The Leader News
BREAKING
Top Ad
Opinion

කුමන්ත්‍රණ නම් මොනාද මෙයා....(මහේෂ් හපුගොඩ ගේ වීඩියෝවක්)

T

The Leader Desk

March 12, 2024 • 3:33 PM

කුමන්ත්‍රණ නම් මොනාද මෙයා....(මහේෂ් හපුගොඩ ගේ වීඩියෝවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (impact factor) කියන එක මනින්න ගොඩක් විදියේ නිර්ණායක අද වෙනකොට ලෝකයේ ගොඩනැගිලා තියනවා.
  • හැබැයි කට්ටිය පිටකවරේ දිහා බලල ටිකක් මේක කියවන්න හෝ මිළදී ගන්න උත්සාහ කරපු බවනම් ආරංචියි.
  • මොකද ලියල පළකරන කොටම වගේ ඒකෙ කුමන්ත්‍රණ කතාව විදෙස් බලවේගවලට හරවල තිබ්බ නිසා සහ විදෙස් කුමන්ත්‍රණ කියන එක අහල අහලම තිත්ත වෙලා තියන හින්ද.
  • මිනිස්සු ගොඩක් වෙලාවට ඔය වගේ විශේෂ චරිතයක් ලියන දෙයක් කියවන්න උත්සාහ කරන්නේ මිනිස් පරිණත බවේ අන්තර් දැක්ම ඉගෙන ගන්න (introspection).
අකුරු ප්‍රමාණය (Font Size):

(impact factor) කියන එක මනින්න ගොඩක් විදියේ නිර්ණායක අද වෙනකොට ලෝකයේ ගොඩනැගිලා තියනවා. පොතක් පතක් උනත් එහෙමයි.

ජෝඩන් පීටර්සන් හරි යුවල් නොහා හරාරි හරි මුරකමි හරි අලුතෙන් පොතක් එළියට දැම්ම කියල කිව්වොත් ඒ ආරංචිය එක්කම උනත් ලොකු රැල්ලක් හැදෙනවා. ඒවායේ තියෙන්න පුළුවන් යම් බරපතල අන්තර්ගතයක් ගැන මිනිස්සු නිරායාසයෙන් හිතනවා.

ඒ කියන්නේ ඉහත නම් එක්ක තියන පිටකවරෙටම ලොකු බලපෑමක් කරන්න පුළුවන්. ඒකයි එයාලගේ නම් ලොකුවට පිටකවරේ තියෙන්නේ.

හිටපු ජනාධිපති වරයෙක් හැටියට ගෝඨා ලියුවා කියන ''කුමන්ත්‍රණ'' පොතේ සමාජ - ශාස්ත්‍රීය බලපෑම මොකක්ද කියල තවම හිතාගන්න අමාරුයි. හැබැයි කට්ටිය පිටකවරේ දිහා බලල ටිකක් මේක කියවන්න හෝ මිළදී ගන්න උත්සාහ කරපු බවනම් ආරංචියි. එහෙම උනත් ඒකෙ දේශපාලන බලපෑම උනත් ගොඩක් තියෙයි කියල හිතන්න බැහැ.

මොකද ලියල පළකරන කොටම වගේ ඒකෙ කුමන්ත්‍රණ කතාව විදෙස් බලවේගවලට හරවල තිබ්බ නිසා සහ විදෙස් කුමන්ත්‍රණ කියන එක අහල අහලම තිත්ත වෙලා තියන හින්ද.

බාහිර බලවේගයක් වෙත ප්‍රක්ෂේපනය කරපු ''කුමන්ත්‍රණයක්'' නිසා තමන්ට ජනාධිපතිධූරයේ දිගටම ඉන්න බැරිඋනා කියන එක ඇතුලේ නොකියවෙන දේ තමයි එම තනතුර තමන්ට කරගන්න බැරිඋනේ තමන් තුළම තිබ්බ දුර්වලතා - අඩුපාඩු - නොහැකියාවන් ප්‍රමාණයක් එක්ක කියන පුද්ගල අන්තර්දැක්ම (තමා වෙතම කරන නැවත හැරී බැලීම) ප්‍රධාන සාධකයක් හැටියට දකින්න නොලැබීම. ඒ සාධකය මඟහැරීම. ඒ දැක්ම එක්ක තමයි තනතුර නැති ගෝඨා කොතරම් පරිණත වෙමින් පවතීද කියන එක විනිශ්චය කරගන්න පුළුවන් වෙන්නේ.

තමන්ගේ ඊගෝ එක පැත්තකින් තියල තමන්ට වැරදුණේ කොතනද කියල කිව්වනම් අනාගත පරම්පරාවකට ඒක වටින්න තිබ්බ.

මිනිස්සු ගොඩක් වෙලාවට ඔය වගේ විශේෂ චරිතයක් ලියන දෙයක් කියවන්න උත්සාහ කරන්නේ මිනිස් පරිණත බවේ අන්තර් දැක්ම ඉගෙන ගන්න (introspection). එහෙම නැතුව කොහෙද යන කුමන්ත්‍රණයක් ගැන දැනගන්න නෙවෙයි.

කුමන්ත්‍රණ නම් නොතිබ්බේ කවද්ද මේ රටේ? හැබැයි ඒ තිබ්බ කියන කුමන්ත්‍රණය සාර්ථක විදියට අතික්‍රමණය නොකර දැන් ඒක ප්‍රවෘත්ති වාර්තාවක් හැටියට හිටපු ජනාධිපති කෙනෙක් කියන එකේ ඇති අලුත් දේ මොකක්ද?

කුමන්ත්‍රණයකට වඩා තිබ්බේ දැවැන්ත පීඩනයක් එක්ක ආපු ජනතා නැගිටීමක්...
ඒකයි ඇත්ත....

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...