The Leader News
BREAKING
Top Ad
Opinion

'රනිල් දමා අනුර දිනවමු' - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

April 4, 2024 • 5:27 AM

'රනිල් දමා අනුර දිනවමු' - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (කුණුහරුප කියාගෙන ගහගන්න නම් ඇවිල්ලා තියෙනවා.) කෙසේ වෙතත් දැනට ලැබිලා තියෙන ප්‍රබලම හේතුව තමයි එහෙම නොකෙරුවොත් අනුර කුමාර දිනලා ජවිපෙ බලය අරගෙන ප්‍රතිවාදීන්ව සමූලඝාතනය කරයි කියන කතාව.
  • නමුත් එහෙම හොරාට හරි දිනන්න පුළුවන්ද බලමු… දැන් තියෙන විදිහට කිසිම අපේක්ෂකයෙකුට 50%, ඒ කියන්නේ ඡන්ද ලක්ෂ 70 සීමාව පන්නන්න බැහැ.
  • ගෝඨාභය ලක්ෂ 69 ක් අරගෙනත් යම්තම් 52% යි.
  • සජිත්ට ගිය පාර ලක්ෂ 55 ක් ලැබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

(කුණුහරුප කියාගෙන ගහගන්න නම් ඇවිල්ලා තියෙනවා.) කෙසේ වෙතත් දැනට ලැබිලා තියෙන ප්‍රබලම හේතුව තමයි එහෙම නොකෙරුවොත් අනුර කුමාර දිනලා ජවිපෙ බලය අරගෙන ප්‍රතිවාදීන්ව සමූලඝාතනය කරයි කියන කතාව. ඒක ඇත්ත වෙන්න පුළුවන්. නමුත් ඒක නම් හේතුව, මම කියන්නේ ජවිපෙ දැනටමත් දිනලා ඉවරයි. මොකද එහෙම නම් අපි අපේ දේශපාලන තීරණ ගන්නේ ජවිපෙට බයේ. අනෙකාට බයෙන් ඔබ ඔබේ ජීවිතය ගැන තීරණ ගන්නවා නම් ඔබ කොහොමත් පැරදිලා ඉවරයි. අනික ඉතින් අපේ උන්ම අපේ බඩට ගහන කොට ජවිපෙ උන් ගැහුවම මොකද… නේද! (විහිළු)

 



සේමසිංහ කියන ආකාරයට අපි රනිල්ට සහාය දෙන්න ඕනා ඔහු විසින් දැනට කර තිබෙන වැඩ කෙරුවාව නිසා ය. මොනවාද ඒ වැඩ? තෙල් පෝලිම් නැති වුණේ ගෝඨාභය-බැසිල් ගෙන්වපු තෙල් නැව් නිසා මිසක් රනිල් කරපු මැජික් එකක් නිසා නොවෙයි. IMF එක කියන පදේට ආණ්ඩුව නටනවා. ඒක හරි. බදු වැඩි කරලා, පොලී අනුපාත වැඩි කරලා, විදුලි බිල ජල බිල වැඩි කරලා ආර්ථිකය සංකෝචනය කරලා තියෙනවා. ඒකද වැඩේ? අනෙක් පැත්තෙන් ණය ගෙවන්නේ නැහැ. අරගලයක් නැති නිසා සංචාරකයන් එනවා. වසංගතයක් නැති නිසා ප්‍රේෂණ එනවා. එච්චරයි. වෙන මොනවද කරලා තියෙන්නේ? එහෙම හෙන ලොකු දෙයක් නැහැනේ. ගෝල්ෆේස් එකේ ඉතුරු වෙලා හිටිය අරගලකාරයන්ට ගහලා පැන්නුවා. ඒකත් හරි. හැබැයි අරගලයේ නායකයන් ටික දැන් රනිල්ට වැඩ… මේවා කිසිවක් convincing හේතු නෙවෙයි. බිමේ මිනිස්සු ඉන්නේ හරි අමාරුවෙන්. ජනතාව ඉන්නේ ආණ්ඩුව සමග තරහෙන්. සඳළුතලවලින් බැහැලා බලන්න.

