The Leader News
BREAKING
Top Ad
Opinion

දේශපාලනය සහ සෙක්ස් කියන්නෙ දෙකක් නෙමෙයි

T

The Leader Desk

April 1, 2024 • 8:06 AM

දේශපාලනය සහ සෙක්ස් කියන්නෙ දෙකක් නෙමෙයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වමේ දේශපාලනයත් මුල ඉඳන්ම සෙක්ස් ගැන කුහකයි.
  • කොහොමද අපේ රටේ මිනිස්සු ලිංගිකව දුර්වල පෞර්ෂ බවට පත්වුනේ කියල තේරුම් ගන්න විල්හෙල්ම් රයික් ගෙ මේ ලිපි පෙල කියවන්න.
  • රාජ්‍යය විසින් අපේ සෙක්ස් පාලනය කිරීම හරහා අපිව සදාකාලිකව යටත්වැසියන් ලෙස පවත්වාගන්නවා කියන එක අපිට ‍තේරුම් ගන්න අමාරු වෙලා තියෙනවා.
  • ඒත් රයික් කියන්නෙ ඒක සමාජය විසින් පුද්ගලයා ඇතුලෙ වර්ධනය කරන දෙයක් කියලයි.
අකුරු ප්‍රමාණය (Font Size):

වමේ දේශපාලනයත් මුල ඉඳන්ම සෙක්ස් ගැන කුහකයි. ඒක එන්නෙ සිංහල බෞද්ධ පවුලෙ ඉඳන්. කොහොමද අපේ රටේ මිනිස්සු ලිංගිකව දුර්වල පෞර්ෂ බවට පත්වුනේ කියල තේරුම් ගන්න විල්හෙල්ම් රයික් ගෙ මේ ලිපි පෙල කියවන්න.

විල්හෙල්ම් රයික්ගේ – SEX POL

 
eve adam 2ඒ ගෙඩිය කාපු වරදට දෙවියන් අපිව විනිශ්චය කරනවා. පරාදීසයෙන් පලවා හරිනවා.
අපිට ලෝකෙ මුල්ම තහනම විදිහට මුනගැහෙන්නෙ සෙක්ස්. ඒ පුරාවෘත්තයක් විදිහට. ආදම් සහ ඊව්ට දෙවියන් විසින් මුලින්ම සීමා පනවන තහනම් ගහේ ගෙඩිය. ඒ ගෙඩිය කාපු වරදට දෙවියන් අපිව විනිශ්චය කරනවා. පරාදීසයෙන් පලවා හරිනවා.

ආගම නිර්මාණය වෙන්නෙම ලිංගිකත්වය පාලනය කිරීමක් විදිහට. ලිංගිකත්වය පාලනය කිරීම හරහා යම් ශුද්ධත්වයක් හැම සංස්ථාපිත ආගමක්ම බලාපොරොත්තු වෙනවා. සංස්ථාපිත ආගමක් කියන්නෙ රාජ්‍යය සමග බැඳුනු ආයතනයක්. ඒ ආගම් තමයි රාජ්‍යයක ආධ්‍යාත්මික බල කේන්ද්‍ර වෙන්නෙ. පත්වෙන රජයක සුජාතභාවය රකින්නෙ ආගමික සංස්ථාවයි.

ආගමේ කාර්යය වෙන්නෙ සදාචාරය පාලනය කිරීම. සදාචාරය කියන්නෙ රාජ්‍යයේ ගැඹුරුම සමාජ මනෝ විද්‍යාත්මක දේශපාලන ව්‍යුහය. ඒ ව්‍යුහය මගින් තමයි පුරවැසියාගේ පෞර්ෂය නිර්මාණය කරන්නෙ.

 

kpoඒ කියන්නෙ අපි දකින්නෙත් රාජ්‍යයට ඕන විදිහට.

අපි ගොඩක් වෙලාවට හිතනවා සෙක්ස් සහ දේශපාලනය අතර සම්බන්දයක් නෑ කියල. සෙක්ස් පුද්ගලික රහසිගත දෙයක් කියල. රාජ්‍යය විසින් අපේ සෙක්ස් පාලනය කිරීම හරහා අපිව සදාකාලිකව යටත්වැසියන් ලෙස පවත්වාගන්නවා කියන එක අපිට ‍තේරුම් ගන්න අමාරු වෙලා තියෙනවා. අපේ තෘප්තිය සහ වේදනාවේ බලය ඔවුන් අත්පත් කරගන්නවා කියන එක අපි දකින්නෙ නෑ. මොකද ඒ හරහා අපේ දකින දේ පාලනය කිරීමේ හැකියාවත් ඔවුන් අතට ගන්නවා. ඒ කියන්නෙ අපි දකින්නෙත් රාජ්‍යයට ඕන විදිහට.

