The Leader News
BREAKING
Top Ad
Opinion

අවන්තගේ රනිලියානු සත්‍යය.... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

March 18, 2024 • 9:36 AM

අවන්තගේ රනිලියානු සත්‍යය.... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එනම් ඒ ''සැබෑව'' යන්න ලකානියානු රියල් (Real) යන්නට සමාන්තර ලෙස ගැටගසා ඇති හෙයින් ය. රියල් (The Real) යනුවෙන් ලකාන් අදහස් කරන 'යථාව' යනු කිසිම තිරයක (screen) ආධාරය නොලබන්නකි.
  • එය මුණගැසීම එනිසා අසීරුය. තිරයට පිටුපසින් ඇති බිබික්කමක් නැත.
  • දෙවියන් ඉන්නවා යැයි කිවූවද ඇති දෙවියෙක් නැත.
  • නැති දෙවියෙක් ඇතැයි කියමින් තිරය ළඟ ඉන්නේ කපුවෙක්ය.
අකුරු ප්‍රමාණය (Font Size):


(මෙය කාටූනයට අදාළ සටහනක් පමණි). 

මනෝවිශ්ලේෂණය සත්‍යයක් නම්, දෙවියන් මියගිය බව ද සත්‍යයක් නම්, අවන්ත ආටිගල සත්‍යයක් නම්, රනිල් වික්‍රමසිංහ ද සත්‍යයක් නම්, ඉඳින් මේ සමඟ අමුණන කාටූනය වනාහී රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කාටූන් ශිල්පියෙක් ඇඳි හොඳම සමකාලීන ලාංකික කාටූනය වන්නේය. 

එසේම රනිල්ගේ ප්‍රචාරක බලකාය විසින් ඉතාම හොඳින් මාකට් කලයුතු කාටූනය ද මෙය වන්නේය. 

 

සැබෑව' : රනිල් අද කුලියාපිටියෙන් ජනපතිවරණ සටන අරඹයි

එය දැනටමත් රනිල් ප්‍රචාරණ යාන්ත්‍රණය විසින් කලඑළි බස්වා ඇති ''සැබෑව'' (Reality) ප්‍රචාරක ටැග් ලයිනය සමඟද නියමෙටම පෑහෙන්නේ ය. එනම් ඒ ''සැබෑව'' යන්න ලකානියානු රියල් (Real) යන්නට සමාන්තර ලෙස ගැටගසා ඇති හෙයින් ය. 

රියල් (The Real) යනුවෙන් ලකාන් අදහස් කරන 'යථාව' යනු කිසිම තිරයක (screen) ආධාරය නොලබන්නකි. තිරයක් නොමැතිව පවතින්නකි. එනම් එය ඇත්තේ හෙළුවෙන් ය. අමු හෙළුවෙන් ය. අමුම අමු හෙළුවෙන් ය. එය මුණගැසීම එනිසා අසීරුය. 

තිරයට පිටුපසින් ඇති බිබික්කමක් නැත. දෙවියන් ඉන්නවා යැයි කිවූවද ඇති දෙවියෙක් නැත. නැති දෙවියෙක් ඇතැයි කියමින් තිරය ළඟ ඉන්නේ කපුවෙක්ය. දෙවියන් නැති බව ඌ දන්නවා උනත් කාසි (චන්ද) නිසා ඌ ඉන්නේ දෙවියන් ඇති සැටියට ය. ඒ නිසා ඇත්තටම පවතින්නේ තීරය ය. 

ඉතිහාසය තුළ තිරය මේ අයුරින් දෘෂ්ටිවාදයේ ආරම්භය සහිටුහන් කරන්නේ ය. 

තිරය නිසා අපි හිතන්නේ තිරයට පිටුපසින් මොකක් හෝ ඇති කියාය. එය දෙවියන්ගේ හෝ කපුවාගේ ප්‍රශ්නයක් නොව අපේ ප්‍රශ්නයකි. තිරය කරන්නේ අපේ රෝගී ප්‍රක්ෂේපනයට උදව් දීමක් පමණකි. 

 

රනිල් රාජපක්ෂ පරාජය කිරීමට පෙළ ගැසීම‍ දවසේ අභියෝගයයි - (සුනන්ද දේශප්‍රිය)

අවන්තට අනුව රනිල් කර ඇත්තේ තිරය ඉවත්කර අපිට යථාව මුණගැසීමට සැලැස්වීමකි. කෙලින් ම දෙවියන් නැති බව නිරුවත් ලෙස පෙන්වීමකි. එය සාමාන්‍ය දේශපාලඥයින් කිසිදා නොකරන දෙයකි. ඒ නිසාම අවන්තගේ ඉතුරු දෙදෙනා එසේ කර නැත. කාටූනයට අනුව එය රනිල් විසින් කළ රැඩිකල් වැඩකි. 

අවන්තගේ රනිල් වැඩිය සීනුව හොලවන්නේ ද නැත. ඒ මාකට් කිරීමට තරම් දෙවි කෙනෙක් නැති හෙයින් ය. මේ අයුරින් තිරය නම් දෘෂ්ටිවාදය ඉවත්කර යථාවේ දේශපාලනය ආරම්භ වන්නේය (The ploitics of the Real). 

තිරය ඉවත්කර ඇති හෙයින් දෙවියන් නැත. දෙවියන් නැති හෙයින් දේවාලයක් නැත. දේවාලයක් නැති නිසා කපුවෙක්ද නැත. දෙවියන් නැති නිසා යක්ෂයක් ද නැත. 

කිසිවක් වසන්කර නැති නිසා බිමට වැටීමට කලිසමක් නැත. සමට යටින් නිරුවතක් ද නැත. දෘෂ්ටිවාදය ඉවත් වූ පසු අවසානයේ කිසිවක් ම නැත. ඇත්තේ ගැඹුරු ශුන්‍යබවක් පමණි. එයට මුහුණ දීමට ධෛර්යය අවශ්‍යය. 

දැන් තේරීම ඔබට බාරය. 

අරවින්ද නම් වූ බටහිරයා.... (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අවන්තගේ රනිලියානු සත්‍යය.... - (ආචාර්ය මහේෂ් හපුගොඩ) | The Leader