The Leader News
BREAKING
Top Ad
Opinion

නාමල්ට මහ සඟ රුවනින් ආශීර්වාද වැස්සක්

T

The Leader Desk

March 31, 2024 • 4:52 PM

නාමල්ට මහ සඟ රුවනින් ආශීර්වාද වැස්සක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නාමල්ට නොකඩවා ආශීර්වාද පණිවිඩ පැමිණෙමින් තිබේ.
  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය තරුණ නාමල් රාජපක්ෂ හට හිමිවීමට එම භික්ෂූන් වහන්සේලාගේ ආශීර්වාදය සහ නිර්දේශය බෙහෙවින් උපකාර වූ බව නොරහසකි.
  • මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරු දෙදෙනාගෙන්ම බුද්ධ ශාසනයට සිදු වූ මහඟු සේවය මතක් කළ මහා සංඝ රත්නය නාමල්ට පැවසුවේ අරගලයෙන් පසුව නැවතත් ලංකාවේ බෞද්ධ භික්ෂුවට සහ විහාරස්ථානවලට විවිධ අසාධාරණකම් සහ කෙනෙහිලිකම් සිදුවෙමින් පවතින බවයි.
  • මෙරට සාතිශය බහුතර සැදැහැවත් බෞද්ධ ජනතාව අධ්‍යාත්මික සහනය වෙනුවෙන් පැමිණ වන්දනාමාන කරන පන්සල්වලට එක් වරම බලශක්ති ඇමතිවරයා විසින් අසාධාරණ ලෙස විදුලි බිල වැඩිකිරීම වැනි කාරණා පිළිබඳව භික්ෂූන්වහන්සේලා පසුගිය කාලය පුරාම සිය නොකැමැත්ත පළ කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

නාමල්ට නොකඩවා ආශීර්වාද පණිවිඩ පැමිණෙමින් තිබේ. නාමල් රාජපක්ෂ පසුගිය මාස කිහිපය පුරාම රට පුරා බොහෝ වෙහෙර විහාර වෙත ගොස් එම විහාරාධිපති හිමිවරුන් මුණගැසී පොහොට්ටුවේ අනාගත සැලසුම් සඳහා උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබා ගත්තේ ය. ඒ සඳහා ඔහුට විශේෂයෙන්ම අවවාද කළේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය තරුණ නාමල් රාජපක්ෂ හට හිමිවීමට එම භික්ෂූන් වහන්සේලාගේ ආශීර්වාදය සහ නිර්දේශය බෙහෙවින් උපකාර වූ බව නොරහසකි.

JDFE


මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරු දෙදෙනාගෙන්ම බුද්ධ ශාසනයට සිදු වූ මහඟු සේවය මතක් කළ මහා සංඝ රත්නය නාමල්ට පැවසුවේ අරගලයෙන් පසුව නැවතත් ලංකාවේ බෞද්ධ භික්ෂුවට සහ විහාරස්ථානවලට විවිධ අසාධාරණකම් සහ කෙනෙහිලිකම් සිදුවෙමින් පවතින බවයි. මෙරට සාතිශය බහුතර සැදැහැවත් බෞද්ධ ජනතාව අධ්‍යාත්මික සහනය වෙනුවෙන් පැමිණ වන්දනාමාන කරන පන්සල්වලට එක් වරම බලශක්ති ඇමතිවරයා විසින් අසාධාරණ ලෙස විදුලි බිල වැඩිකිරීම වැනි කාරණා පිළිබඳව භික්ෂූන්වහන්සේලා පසුගිය කාලය පුරාම සිය නොකැමැත්ත පළ කළේ ය.


ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිය පොත අවසානයේ ලියා ඇති පරිදි හැටනව ලක්ෂයක් ජනතාව විසින් රටේ ජනාධිපති ලෙස එතුමා තෝරා ගැනීමට හේතු පාදක වූ කාරණා එලෙසම අදටත් පවතී. එම ගැටලු සාධාරණව විසඳිය හැකි නව දේශපාලන නායකයෙකුගේ  දැඩි අවශ්‍යතාවය බෞද්ධ සමාජය තුළ කතාබස් වෙමින් තිබුණු මොහොතක නාමල්ගේ මෙම සම්ප්‍රාප්තිය කිසියම් නව බලාපොරොත්තුවක් භික්ෂු සමාජය තුළ ජනිත කර ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. 


ධර්මය අපට මග වේවා!

eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 මාර්තු 31
 
KJHJKLHL

 
 
 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...