ප්‍රජාව අන්තර් ජාතික කුමන්ත්‍රණයක කොටස්කරුවන් බවට චෝදනා කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ ඕපා දූප යූටියුබ් වැනලයක් වන ‘ට්‍රත් විත් අහවලා’ සමඟ එක්වෙමිනි. එම ‘අහවලා’ ද සිය උග්‍ර ජාතිවාදය කැත නැතිවම වමාරන අයෙකි.
සුගීශ්වර බණ්ඩාර පසුගිය පෙබරවාරි 19වනදා දක්වා ගෝටාගේ පුද්ගලික ලේකම් ලෙස වැටුප් ලබා ගත්තේය. එදින ඉල්ලා අස්වූ ඔහු කතෝලිකයකු වන නිමල් ලංසාගේ දේශපාලන කැරොල් කරත්තයට ගොඩ විය.
ඔහු නිමල් ලංසාගේ දේශපාලන කැරොල් කරත්තයට ගොඩ විය
ඊට පෙර සිටම රනිල් රාජපක්ෂ ඔහුට ජනාධිපති කාර්යාලයේ විශේෂ තනතුරක්ද කාර්යාලයක් ද ලබා දී තිබුණි. දැන් සුගීශ්වර බණ්ඩාර රනිල් රාජපක්ෂගේ විශ්වාසවන්තයෙකි. එබැවින්ම නිමල් ලංකා ඔහු සිය දේශපාලන හවුලේ කොළඹ ප්‍රධාන සංවිධායක වශයෙන් පත් කරන ලදී. නිමල් ලංසාට ද ජනාධිපති කාර්යාලයේ විශේෂ ස්ථානයක් තිබේ.
‘අවහලා’ සමඟ එක්වෙමින් සුගීශ්වර බණ්ඩාර කියන්නේ 2022 මාර්තු 31වන දින ගෝටාගේ නිවස ඉදිරිපිට පවත්වන ලද විරෝධතාවය මුස්ලිම් මිනිසුන් විසින් සංවිධානය කරන ලද එකක් බවත් ඔවුන් ත්‍රස්තවාදීන් බවත්ය.
එම විරෝධතාවයට සහභාගී වූ 53 දෙනෙකු මිරිහාන පොලිසිය විසින් අත්අඩංඟුවට ගන්නා ලදී. මෙම 53 දෙනා අතර මුස්ලිම් අය සිටියේ නම් එක්කෙනෙකු දෙදෙනෙකු පමණක් විය යුතුය. ගෝටාගේ නිවස ඉදිරිපිට විරෝධතාවයට එක් වූ අති බහුතරය සිංහල බෞද්ධ පසුබිම් කෙරෙන් පැමිණි අය වූහ. එනමුත් රනිල් රාජපක්ෂගේ විශ්වාසවන්ත කොළඹ ලොක්කකු වන
සුගීශ්වර බණ්ඩාර කියන්නේ ගෝටාගේ නිවස වැටලීම පමනක් නොව සමස්ත අරගලයම මුස්ලිම්, කතෝලික සහ දෙමළ ඩයස්පොරාවේ වැඩ සටහනක් බවයි.
මෙම අමූලික මුසාවක් බව අරගලයට එක වූ මිලියන ගණනාවක ජනයා දන්නා අතර දෙස් විදෙස් විශ්ලේශකයින් විසින් ද පෙන්වා දී තිබේ.
මෙම වර්ගවාදී ප්‍රහාරය දියත් කර ඇත්තේ රනිල් රාජපක්ෂට නොලැබෙන එම ප්‍රජාවන්ගේ ඡන්දය ලබා ගැනීම ද්‍රෝහී කමක් ලෙස මෙම මැතිවරණ වර්ශයේ දී පින්තාරු කිරීමටය.
බෞද්ධ භික්ෂුහු සිය ගණනින් අරගලය භූමියට වැඩම කළහ
ගෝල්ෆේස් අරගලයට සැබෑ සහායක් නොලැබුණූ ප්‍රදේශ වී නම් ඒ දෙමළ මුස්ලිම් ප්‍රජාව බහුතරයක් වන ප්‍රදේශයන්ය. බෞද්ධ භික්ෂුහු සිය ගණනින් අරගලය භූමියට වැඩම කළහ.
රනිල් රාජපක්ෂගේ මෙම දේශපාලන වෙඩික්කාරයා ඇත්ත වශයෙන්ම නම් ගෝටාගේ අවතාරයකි. ඔහු අතිශයෝක්තියට නඟා වමාරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ බහුබූත කුමන්ත්‍රණ න්‍යායයි.
රනිල් රාජපක්ෂගේ මෙම දේශපාලන වෙඩික්කරුට අනුව, ගෝටා එළවා දමන ලද්දේ මෙරට ජනතාව නොව ඇමෙරිකාව, ස්විස්ටර්ලන්තය වැනි රටවල් විසිනි.
ඔහු අතිශයෝක්තියට නඟා වමාරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ බහුබූත කුමන්ත්‍රණ න්‍යායයි
ගෝල්ෆේස් අරගල බිමෙහි රනිල්ගේ යූඅඇන්පිය ද විය. එපමණක් නොව රනිල් වික්‍රමසිංහ රනිල් රාජපක්ෂ බවට පත්වන තුරු අරගලය ආරක්ෂා කළ යුතු බව කියා සිටි වංචනිකයෙකි.
මැතිවරණ උණුසුම සමඟ ජාතිවාදී මඩවල කැලතීමෙහි යෙදී සිටින රනිල් රාජපක්ෂගේ මෙම වෙඩික්කරු තුවක්කුව එල්ල කර ගෙන ඉන්නේ පසුපසට බැවින්, එම වෙඩිල්ලෙන් ඝාතනය වනු ඇත්තේ රනිල් රාජපක්ෂගේ ව්‍යාජ සංහිදියා දේශපාලනයයි.
(අසෝක ජයවර්ධන)
(උපුටා ගැනීම -srilankabrief.org)