මේ ගැන ඉතාම විධිමත්ව කතා කරනවා විල්හෙල්ම් රයික් කියන ඔස්ට්‍රියානු මනෝ විශ්ලේෂකයා. ෆ්‍රොයිඩ්ගේ දෙවෙනි පරම්පරාවෙ ප්‍රමුඛයා වෙන්නෙ රයික්. ඒත් රයික් විසින් මනෝ විශ්ලේෂණයට දේශපාලනය සම්බන්ධ කරන නිසා ෆ්‍රොයිඩ් රයික්ව පිටු දකිනවා. ෆ්‍රොයිඩ්ගෙ මූලික න්‍යායක් වුනු ඊඩිපස් සංකීර්ණය පවා නැවත විශ්ලේෂණය කරමින් රයික් අහන්නෙ, පවුල යන සංස්කෘතික ආකෘතිය නොතිබුනා නම් ඊඩිපස් වරදකාරීත්වය මතු වෙන්නෙ නෑ නේද කියලයි. ෆ්‍රොයිඩ් වික්ටෝරියානු සමාජ සදාචාරයේ සරණ ලබමින් මේ වරදකාරීත්වය පුද්ගලයා තුල පවතින දෙයක් කියනවා. ඒත් රයික් කියන්නෙ ඒක සමාජය විසින් පුද්ගලයා ඇතුලෙ වර්ධනය කරන දෙයක් කියලයි.

 

wilhelm reichපවුල කියන්නෙ ලිංගික දේශපාලනයේ බල කේන්ද්‍රය විදිහට රයික් දකිනවා.
සදාචාරය කියන්නෙ දේශපාලන බලයක් කියල රයික් කියනවා. ඒ වගේම පවුල කියන්නෙ ලිංගික දේශපාලනයේ බල කේන්ද්‍රය විදිහට රයික් දකිනවා. පවුල හා බැඳුනු ලිංගික ආර්ථිකය හරහා පුරවැසියාගේ පෞර්ෂය රාජ්‍යය විසින් පාලනය කරන ආකාරය, කප්පාදු කරන ආකාරය රයික් විස්තරාත්මකව කියනවා.

එයා දකින්නෙ සියල්ලෙහි මූලික ශක්තිය වෙන්නෙ සෙක්ස් කියල. අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නෙ සෙක්ස් කියන්නෙ ඉන්ටර්කෝස් එක කියල. ඒත් රයික් කතා කරන්නෙ සෙක්ස් එනර්ජි එකක් ගැන. ලිබි‍ඩෝව ගැන. සෛලයක් සෛලයක් පාසා ජීවිතය ජීවත් කරවන ශක්තිය ගැන.

big bnagමුලු විශ්වයම ඇති වුනේ big bang හෙවත් මහා සංසර්ගයකට පසු ඇතිවුනු සුරතාන්තයකින් කියල රයික් කියනවා

 

මුලු විශ්වයම ඇති වුනේ big bang හෙවත් මහා සංසර්ගයකට පසු ඇතිවුනු සුරතාන්තයකින් කියල රයික් කියනවා. එයා ඒ නිසා ඔර්ගොන් කියල (ඕගස්මික්) ශක්තියක් ඔප්පු කරන්න පර්යේෂණ කරනවා.

රයික් එයාගෙ ලිංගික දේශපාලනය ගැන කරන ‍මනෝ විශ්ලේෂණාත්මක විග්‍රහය පොත් තුනක් හරහා අරන් එනවා.

The invation of compulsory sex morality
Mass Psychology of Fascism
Sexual revolution

wr books
හැට ගණන්වල යුරෝපය පුරා ඇතිවුනු සෙක්ස් රෙවලූෂන් කියන නම පවා මුලින්ම හදුන්වාදෙන්නෙ රයික්. ඒ එක්දාස් නමසිය තිස් ගණන්වලදි.

රයික්ගෙ කතාව සරලව කිව්වොත් මෙහෙමයි.

අපි හැමෝම දන්නවා ෆ්‍රොයිඩ් විග්‍රහ කරන හැටියට නියු‍රෝසියාව (කාංසාත්මක රෝග) ඇති වෙන්නෙ අසාර්ථක ලෙස ලිංගිකත්වය යටපත් කිරීම නිසයි. ඒ කියන්නෙ ළමයෙක් පුංචි කාලෙ ඉඳන්ම මුහුන දෙන ලිංගික යටපත් කිරීම ඒ ළමයාගේ වැඩිමහල් වයසෙ ඇතිවෙන කාංසාත්මක තත්වයන්ට හේතු වෙනවා. අපි පහුකරන ලිංගික අවධීන්වලදි සමාජ සදාචාර නිර්ණායක අනුව ලිංගිකත්වය යටපත් කිරීම සිද්ද වෙනවා. නියුරෝසියාව හෙවත් කාංසාත්මක රෝග සුව කරන්න නම් කළ යුත්තේ මේ ලිංගිකත්වය නිදහස් කරන එකයි.

