්ත්‍රණයක් නොවේ නම් වෙන අහවල් එකක්ද චම්ඵක? ජනරජයේ ජනතාව විසින් ප්‍රජාතාන්ත්‍රිකව තෝරා ගත් ජනතා නියෝජිතයෙක් එම ප්‍රජාතන්ත්‍රයෙන් බැහැරව කිසියම් පිරිසක් විසින් බලහත්කාරයෙන් ඉවත් කිරීම “කුමන්ත්‍රණයක්” නොවේ නම් චම්ඵක කියන්නේ එය “ත්‍රස්තවාදයක්” කියාද? එයත් ගැලපෙන වචනයක් හැබැයි. චම්ඵක ඔයා පොතේ නමවත් හරියට කියවා නැති බව තමයි අපට පෙනෙන්නේ. ඔහොම බැහැ ජනාධිපති අපේක්ෂකයන් වෙන්න. මීට පස්සෙවත් ඔහොම කලබල නොවී විවෘත මනසකින් මේවා කියවන්න ඕනා… හරිද!


කුමන්ත්‍රණය පිළිබඳව දත්ත, කරුණු සහ විස්තර සහිතව පොතේ පිළිවෙලට ලියා තිබියදී “එහෙම කුමන්ත්‍රණයක් වුණේ නැහැ” කියා කීමට චම්ඵක වැඩිපුර කලබල වීම කුතුහලය දනවයි. “කුමන්ත්‍රණයක් වුණේ නැහැ” කියා අපගේ විරුද්ධවාදීන් විසින් ජප කරන තරමට හොඳය. මන්ද එවිට සාමාන්‍ය ජනතාවට හිතෙන්නේ “සතුරා විසින් ඔච්චරම නැහැ කියනවා නම් මොනවා හරි වෙලා තියෙනවා” කියා ය. එබැවින් චම්ඵක විසින් දිගටම ඔය කතාව කිව යුතුය.


නමුත් රණවකගේ කතාවේ අවසාන කොටස ඉතා වැදගත්ය. එනම් “කුමන්ත්‍රණය කළේ ගෝඨාභය බලයට පත් කළ බලවේග” යන්නයි. ගෝඨාභය බලයට පත් කළේ සිංහල බෞද්ධ බලවේගය යි. ඒ බව සංඛ්‍යා සහිතව ගෝඨාභයගේ පොතේ ඔප්පු කර තිබේ. චම්ඵක නිකායේ චීවරධාරී ඕමල්පේත ෂෝබිත කීවෙත් “ගෝඨාභය ගියා… එතනින් සිංහල බෞද්ධ බලවේගය ඉවරයි” කියාය. එසේනම් චම්ඵක මේ කියන්නේ සිංහල බෞද්ධ ජනතාව ගැනයි. ඔහු කියන්නේ ගෝඨාභය බලයට පත් කිරීම වනාහී සිංහල බෞද්ධ බලවේගයේ කුමන්ත්‍රණයක් බවයි. ඒක ඇත්ත. චම්ඵකට ඒ සත්‍යය දරාගන්න අමාරුයි කියලත් අප දන්නවා. මොකද චම්ඵක හිතුවේ සිංහල බෞද්ධ ජනතාවගේ සහායෙන් පමණක් කිසිවෙකුට ලංකාවේ ජනාධිපති වෙන්න බැහැ කියා ය. තමන් විසින් මුසල්මානුවන්ට එරෙහිව නිර්මාණය කළ හලාල්-විරෝධයෙන් සිංහල-මුස්ලිම් වාර්ගික ගැටුමක් නිර්මාණය කළ චම්පක දැන් වෙස් මාරු කරගෙන පල්ලි අස්සේ රිංගන්නේ ඒ නිසාය. මුස්ලිම්කාරයන්ටත් ලැජ්ජාවක් නැති නිසා චම්ඵකට චුම්මා දෙයි.


නමුත් ගෝඨාභය රාජපක්ෂ පත්වන්නේ තනි සිංහල බෞද්ධ නායකයෙකු ලෙසිනි. එය ඓතිහාසික ජයග්‍රහණයකි. එය ඉතිහාසයේ ලියවී අවසන්ය. හැමදාම මෙන් චම්ඵකගේ පඬි ටෝක් චම්පච විය. ලංකාවේ හැටනව ලක්ෂයක අතිමහත් බහුතර සිංහල බෞද්ධ ජනතාව විසින් ගෝඨාභයව ජනාධිපති කරගැනීම චම්ඵකගේ ඉමක් නැති ඊගෝවට කම්මුල් පහරක් විය. අයිස් ටිකක් තියාගන්න.


ධර්මය ඔබට මග වේවා!

eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 මාර්තු 10

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...