The Leader News
BREAKING
Top Ad
Opinion

අනුරාධා යහම්පත්ට ලැජ්ජාවක් නැද්ද - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

March 17, 2024 • 11:51 AM

අනුරාධා යහම්පත්ට ලැජ්ජාවක් නැද්ද - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිය කුණුහරුප යූටියුබ් චැනල් හරහා ලක් තාරුණ්‍ය “ගොබ්බකරණය” කළ ගංජාකාරයන් ලංකාවේ මහා අරගලකාරයන් බවට පත් කළේ දිලිත් ජයවීර ය.
  • රාජපක්ෂ පිළිරුව බිමට සමතලා කර පොහොට්ටුවේ සාමාජිකයන්ට අමානුෂික ලෙස පහර දුන් සාහසික අරගලකාරයා දිලිත්ගේ පක්ෂයේ රැස්වීම් සංවිධායක ය.
  • වියත්මග රැස්වීම් අතරතුර යහම්පත් මහත්මිය මා හට මුණ ගැසී ඇත.
  • නමුත් ඇයට ලක් ඉතිහාසය හෝ බුද්ධ ධර්මය හෝ දේශපාලනය හෝ පිළිබඳව ගැඹුරු කියවීමක් නැති බව ඇය සමග කතාවෙන් මට පැහැදිලි විය.
අකුරු ප්‍රමාණය (Font Size):

සිය කුණුහරුප යූටියුබ් චැනල් හරහා ලක් තාරුණ්‍ය “ගොබ්බකරණය” කළ ගංජාකාරයන් ලංකාවේ මහා අරගලකාරයන් බවට පත් කළේ දිලිත් ජයවීර ය. ඩී. ඒ. රාජපක්ෂ පිළිරුව බිමට සමතලා කර පොහොට්ටුවේ සාමාජිකයන්ට අමානුෂික ලෙස පහර දුන් සාහසික අරගලකාරයා දිලිත්ගේ පක්ෂයේ රැස්වීම් සංවිධායක ය. දෙරණට පැන්නා සේ පෙන්වීමට බොරු ෂෝ එකක් දැමූ අරගලකාරයා අද දිලිත්ගේ වේදිකාවේ කථිකයෙකි. ජනාධිපති ධුරයෙන් ගෝඨාභය නෙරපීමේ කුමන්ත්‍රණයේ දිලිත්ගේ කාර්යභාරය අතිවිශිෂ්ට ය. මට ප්‍රශ්නය තියෙන්නේ එවැනි අපතයන් සමග එකට ලගින්නට මහා ජාතිකවාදී අනුරාධා යහම්පත් මහත්මියට ලැජ්ජාවක් නැතිද යන්න ය.

 



වියත්මග රැස්වීම් අතරතුර යහම්පත් මහත්මිය මා හට මුණ ගැසී ඇත. ඇය හදවතින්ම ඊනියා ජාතිකවාදිනියකි. නමුත් ඇයට ලක් ඉතිහාසය හෝ බුද්ධ ධර්මය හෝ දේශපාලනය හෝ පිළිබඳව ගැඹුරු කියවීමක් නැති බව ඇය සමග කතාවෙන් මට පැහැදිලි විය. එහෙත් ඇය හදවතින්ම එම සිංහල බෞද්ධ අදහස වෙනුවෙන් පෙනී සිටියි. ඊනියා ජාතිකවාදී ප්‍රකාශකයන්ගේ අතාර්කික කතා කිසිදු විභාගයකින් තොරව ඉස් මුදුණින් පිළිගන්නා පිරිසක් සිටී. ඇය එවැන්නෙකි. එක්තරා රැස්වීමක් අතරතුර ඇයගේ බළල් ඇස් ගැන එහි සිටි අයෙකු නොමනා විහිළුවක් කළේය. “සුද්දා ගම් පළාතේ ගිහිල්ලා තියෙනවා” යනුවෙන් ඔහු සරදම් කළ විට ඇය මහත් අපහසුතාවයට පත් විය. වහාම ඉදිරිපත් වූ මා ඔහුගේ එම ප්‍රකාශයේ ඇති වරද ජාන විද්‍යාත්මකව පැහැදිලි කර ඇය අස්වැසුවෙමි.