බුදුන් විසින් සබ්බෙ පෘතග්ජනා උන්මත්තකා කියන්නෙ ඔන්න ඔය කාරණය හින්ද වෙන්න ඕන. අපි හැමෝම අපේ සංස්කෘතිය ඇතුලෙ නියුරෝසික රෝගීන්. අපිව රෝගීන් කරන්නෙ පවතින රාජ්‍යය සදාචාරය විසිනුයි.

 

commercial sex and the global economyමේ ආර්ථිකය රාජ්‍යය විසින් පාලනය කරන්නෙ තහංචි පැනවීමෙන්.
රයික් සෙක්ස් ඉකොනොමි කියල වචනයක් පාවිච්චි කරනවා. ඒ කියන්නෙ සමාජයක ලිංගික ආර්ථික ක්‍රමවේදය මොකක්ද කියන එක. අපි ලිංගික ගනුදෙනු තෘප්තිමත් කරගන්නා ආකාරයට රයික් කියනවා ලිංගික ආර්ථිකය කියල. මේ ආර්ථිකය රාජ්‍යය විසින් පාලනය කරන්නෙ තහංචි පැනවීමෙන්. ඒ තහංචිය තමයි අපිට අර මුලින්ම බයිබලයේ මුනගැහෙන්නෙ.

මේ යටපත් කරන ලද ලිංගිකත්වයේ නියුරෝසියාවෙන් ගැලවෙන්න නම් අපි ලිංගිකත්වය නිදහස් කරන්න ඕන. ඒක කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් ඒ ආශාව තේරුම් ගැනීමෙන් පස්සෙ ඒක පාලනය හෝ නොතකා හැරීම කරන්න පුලුවන්. හැබැයි ආශාව විනිශ්චයකින් තොරව ගැඹුරින් තේරුම් ගැනීම මුලින්ම අවශ්‍ය වෙනවා. දෙවෙනි ආකාරය තමයි මේ ආශාවේ ප්‍රේරණ නැත්තං ඩ්‍රයිව්ස් අපිට වෙනත් මාර්ගවලට හරවන්න පුළුවන්. උදා විදිහට අපිට අපේ ලිංගික ආශාවේ දිශාව කලාව පැත්තට හරවන්න පුළුවන්.

හැබැයි මේ ආකාර දෙකම තමන්‍ගේ ලිංගික ජීවිතය බාධා වුනු කෙනෙකුට කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ආශාව තේරුම් ගැනීමට වගේම වෙනත් දිශාවකට මාරු කිරීම කරන්න පුළුවන් ළමා වියේ පටන් නිරෝගී ලිංගික වර්ධනයක් ලබපු කෙනෙකුට විතරයි. එහෙම එකක් අපි කාටවත් නෑ.

drive සෙක්ස් ගැන අපේ තියෙන මේ ඇටිටියුඩ් එකම තමයි අපේ සියලු සමාජ මානසික රෝගයන්ගේ මුල කියල රයික් විස්තර කරනවා.
රයික් එතනදි අහන්නෙ ලිංගික ආශාව ඍජුවම තෘප්තිමත් නොකරන්නෙ ඇයි කියල. ඒක සදාචාරය විසින් අපි තුල නිර්මාණය කළ ඇටිටියුඩ් එකක් හින්ද වෙන වැඩක්. අපි සෙක්ස් සලකන්නෙම වැරදි දෙයක් විදිහට. දෙවියන් විසින් අපිට දඩුවම් පැනවූ දෙයක් විදිහට. සෙක්ස් ගැන අපේ තියෙන මේ ඇටිටියුඩ් එකම තමයි අපේ සියලු සමාජ මානසික රෝගයන්ගේ මුල කියල රයික් විස්තර කරනවා.

ළමා කාලෙදි මේ සෙක්ස් ඇටිටියුඩ් එක නිවැරදිව සකස් වුනේ නැත්නම් කෙනෙකුගේ ලිංගික පෞර්ෂය හරි විදිහට සංවර්ධනය වෙන්නෙ නෑ. සෙක්ස් කියන්නෙ වැරදි දෙයක් කියල පිළිගන්නා මානසිකත්වයකින් නිරෝගී පෞර්ෂයක් ගොඩනැගෙන්නෙ නෑ. රයික් කියන්නෙ මේ නියුරෝසියාව ලි‍ංගේන්ද්‍රියන් හරහාම තෘප්තිමත් කළ යුතුයි කියලයි. එය වෙන කිසි වටවංගුවකින් තොරව සෙක්ස් ප්‍රකෘතියෙන් බාරගැනීම හරහාම සුවපත් කළ යුතුයි කියලයි.

ඊළග කොටසෙ ඉතුරු ටික...

හරි මචං එළ කියනවට වඩා අපි මොකුත් කියන්නේ නැ - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -facultyofsex.com)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දේශපාලනය සහ සෙක්ස් කියන්නෙ දෙකක් නෙමෙයි | The Leader