කළු තොප්පිකාරයන්ගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ පළමු අරගලකරුවා ලෙස හැඳින්වූ බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න පසුව සිත් තැවුලෙන් සිය දිවි නසා ගත්තේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හට ඇමතිකමක් ලබා දීමට සැලසුමක් තිබේ යැයි කියමින් එයට විරුද්ධව ඔවුන් එකල මාධ්‍ය නිවේදන පවා නිකුත් කළේ ය.
Black Caps යනු එජාපයේ බළල් අතක් බව දන්නෝ දනිති. එහි කැඳවුම්කරුවෙකු වන හේමප්‍රිය නමැති ටියුෂන්කාරයා එජාපයේ උපකාරක පන්තිකරුවන්ගේ සංගමයේ ලේකම්වරයා ය. අද ඔහු ටිරාන් අලස්ගේ පක්ෂයේ දේශපාලන ලේකම්වරයා ලෙස පත් කර තිබේ.
හේමප්‍රිය කවිරත්න
වාර්තා වන ආකාරයට රනිල් ඡන්දයට ඉදිරිපත් වෙන්නේ එම පක්ෂයෙනි. මොකෙන් ආවත් මොවුන් කඩේ යන්නේ රනිල්ට ය. ලොකුම විහිළුව වන්නේ කළු තොප්පි දාගත් හේමප්‍රිය විසින් අරගලයේ මෝඩ තරුණයන්ව එකල ඇන්දුවේ “තමා විධායක ජනාධිපති ධුරයට විරුද්ධ ය” කියා ය. අපරාදේ බුද්ධි ප්‍රබෝධ දිවි නහ ගත්තේ. මේ නරි නාඩගම් ටිකත් බලලම නහින්න තිබුණා… මේවාට එරෙහිව කට අරින්නට එකදු අරගලකරුවෙක් අද නොමැත. අහෝ අරගලකරුවනි, ඔවුන් ඔබව රවටන බව එදා අප ඔබට කීවා නොවේද!

එතකොට රනිල් වික්‍රමසිංහට උදව් කරන්න කියන සමහර පොහොට්ටුවේ මන්ත්‍රීලාට සහ ඔවුන්ගේ නූගත් හෙන්චයියන්ට දැන් වැඩ කරන්න වෙන්නේ ඔවුන්ගේ ගෙවල් ගිනි තැබූ අරගලකරුවන් සමග ය. මහින්ද, ගෝඨාභය, නාමල් රාජපක්ෂලා ඉලක්ක කර ඝාතනය කරන්න හැදූ කුලී අරගල නායකයන් සමග පොහොට්ටුවේ ඇතැම් මන්ත්‍රී මන්ත්‍රිනීලා නිදි වැදීම දෛවයේ සරදමකි. තමන්ගේ බලය වෙනුවෙන් තම මව් වුවත් විකුණන ජාතියේ අලජ්ජී දුදනන් අපට දැන් මනාව හඳුනාගත හැකිය.
දිස් ඉස් පොලිටික්ස්.
(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com
2024 අප්‍රේල් 8




