The Leader News
BREAKING
Top Ad
Opinion

පුරන් අප්පු සහ දේවසිරි අප්පො - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

March 27, 2024 • 8:16 AM

පුරන් අප්පු සහ දේවසිරි අප්පො - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සඳහා ඔහු ලන්දේසින්ට එරෙහිව සිදුකළ කැරැල්ලක් ගැන අන්තර්ජාලයේ නොමිලේ තිබෙන PDF පොතක පරිච්ඡේද දෙක තුනක් සිංහලට පරිවර්තනය කර මුදලට විකුණන පොතකුත් එළිදක්වා තිබේ… දේවසිරිගේ අනෙක් සියලු ප්‍රවාද මෙන්ම මෙයත් ඉතාම බොළඳ තර්කන ආභාසයකි. නිර්මාල් බොහෝ විට පුරන් අප්පු උදාහරණයට ගනී.
  • මොරටුවේ ඉපිද හැදුණු වැඩුණු මා ඇතුළු මොරට්ටන්ට පුරන් අප්පු වීරයෙකි.
  • බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව 1848 මාතලේ කැරැල්ලට නායකත්වය දුන්නේ පුරන් අප්පු ය.
  • නිර්මාල්ගේ අවිඥානක ෆැන්ටසිය පුරන් අප්පු බව පෙනේ.
අකුරු ප්‍රමාණය (Font Size):
ඒ සඳහා ඔහු ලන්දේසින්ට එරෙහිව සිදුකළ කැරැල්ලක් ගැන අන්තර්ජාලයේ නොමිලේ තිබෙන PDF පොතක පරිච්ඡේද දෙක තුනක් සිංහලට පරිවර්තනය කර මුදලට විකුණන පොතකුත් එළිදක්වා තිබේ… දේවසිරිගේ අනෙක් සියලු ප්‍රවාද මෙන්ම මෙයත් ඉතාම බොළඳ තර්කන ආභාසයකි. 

නිර්මාල් බොහෝ විට පුරන් අප්පු උදාහරණයට ගනී. එයට එක් හේතුවක් විය හැක්කේ පුරන් අප්පුගේ උපන් ගම නිර්මාල් හැදුණු වැඩුණු මොරටුව වීම විය හැකිය. මොරටුවේ ඉපිද හැදුණු වැඩුණු මා ඇතුළු මොරට්ටන්ට පුරන් අප්පු වීරයෙකි. බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව 1848 මාතලේ කැරැල්ලට නායකත්වය දුන්නේ පුරන් අප්පු ය. නිර්මාල්ගේ අවිඥානක ෆැන්ටසිය පුරන් අප්පු බව පෙනේ. නමුත් එහි මූලික අවුලක් ඇත. පුරන් අප්පු සටන් කළේ ආක්‍රමණයෙන් ජනතාව යටත් කළ අධිරාජ්‍යවාදීන්ට එරෙහිවය. අරගල නායක දේවසිරි සටන් කළේ ජනතාව විසින්ම සාධාරණව තෝරාගත් ජනාධිපති සහ ආණ්ඩුවට එරෙහිවය. මේ දෙක සපුරා වෙනස් ය.
 
ගෝඨාභය පොහොට්ටු පක්ෂයේ නායකත්වයට !ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වන්නේ ආක්‍රමණයකින් නොවේ.
 
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වන්නේ ආක්‍රමණයකින් නොවේ. ඔහු ජනාධිපති වන්නේ නිදහස් හා සාධාරණ වරණයක ප්‍රකාශිත ජනතා ඡන්දයෙනි. පොහොට්ටුව ආණ්ඩුව පිහිටුවන්නේ ලක්ෂ හැට අටක ජනතාවගේ නිදහස් හා සාධාරණ ඡන්දයෙන් මිස ආක්‍රමණයකින් නොවේ. පෘතුගීසින් හෝ ලන්දේසින් හෝ බ්‍රිතාන්‍යයන් හෝ පාලනය ගන්නේ බලහත්කාරයෙනි. ආක්‍රමණයෙනි. මර්දනයෙනි. ජනතාව විසින් ඔවුන්ව තෝරා ගත්තේ නැත. මේ අතිශය වැදගත් මූලික වෙනස කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය උගන්වන නිර්මාල් දේවසිරිට තවම තේරුම් ගොස් නැත.
71 අරගලය පිළිබඳ නොබැලූ පැතිකඩක්..! - (රන්ජන සේනානායක)ජනතා විමුක්ති පෙරමුණ පවා ඔවුන්ගේ 1971 කැරැල්ල සහ 1988-89 කැරැල්ල උඩරට කැරැල්ලට සමාන කරනු මා දැක තිබේ.
 
