The Leader News
BREAKING
Top Ad
Opinion

අපි ඉන්දියාවේ කොටසක් ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

March 16, 2024 • 4:03 PM

අපි ඉන්දියාවේ කොටසක් ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපි ඒකට ගොඩක් කලබල වෙනවා කියන්නේ ඇත්තටම අපේ අවිඥාණයේ එහෙම එකක් වැඩකරනවා කියන එක.
  • අපි ඇත්තටම මේ වෙනකොට ඉන්දියාවේ කොටසක් වෙලා තිබ්බත් සවිඥානිකව අපි ඒක අමතක කරන්න හදනවා නම් එතකොට අර සත්‍යය අපේ කඳ බඩ හරහා යනවා.
  • දැන් හිතන්න කෙනෙක් අපිට ජෝක් එකක් කරොත් මොකක් හරි නෙගටිව් (negative) දෙයක් කියල අපි ඒකට ගොඩක් කලබල වෙනවා කියන්නෙම අර ජෝක් එක ඇත්තක් කියල බරපතල විදියට ගන්නවා කියන එක.
  • නිකම් හිතන්න අඩෝ උඹ නම් මහා වැඩකට නැති එකෙක් කියල කවුරුහරි කිව්වොත් ඒකට ඩෝන් යන්නේ අර කිව්ව දේ ඇත්ත නිසා.
අකුරු ප්‍රමාණය (Font Size):
අපි ඒකට ගොඩක් කලබල වෙනවා කියන්නේ ඇත්තටම අපේ අවිඥාණයේ එහෙම එකක් වැඩකරනවා කියන එක.

ඒ කියන්නේ ඒක අපිට ලෙහෙසියෙන් අමතක කරලා දාන්න බැරිතරම් බරපතල දෙයක් කියන එක.

අපි ඇත්තටම මේ වෙනකොට ඉන්දියාවේ කොටසක් වෙලා තිබ්බත් සවිඥානිකව අපි ඒක අමතක කරන්න හදනවා නම් එතකොට අර සත්‍යය අපේ කඳ බඩ හරහා යනවා. අමතක කරලා හිටපු ''සත්‍යයක්'' වචන හැටියට අපේ මූණේ හැපුනාම අපිට කේන්ති යනවා. ඒ නිසා අපි ප්‍රතිචාර දක්වනවා.

දැන් හිතන්න කෙනෙක් අපිට ජෝක් එකක් කරොත් මොකක් හරි නෙගටිව් (negative) දෙයක් කියල අපි ඒකට ගොඩක් කලබල වෙනවා කියන්නෙම අර ජෝක් එක ඇත්තක් කියල බරපතල විදියට ගන්නවා කියන එක. ඒ කියන්නේ අපි නෙගටිව් කියන එක.

නිකම් හිතන්න අඩෝ උඹ නම් මහා වැඩකට නැති එකෙක් කියල කවුරුහරි කිව්වොත් ඒකට ඩෝන් යන්නේ අර කිව්ව දේ ඇත්ත නිසා. එහෙම නැතුව මම මේ ලෝකෙට යම් ප්‍රයෝජනවත් මිනිහෙක් නම් අර වගේ කතාවකින් අපි එච්චර සැලෙන්නේ නැහැ. මොකද අපේ හිත දන්නවා එහෙම නෙවෙයි කියල.

එච්චර හිතන්නේ නැතුව (අවිඥාණිකව) හරීන් ප්‍රනාන්දු කිව්ව ඒ ''සත්‍යය'' අපිට එච්චර වැදුණේ ඒක ඇත්තටම සත්‍යය නිසා කියල මට හිතෙනවා.
ජෝක් එකක් - කට වැරදීමක් කියන්නේ සත්‍යය අපි තුළින් අපිටත් නොදැනීම එළියට පැනීමක්...

අපි තුළ ලොකු ඉන්දියානු කොටසක් තියනවා (part). ඒක අපිට මරා දමන්න බැහැ. ඒක තමයි සත්‍යය.

මේ වීඩියෝව ඒ ගැන.
 

 
Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අපි ඉන්දියාවේ කොටසක් ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ) | The Leader