ජවිපෙට බයේ අපි අපේ දේශපාලන මතවාදය පවා පාවා දෙනවා නම්, මොකක්ද ඒ දේශපාලනය? ඊට වැඩිය නම්බුයි ජවිපෙන් හිස් ගැසුම් කන එක. අපි ජයග්‍රහණය කරන්න ඕනා අපි විශ්වාස කරන මතවාදයෙන්. අපි හිතනවා නම් අපේ මතවාදය මත පිහිටලා අපිට දිනන්න බැහැ කියලා, එහෙනම් ඉතින් අපි පැරදිලා ඉවරයිනේ. අපිට දිනන්න බැහැ කියලා අපිම විශ්වාස කරලා අපි කරන්න හදන්නේ නිකං හොරාට දිනන්න. නමුත් එහෙම හොරාට හරි දිනන්න පුළුවන්ද බලමු…

දැන් තියෙන විදිහට කිසිම අපේක්ෂකයෙකුට 50%, ඒ කියන්නේ ඡන්ද ලක්ෂ 70 සීමාව පන්නන්න බැහැ. ගෝඨාභය ලක්ෂ 69 ක් අරගෙනත් යම්තම් 52% යි. එහෙනම් වෙන්නේ දෙවැනි තුන්වැනි මනාප ගණන් කිරීම. ඒ කියන්නේ අන්තිමට කීය හරි වැඩිපුර ගන්න අපේක්ෂකයා දිනනවා. සජිත්ට ගිය පාර ලක්ෂ 55 ක් ලැබුණා. ඒ දෙමළ මුස්ලිම් ඡන්දත් එකතුව. නැත්නම් සජබට මහමැතිවරණය වෙලාවේ ලැබුණේ ඡන්ද ලක්ෂ 27 යි. දෙමළ මුස්ලිම් ඡන්ද රනිල්ට ගියොත් සජිත්ට ලක්ෂ 30 ක් තියෙයි. එතකොට අපි අහන්න ඕන ප්‍රශ්නය තමයි පොහොට්ටුව රනිල්ට සහාය දෙනවා නම් දෙමළ මුස්ලිම් පක්ෂ රනිල්ට සහාය දෙන්නේ කොහොමද? මොකටද? කියන ප්‍රශ්න. ඔවුන්ට සජිත් එක්කම ඉන්න බැරියැ. ඒ ප්‍රශ්නයටත් තවම කාගෙන්වත් පැහැදිලි පිළිතුරක් නැහැ.හැබැයි එහෙම සන්ධානයක් හැදුණොත් ඒක අර යහපාලන කැඳ හැලියේ අනෙක් එක වෙනවා.

 

පොහොට්ටුව ඡන්දයක් ඉල්ලීම බොරුවක්

මෙතන අපි නොදන්නා සාධකය තමයි පොහොට්ටුවේ ඡන්ද පදනමට ඇත්තටම මොකද වෙලා තියෙන්නේ කියන කාරණය. සමහරු කියනවා ලක්ෂ 10 ට වැටිලා කියලා. සමහරු කියනවා ලක්ෂ 25 යි කියලා. සමහරු කියනවා ලක්ෂ 40 ක් තියෙනවා කියලා. මම කියන්නේ අපි තාම හරියටම දන්නේ නැහැ. ඒක හරියටම දැනගන්න පුළුවන් ක්‍රමය තමයි මහමැතිවරණය තියන එක. එතකොට ඔය කාගෙ කාගේත් කෙරුවාව ගැන ජනතා තීරණය හරියටම බලාගන්න පුළුවන්.

එහෙම නොකර පොහොට්ටුව රනිල්ට සහාය දුන්නොත් මොකද වෙන්නේ? මුලින්ම වෙන්නේ ඡන්ද පත්‍රිකාවෙන් පොහොට්ටුව නැති වෙනවා. ප්‍රසන්න රණතුංග කිව්වේ අලියත් නොවන පොහොට්ටුවත් නොවන ලකුණකින් රනිල් එන්න ඕනා කියලා. හංසයා වගේ වුණොත් තමයි මරු! මම අහන සරල ප්‍රශ්නය තමයි ඉතිහාසයේ ඉඳලම එජාපයට එරෙහිව කතිරය ගහපු වමේ මිනිස්සු රනිල්ට ඡන්දය දෙයිද? අපේ කඳවුරේ මිනිස්සුන්ට ආත්ම ගරුත්වයක් නැහැ කියලා හිතාගෙනද මේ අය කතා කරන්නේ? එහෙම ලෙහෙසියෙන් දේශපාලන කඳවුරක් වෙනස් වෙනවද? රනිල් ඇත්තටම ආර්ථිකය හැදුවත් වමේ මිනිස්සු එහෙම රනිල්ට ඡන්දය දෙනවද? අපේ රටේ දේශපාලනය ඒ තරමටම චාටර් වෙලාද? එහෙම වෙනස් වුණත් පොහොට්ටුවේ මනුස්සයට ළඟම තැන ජවිපෙ මිසක් එජාපය නෙවෙයි.

