The Leader News
BREAKING
Top Ad
Opinion

මංගල නැති රනිල් - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

April 2, 2024 • 5:26 AM

මංගල නැති රනිල් - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනපතිවරණය සඳහා සදාකාලික එජාප නායක රනිල් වික්‍රමසිංහම ඉදිරිපත් කළ යුතු යැයි එම පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් දැඩිව යෝජනා කළේ ය.
  • මංගල සමරවීර සිය දේශපාලන දැනුම, අත්දැකීම් සහ දත්ත විශ්ලේෂනය ඇසුරෙන් රනිල්ට කරුණු කාරණා තේරුම් කර දුන්නේ ය. ඒ වන විට ගෝඨාභය සහ රනිල් අතර ජනතා ප්‍රසාදයේ පරතරය ඡන්ද ලක්ෂ 27 ක් තරම් විශාල විය.
  • මංගල රනිල්ට කීවේ ජනපතිවරණයකදී මොනතරම් සල්ලි වියදම් කර මොනතරම් ලස්සන කැම්පෙන් එකක් කළත් එයින් ලබාගත හැක්කේ උපරිම ඡන්ද ලක්ෂ 10 ක් පමණක් බවයි.
  • මංගලගේ විශ්ලේෂණය නිවැරදි බව ඡන්ද ප්‍රතිඵලයෙන් සනාථ විය.
අකුරු ප්‍රමාණය (Font Size):

2019 ජනපතිවරණය සඳහා සදාකාලික එජාප නායක රනිල් වික්‍රමසිංහම ඉදිරිපත් කළ යුතු යැයි එම පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් දැඩිව යෝජනා කළේ ය. නමුත් රනිල් අවසානයේ කතා කළේ මංගලට ය. මංගල සමරවීර සිය දේශපාලන දැනුම, අත්දැකීම් සහ දත්ත විශ්ලේෂනය ඇසුරෙන් රනිල්ට කරුණු කාරණා තේරුම් කර දුන්නේ ය. 

 

රනිල් සහ ගෝඨාභය - අවස්ථායික දේශපාලනය - (එරන්ද ගිනිගේ)
ඒ වන විට ගෝඨාභය සහ රනිල් අතර ජනතා ප්‍රසාදයේ පරතරය ඡන්ද ලක්ෂ 27 ක් තරම් විශාල විය. මංගල රනිල්ට කීවේ ජනපතිවරණයකදී මොනතරම් සල්ලි වියදම් කර මොනතරම් ලස්සන කැම්පෙන් එකක් කළත් එයින් ලබාගත හැක්කේ උපරිම ඡන්ද ලක්ෂ 10 ක් පමණක් බවයි. එබැවින් අවස්ථාවාදී මන්ත්‍රීවරුන්ගේ මෝඩ කතාවලට නොරැවටී සිය පරාජය සජිත් ප්‍රේමදාසව පිටින් යැවීමට රනිල් තීරණය කළේ ය. මංගලගේ විශ්ලේෂණය නිවැරදි බව ඡන්ද ප්‍රතිඵලයෙන් සනාථ විය. ගෝඨාභයට ඡන්ද ලක්ෂ 69 ක ඓතිහාසික ජයග්‍රහණයක් ලැබිණි. එයම ඔහුට පාරාවළල්ලක් විය. එය වෙනම කතාවකි.

නමුත් දැන් මංගල නැත. රනිල්ට මංගලගේ අඩුව තදින්ම දැනේ. දේශපාලන අතදරුවන් ටිකක් වටකරගෙන යම්තම් ආණ්ඩුව ඇදගෙන යන රනිල්ට දත්ත සහ තොරතුරු මත පදනම්ව දැනුම සහ අත්දැකීම් මත නිවැරදි උපදේශයක් දෙන්නට ඔහුගේ පැත්තේ එකෙකු නැත. අලුත් සංකල්ප හදන්නට එකෙකු නැත. රනිල්ට දැන් ඉන්නේ මා වැනි සාමාන්‍ය පුරවැසියන් සමග ප්‍රසිද්ධියේ ගුස්ති අල්ලන්න එන නූගත් මැරයන් ය. එය අනුකම්පා සහගතය.

 

මංගල සමරවීර නික්ම ගොස් දෙවසරකි - (කාන්ති කාරියවසම්)

අපගේ ප්‍රබල දේශපාලන ප්‍රතිවාදියෙකු වුවත් මංගල සමරවීර වැන්නෙකු නැති දේශපාලනය හරියට ෂේන් වොර්න් නැති ලංකා-ඕස්ට්‍රේලියා ක්‍රිකට් සෙල්ලමක් වාගේ ය. මෙලෝ රහක් නැත.

ජීවතුන් අතර සිටියා නම් මංගල විසින් රනිල්ට මේ වන විටත් යථාර්ථය අවබෝධ කර දී තිබෙනු ඇත. රනිල්ට වෙන දේ සංඛ්‍යාලේඛන සහිතව පෙන්වා දෙනු ඇත. එය සරල සමීකරණයකි. එම සමීකරණය රනිල් ද නොදන්නවා විය නොහැකි ය. රාජපක්ෂ නමැති නටුව කඩා දමා පොහොට්ටුව තම අතට ගෙන රනිල්ගේ වැටෙන කලිසම් වාටිය ඉදිරියේ තබා වඳින්නට හැදූ රනිල්ගේ පුතාලාට වුණේ නොසිතූ ඇබැද්දියකි. ඔවුන්ට වඩා පියවර දහයක් ඉදිරියෙන් ඉන්නා අපේ පැත්තේ මංගලලා විසින් නාමල් රාජපක්ෂව ජාතික සංවිධායක කළේ ය. එය ඉස්තරම් දේශපාලන move එකකි.

 

 

රාජපක්ෂලා නැතුව පොහොට්ටුව කඩා ගන්න බලාගෙන සිටි රනිල්ගේ පුත්තු විජේරාමයේ යකා නටන විට වෙන කොහෙද වේදිකාවක් මත හිටිය ඩිලීට් ජයවීරටත් සුළුදිය පහ විය. ලෝර්ඩ් ඔෆ් ද රිංග්ස් හී විරූපී අඟුටුවා, ගොලම් “මුද්ද මගේ… මුද්ද මගේ…” කියමින් පිස්සුවෙන් නටන්නාක් මෙන් “පොහොට්ටුව මගේ… පොහොට්ටුව මගේ…” යනුවෙන් නහර පුප්පගෙන පුරස්ථි ග්‍රන්ථිය පළාගෙන කෝපාග්නියෙන් යටි ගිරියෙන් මොර දෙන්නට විය. මංගල හිටියා නම් කොක්හඬලා සිනා සෙනු ඇත.

දිස් ඉස් පොලිටික්ස්.

රනිල්ගේ පුත්තු සහ මැර දේශපාලනය - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 අප්‍රේල් 2 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...