The Leader News
BREAKING
Top Ad
Opinion

අලුත් පොහොට්ටුවක් - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

March 31, 2024 • 9:51 AM

අලුත් පොහොට්ටුවක් - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එය සංවිධානය කර තිබුණේ වෙනස් ආකාරයකට ය.
  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක ධුරයට නාමල් රාජපක්ෂ තෝරා ගැනීම පක්ෂයේ දිශානතිය පිළිබඳව කරන ප්‍රකාශනයකි.
  • ලංකාවේ සැබෑ වම අප වන්නේ මේ නිසා ය.
  • කථිකයන් දක්ෂ ලෙස කතා කළත් ඔවුන්ද තව තවත් අලුත් විය යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):

එය සංවිධානය කර තිබුණේ වෙනස් ආකාරයකට ය. සාම්ප්‍රදායික දේශපාලන රැස්වීම්වල මෙන් වේදිකාව මත මැති ඇමතිවරුන් සිටියේ නැත. ඔවුන් අසුන් ගත්තේ ද ජනතාව හා සමානව බිමේ ය. නාමල් රාජපක්ෂ අපට එයින් ඉඟි කරන්නේ ඔහුගේ ජනතාවාදී දේශපාලන දර්ශනය යි.

සම්මේලනය සංවිධානය කිරීම කරට අරගෙන තිබුණේ ඩී. වී. චානක ප්‍රමුඛ තරුණ කණ්ඩායමකි. කථිකයන් බොහෝ දෙනාද තරුණ තරුණියන් ය. පිට පළාත්වලින් බස්වලින් සෙනග ඇදගෙන ආවේ නැත. හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා ගෙයින් ගෙට යමින් සම්මේලනයට ආරාධනා කළේ කඩිසර තරුණ තරුණියන් ය. පොහොට්ටුව තාරුණ්‍යයෙන් හැඩ වෙමින් තිබේ.

 

433945587 967487378080333 7407932023193493788 n
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක ධුරයට නාමල් රාජපක්ෂ තෝරා ගැනීම පක්ෂයේ දිශානතිය පිළිබඳව කරන ප්‍රකාශනයකි. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ අභිප්‍රාය පැහැදිලි ය. පොහොට්ටුව ඊළඟ පිම්ම ගනිමින් තිබේ. අපේ කඳවුරේ විශේෂත්වය එය යි. එනම් යුගයේ අවශ්‍යතාවය අනුව අවදානම ගනිමින් වෙනස් වීමයි. සිය කතාවේ චමල් රාජපක්ෂ කීවේ එයයි. බණ්ඩාරනායක එජාපයෙන් වෙන්ව එදා අලුත් පක්ෂයක් හැදුවේ ය. මැතිණිය එහි දේශීය චින්තනය අමාරුවෙන් පොළොවේ පැල කළේය. මහින්ද එහි උපරිම සාර්ථකත්වයට ගෙන ගියේ ය. බැසිල් ශ්‍රීලංනිපයෙන් වෙන්ව මෙදා අලුත් පක්ෂයක් හැදුවේ ය. ගෝඨාභය එහි දේශීය චින්තනය අමාරුවෙන් පොළොවේ පැල කළේ ය. දැන් නාමල්ට තිබෙන්නේ පොහොට්ටුවේ උපරිම සාර්ථකත්වයට එය ගෙන යෑමයි. දයලෙක්තිකය මෙයයි. 

ඉතිහාසය නැවත සිදු වේ. නමුත් එය ඉහළට නගින සර්පිලයකි. ලංකාවේ සැබෑ වම අප වන්නේ මේ නිසා ය. එනම් අප වෙනස් වෙමින් අලුත් වෙමින් ඉදිරියට යයි. ප්‍රගතිශීලීත්වය යනු එය යි. 

 

පොහොට්ටු පක්ෂයෙන් සමාජ මාධ්‍යවෙත මුදාහරිනු ලැබූ වීඩියෝවකි

 

සම්මේලනයේ අඩුපාඩු ද තිබිණි. බැස යන හිරුට මුහුණ දී සිටි පිරිස අව්වේ කර විය. කමක් නැහැ. කථිකයන් වේදිකාවට ගොඩ වෙන විට දහදියෙන් නැහැවී තිබිණි. ඒක හොඳයි. නිවේදකයා කථිකයන් පිටුපසින් එහෙට මෙහෙට යෑම බලා සිටින්නාට අවලස්සන ය. නිවේදකයාට තවම මේ අලුත් දේශපාලන දර්ශනය හරියටම වැටහී නැත. ඔහුගේ හඳුන්වාදීම් සහ වර්ණනා ඊළඟ සම්මේලනය වන විට අලුත් විය යුතුය. කථිකයන් දක්ෂ ලෙස කතා කළත් ඔවුන්ද තව තවත් අලුත් විය යුතුය. අඩුපාඩු තිබීම හොඳය. එයින් පෙන්වන්නේ රාමුවෙන් පිට දෙයක් කරමින් තිබෙන බවයි.

නාමල්ගේ කතාව අලුත්ම එකකි. ඔහු ඉතාම පැහැදිලිව දේශීය චින්තනය මත පදනම් වුණු පොහොට්ටුවේ දේශපාලන දර්ශනය අතැඹුලක් සේ පහසුවෙන් ඉදිරිපත් කළේ ය. නූතන තාක්ෂණය මත පදනම් වුණු සංවර්ධන පිළිවෙලක මුල් ආකෘතිය ඉදිරිපත් කළේ ය. වෙන්ව ගිය සියලු දෙනාටම එකතු වෙන ලෙස නිහතමානීව හෘදයාංගම ආරාධනාවක් කළේ ය. නාමල් හිටගෙන හිටියේ මහින්ද, චමල්, බැසිල්, ගෝඨාභය පමණක් නොව අපේ කඳවුරේ සියලු පතාක යෝධයන්ගේ උරහිස් මත ය. සියල්ල සංකලනයෙන් නව දේශපාලන ජීවියෙකු බිහිව තිබේ.

 



මෙය අප කාටත් මහඟු ආදර්ශයකි. කෙතරම් බාධක පැමිණියත් නොසැලී නොබියව ඒවාට මුහුණ දෙමින්, ගහන්න ගහන්න නැගිටිමින්, තලන්න තලන්න පන්නරය ලබමින්, විකසනය වෙමින් ඉදිරියට යෑම බෞද්ධ සිංහලයාගේ අතීත අනාගත ගුණය යි. දැන් ඉතින් මේ රටේ මිනිසුන්ට තවත් අලුත් ගමනක් යෑමට නැවත අවස්ථාව ලැබී තිබේ. 21 වන සියවසේ සමාජ පාරිසරික අභියෝග සහ දේශපාලන ආර්ථික අවස්ථා නිවැරදිව හඳුනන දේශපාලන බලවේගයක් හැදෙමින් තිබේ. එයට අලුත් නායකත්වයක් ලැබී තිබේ. කාන්තාරය මැද්දෙන් ගඟ ගලන්නට පටන් ගෙන තිබේ. නිදා සිටින යෝධයා අවදි වෙමින් තිබේ. අළු මතින් ෆීනික්ස් පක්ෂියා පියාපත් ඔසවමින් තිබේ. 

 



ධර්මය අපට මග වේවා!

ඩලස් සහ පුත්‍රයෝ - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අලුත් පොහොට්ටුවක් - (එරන්ද ගිනිගේ) | The Leader