EJhmXUnVAAE9C6Iගෝඨාභය රාජපක්ෂ විසින් දිලිත් ජයවීරව ඔය කියන තරම් ගණන් ගත්තේ නැත. ගෝඨාභය කිසිවෙකු ඕනෑවට වඩා ගණන් ගන්නේ නැත. ඔහු වැඩකරන්නේ ඔහුගේම වූ ස්වාධීන ලෝක දැක්මට අනුව ය. ඔහුගේ පොත තුළින් ඔහුගේ එම ජීවිත දැක්ම ඉස්මතු වේ. දිලිත්ට අවශ්‍ය වූයේ ගෝඨාභයව විකුණාගෙන තමන්ගේ බල ව්‍යාපෘතිය සාක්ෂාත් කර ගැනීමටය. ඒ සඳහා ඔහු කළේ “ගෝඨාභය vs රාජපක්ෂ” යන අදහස මාරකටින් කිරීමයි. බොරුව මාරකටින් කිරීම දිලිත්ගේ උපන් හැකියාවයි. එය කෙතරම් ප්‍රබල වීද යත් අවසානයේ රාජපක්ෂලා පවා එය ඇත්ත යැයි විශ්වාස කළෝය. ඉදින් ජනතාව ගැන කවර කතාද! 

නමුත් දිලිත් බලාපොරොත්තු නොවූ දෙයක් සිදු විය. එනම් ගෝඨාභය රාජපක්ෂ සිය ජනපති ධුරයෙන් ඉවත් වීමයි. මොන කයිවාරු ගැහුවත් තමන් මාරකටින් කරන ගෝඨාභය යනු කවුදැයි දිලිත් හරියට දැන සිටියේ නැත. දිලිත්ගේ දීර්ඝ කුමන්ත්‍රණය (Long Conspiracy) එයින් අසාර්ථක විය. දිලිත් දැන් කරන්නේ ඔහුගේ කුමන්ත්‍රණයේ කෑලි ටික අහුලාගෙන පක්ෂයක් මිලට ගෙන ඔහු විසින් නිර්මාණය කළ අරගලයේ ගංජාකාරයන්ගේ පිහිටෙන් සිය පුද්ගලික බල ව්‍යාපෘතිය ඇදගෙන යෑමට උත්සාහ කිරීමයි. අනුරාධා යහම්පත් මැතිණිය දිලිත්ගේ කරත්තෙයේ ඉදිරියෙන්ම බැඳ තිබෙනු දකින විට අපට “අනිච්චේ සංසාරේ” යැයි කියැවේ. 

 

Dearana
එක අතකට දිලිත් කරන දෙය හොඳය. දැන් හොඳටම බෙලහීන වී තිබෙන නලින් ද සිල්වා වැන්නවුන්ගේ ඊනියා ජාතිකවාදය නැත්තටම නැති කළ හැක්කේ දිලිත්ට ය. දශක පහක් පමණ තිස්සේ බෞද්ධ සිංහල ජනතාව ලෝබයෙන් ද්වේශයෙන් මෝහයෙන් මත් කළ කළ එම ඊනියා ජාතිකවාදය අද පොහොට්ටුවෙන් විතැන් වී ස්වාධීනව හිටගන්නට නොහැකිව අනුකම්පා සහගත ලෙස දිලිත් නමැති පුද්ගල නාමරූපය උපාදාන කර තිබීම හොඳ දෙයකි. මේ දවස්වල නෝම්බි අල්ලා අරින දිලිත් සහ ඔහුගේ අරගලකරුවන් විසින් ද සිල්වලාගේ ජාතිකවාදයට අවසාන ඇණය ගසනු ඇත. අලුතෙන් වර නැගීමට අනවැසි බෞද්ධ සිංහල රාජ්‍යය එවිට නැවත ඉස්මතු වනු ඇත.

ධර්මය ඔබට මග වේවා!

ඊළඟ අරගලය - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 මාර්තු 17 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අනුරාධා යහම්පත්ට ලැජ්ජාවක් නැද්ද - (එරන්ද ගිනිගේ) | The Leader