 

ඔබට ප්‍රතික්ෂේප කළ නොහැකි වැඩපිළිවෙලක් අපි ගේනවා' - දිලිත් ජයවීර

එහෙම වුණොත් සිංහල බෞද්ධ බලවේගය අනිවාර්යෙන්ම පොහොට්ටුවෙන් සම්පූර්ණයෙන්ම කැඩෙනවා. ඔවුන් බොහෝ විට දිලිත් වටේ එකතු වෙයි. ඒ බිඳවැටීම ආයෙත් හදන්න බැහැ. ඒක දිලිත්ගේ වාසනාව. දැනටමත් පොහොට්ටුවෙන් කැඩිලා ජවිපෙට ගිය පිරිස එතන බින්න බහිනවා. “රනිල්-රාජපක්ෂ”, “උන් ඔක්කොම යාළුවෝ මල්ලි”, “උනුත් එකයි මුනුත් එකයි”, “හොරු සමග හෙළුවෙන්” වැනි ජවිපෙ ප්‍රොපගැන්ඩා ටික එක රැයෙන් තහවුරු වෙනවා. ආයෙත් ඒ ලේබල් ගලවනවා බොරු. ඒකත් එක්ක අඩුම ගානේ තව ලක්ෂ 20-30 පොහොට්ටුවේ ඡන්ද ජවිපෙට වැටෙනවා. පිරිසක් ඡන්ද පොළට නොගිහින් ඉන්නවා.

මහ මැතිවරණය: රනිල් වික්‍රමසිංහ - හෙණ්ඩුව අත නොහරින ඇතරුවා

 

හරි… සැකයේ වාසිය දෙමුකෝ රනිල්ට. එතකොට පොහොට්ටුවේ ඡන්ද කීයක් රනිල්ට වැටෙයිද? ඔන්න ලක්ෂ 30 ක්වත් වැටුණොත් චාන්ස් එකක් තියෙනවා. රනිල්ට වෙන කොහෙන් හරි තව ඡන්ද ලක්ෂ 25-30 ක් හොයාගන්න වෙනවා. හදිසියේවත් ලක්ෂ 10 ක් විතර වැටුණොත් මොකද කරන්නේ? රනිල් පරදිනවා. රනිල් විතරක් නෙවෙයි සජිතුත් පරදිනවා. එතකොට කවුද දිනන්නේ? එතකොට අනුර දිනනවා. පහුවදාම පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයක් තියනවා. රැල්ලට ජවිපෙට බහුතර ආසන යනවා. එක අතකට එහෙම වෙන්න දෙන්න ඕනා. මොකද කී දේ නාහන ගුරු ඉහළ ගියොත් ඉහළ පහළ ගියොත් පහළ කියලා අපේ පැරැන්නෝ කිව්වා වගේ එතකොට කවුරු කවුරුත් හොඳම එකෙන් පාඩමක් ඉගෙන ගන්නවා. පාර්ලිමේන්තුවේ දැන් ඉන්න අතිමහත් බහුතරය ගෙදර යනවා. පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කියන්නේ මොනවාද කියලා 2000 න් පස්සේ පරම්පරාව ඉගෙන ගන්නවා. මතවාදී දේශපාලනය නොකර තාවකාලික පුද්ගලික බල අරමුණු වෙනුවෙන් ආර්ටිෆිෂල් පොලිටිකල් ගේම් ගහන්න ගියහම වෙන දේ එතකොට අපිට බලාගන්න පුළුවන්. දැන් මේක කියවලා කවුරුවත් කේන්ති ගන්න එපා. ඔබ කළ යුත්තේ තාර්කිකව මගේ ප්‍රකාශ ඛණ්ඩනය කිරීමයි. ඔබේ තර්කය සාධාරණ නම් මා පිළිගන්නම්. 

ධර්මය ඔබට මග වේවා!

මංගල නැති රනිල් - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 අප්‍රේල් 4


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'රනිල් දමා අනුර දිනවමු' - (එරන්ද ගිනිගේ) | The Leader