The Leader News
BREAKING
Top Ad
Opinion

හම්බෝ බැසිල් - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

March 19, 2024 • 10:15 AM

හම්බෝ බැසිල් - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම කොල්ලන්ට අනුකම්පාවෙන් ඔවුන්ගේ බොළඳ කයි කතන්දර අතාර්කික හිස් ප්‍රලාප ඉවසමින් සිංහයා සිනාසෙමින් සිටියේ ය.
  • ඒ බව දන්නා බැසිල් රෝහණ රාජපක්ෂ ඒවා ඉවසමින් ඉතාම සන්සුන්ව සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නේ ය.
  • රටේ ප්‍රභූ තන්ත්‍රයට එම චැනල් විසින් කරදී ඇති එම මෙහෙවර සුළු පටු නොවේ.
  • සලකුණට යන කිසිම දේශපාලන නියෝජිතයෙකු අර කොල්ලන් තුන් දෙනා සමග වාද කරන්නට නොයෑ යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):

එම කොල්ලන්ට අනුකම්පාවෙන් ඔවුන්ගේ බොළඳ කයි කතන්දර අතාර්කික හිස් ප්‍රලාප ඉවසමින් සිංහයා සිනාසෙමින් සිටියේ ය. සාමාන්‍යයෙන් එම වැඩසටහන නොබලන මට ඊයේ සාකච්ඡාව බෙහෙවින් රසබර අත්දැකීමක් විය. 

 


චමුදිත මුලින්ම TNL එකේ ජනහඬ කළ චූටි චමුදිතම ය. ඔහු එක අඟලක් හෝ සිය මාධ්‍ය වෘත්තියේ ඉදිරියට ගොස් නොමැත. යන්නට අවශ්‍යත් නැත. මන්ද එදත් අදත් ඔහු විසින් ආමන්ත්‍රණය කරන්නේ ලංකාවේ මෝඩම ප්‍රේක්ෂක සෙග්මන්ට් එකයි. ගොසිප්වලට වඩා දෙයක් තේරුම් ගැනීමට එම ප්‍රජාවට නොහැකි ය. අනෙක් උන් දෙන්නා නම් අනේ අහිංසක අතාර්කික මෝඩයන් ය. ඒ බව දන්නා බැසිල් රෝහණ රාජපක්ෂ ඒවා ඉවසමින් ඉතාම සන්සුන්ව සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නේ ය. පොහොට්ටුවේ පමණක් නොව අනෙක් සියලුම පක්ෂවල කථිකයන්ට මෙය වටිනා පාඩමකි.

ලංකා සමාජය තුළ ඔඩුදුවා ගොස් තිබෙන දේශපාලන මුග්ධභාවයට වැඩිපුරම වගකිව යුත්තේ මාධ්‍යකාරයන් ය. අප කුඩා කල පැවති හරවත් මාධ්‍යකරණය සිරස සහ TNL වැනි ගොඩේ මාධ්‍යකාරයන් විසින් බිඳ දමන ලදී. පසුව හිරු සහ දෙරණ වැනි සෝ ගොඩේ චැනල් විසින් එම ගොබ්බ්කරණ ව්‍යාපෘතිය වෙනම ලෙවල් එකකට ගෙන යන ලදී. රටේ ප්‍රභූ තන්ත්‍රයට එම චැනල් විසින් කරදී ඇති එම මෙහෙවර සුළු පටු නොවේ. දැන් අපි එම යථාර්තය පිළිගත යුතුය. ලක් සමාජය වෙනස් කළ නොහැකි ය. අප කළ යුත්තේ එයට ගැලපෙන ආකාරයට දේශපාලනය කිරීම පමණී. ගෝඨාභය මෙන් ඔවුන්ව එම මුග්ධත්වයෙන් මුදා ගන්නට යෑම කිසිසේත්ම තේරුමක් නැත.

salakuna 3

 

සලකුණට යන කිසිම දේශපාලන නියෝජිතයෙකු අර කොල්ලන් තුන් දෙනා සමග වාද කරන්නට නොයෑ යුතුය. ඔවුන් කියන දෙයක් කියන්නට දී ඔබ නිහඬව සිටිය යුතුය. ඔවුන්ගේ ගොබ්බ ප්‍රශ්නවලට බුද්ධිමත් පිළිතුරු දෙන්නට නොයෑ යුතුය. කෙටි පිළිතුරු දී ඔවුන්ව තව තවත් ෆෝර්ම් කළ යුතුය. ඔවුන්ගේ ප්‍රකාශය වැරදි නම් එය වැරදි යැයි කීම ප්‍රමාණවත් ය. කෙටියෙන්ම කිව්වොත් වැඩසටහනේ කාලයෙන් වැඩිපුර වේලාවක් ඔවුන්ට කියවන්නට දී ඔබ එයින් ආතල් එකක් ගත යුතුය. එවිට ඔවුන් මෙන්ම බලා සිටින ඔවුන්ගේ මාර්කට් එකත් සෑහීමට පත් වේ. ඔවුන්ගේ අසහනය සංසිඳේ.

 

රූපවාහිනී නාලිකා, නියාමනයට විරුද්ධවන්නන් සොයයි - (ආචාර්ය ප්‍රදීප් එන්'  වීරසිංහ)
දේශපාලන නියෝජිතයා අමුතුවෙන් ජනතාව ගොනාට අන්දන්නට අවශ්‍ය නැත. ලංකාවේ මාධ්‍ය ආයතන ඒ කාර්යය ඉතාම හොඳින් ඉටු කර දෙයි. දිලිත් ජයවීර, රෙන සිල්වා, කිලී මහරාජා, සුබාස්කරන් අල්ලිරාජා පන්නයේ ඉර හඳ උලා කාපු උන්ට හැකි තරම් මාධ්‍ය ලයිසන් දිය යුතුය. ඔවුන් තරගයට ජනතාව මොට කරයි. එවිට එම සිස්ටම් එක වෙනස් කරන්නට හදන ගෝඨාභය වැන්නවුන්ට එම මෝඩ ජනතාව යොදාගෙන ව්‍යවස්ථාව උල්ලංඝනය කර නැවත සිස්ටම් එක ආරක්ෂා කරගත හැකිය. ශවේන්ද්‍ර කියද්දීත් අල්ලිරාජාට ලයිසන් එක නොදී සිටියේ අපරාදේ. එහෙම කළා කියා සිංහල බෞද්ධ ජාතිකවාදීන් එකෙක්වත් ගෝඨාභයගේ ආරක්ෂාවට පැමිණියේ නැත. දේශපාලනය කරනවා නම් ඔබ නිතරම මෙය සිහි තබා ගන්න: “මෝඩ ජනතාවක් පාලනය කිරීම ඉතා පහසුය”. දිස් ඉස් පොලිටික්ස්.

ඊළඟ අරගලය - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 මාර්තු 19 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...