මෙම තර්කන වරද හඳුන්වන්නේ False Equivalence කියා ය. නිර්මාල්ගේ ප්‍රකාශ බොහෝමයක් මෙවැනි තර්කන ආභාසවලට හසුවන බොළඳ ප්‍රලාපයන් ය. ජනතා විමුක්ති පෙරමුණ පවා ඔවුන්ගේ 1971 කැරැල්ල සහ 1988-89 කැරැල්ල උඩරට කැරැල්ලට සමාන කරනු මා දැක තිබේ. 1971 කැරැල්ල පාර්ශවිකව සමාන කළ හැකිය. මන්ද ඒ වන විටත් ලංකාවේ පරමාධිපත්‍යය (sovereignty) තිබුණේ බ්‍රිතාන්‍ය රැජිණට වීම නිසා ය. නමුත් විජේවීර කැරලි ගැහුවේ ප්‍රජාතාන්ත්‍රිකව තෝරාගත් ආණ්ඩුවට එරෙහිව මිස රැජිණට එරෙහිව නොවේ. 88-89 භීෂණය නම් කිසිසේත්ම උඩරට කැරැල්ලට සමාන නොවේ. මන්ද 1972 න් පසු ලංකාව නිදහස්, ස්වාධීන, ස්වෛරී ජනරජයක් වන නිසා ය. කිසියම් ප්‍රකාශයක් කිරීමේදී එහි මූලික පදනම සහ සන්දර්භය (context) පිළිබඳව නිර්මාල්ට මෙලෝ අවබෝධයක් නැත.
 
යුරෝපීය යටත්විජිත පාලනයට එරෙහිව එකල ජනතාවට ගත හැකි වෙනත් ක්‍රියාමාර්ගයක් තිබුණේ නැත. ප්‍රජාතන්ත්‍රය එකල තිබුණේ නැත. එබැවින් කැරලි ගැසීම හැර වෙනත් ක්‍රමයක් ජනතාවට තිබුණේ නැත. නමුත් නූතන ලංකාවේ පාලනය වෙනස් කරන්න කැරලි ගැසීමට අවශ්‍ය නැත. ඒ සඳහා ශිෂ්ටසම්පන්න සාධාරණ යුක්ති සහගත ක්‍රමයක් අපට තිබේ. එනම් ප්‍රජාතාන්ත්‍රික වරණය යි.
දැන් පක්ෂ ඉවරයි. දැන් තියෙන්නේ ආකල්ප කේන්ද්‍රීය, මැතිවරණ කේන්ද්‍රීය  දේශපාලනයක්.'' - ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරිනිර්මාල් කියන ආකාරයේ “ජන නැගිටීමක්” නොවන්නේ ඇයි?
 
අද ජනාධිපති ආයතනයේ ඉන්න රනිල් වික්‍රමසිංහව වෙනස් කිරීමට අවශ්‍ය නම් අප කළ යුත්තේ ජනාධිපතිවරණයකින් එම වෙනස කිරීමයි. අද රනිල් වික්‍රමසිංහට එරෙහිව කොළඹට සෙනග නොඑන්නේ ඇයි? නිර්මාල් කියන ආකාරයේ “ජන නැගිටීමක්” නොවන්නේ ඇයි? ජනතාව රනිල් වික්‍රමසිංහගේ පාලනයට කැමති නිසාද? නිර්මාල්ගේ තර්කය අනුව ජනතාව රනිල්ට කැමති විය යුතුය. එය බොළඳ කතාවකි. ප්‍රජාතාන්ත්‍රික රටක ජනතා නැගිටීම යනු වරණය යි. ඊට පරිබාහිරව සිදු කරන සාහසික ප්‍රචණ්ඩ ක්‍රියා සියල්ල “ත්‍රස්තවාදය යි”. 

මම අහන්නේ “ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය” කියා ජනතාව ප්‍රචණ්ඩත්වයට පෙළඹ වූ නිර්මාල් දේවසිරිව තවමත් අත්අඩංගුවට නොගන්නේ ඔහු හා ටිරාන් අලස් අතර පවතින කිසියම් ඇයි හොඳයියක් නිසාද කියා ය. ප්‍රචණ්ඩකාරීව හැසිරුණු දහස් ගණනක් තරුණයන්ට එරෙහිව නඩු අසද්දී ඔවුන්ව ප්‍රචණ්ඩත්වයට පෙළඹ වූ නිර්මාල් දේවසිරි තවමත් රාජ්‍ය ආයතනයක ජනතා බදු මුදලින් පඩි ලබමින් ජනතා සුවසේ හිඳින්නේ කාගෙ බලයෙන්ද! ප්‍රජාතන්ත්‍රයේ බලයෙන්ද… 

ධර්මය ඔබට මග වේවා!

ඊළඟ අරගලය - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 මාර්තු 27

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...