The Leader News
BREAKING
Top Ad
Opinion

අලස්ගේ කළු තොප්පිය - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

April 10, 2024 • 7:17 AM

අලස්ගේ කළු තොප්පිය - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංවිධානය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කර තිබෙන බව එහි ඊනියා දේශපාලන මණ්ඩලය විසින් ඊයේ (9) දැනුම් දී තිබේ.
  • කළු තොප්පි කල්ලියේ සාහසික නායකයා එජාපයේ ටියුෂන්කාරයන්ගේ සංගමයේ සභාපතිය… 2022 කළු මැයි දින දා රට පුරා ත්‍රස්තවාදය දියත් කළ සාහසිකයන් අතර බාගෙට බාගයක් ජවිපෙට සහ එජාප/සජබ ට සම්බන්ධ අය බව වාර්තා වේ.
  • දැන් ඒ සියලු පෝස්ට් මකා දමා ඇත.
  • එම සාහසිකයන්ට එරෙහිව අධිකරණ කටයුතු ක්‍රියාත්මක කරන බවට ජනාධිපති ලේකම්වරයා විසින් අධිකරණයට දුන් පොරොන්දුව වසර දෙකක් තිස්සේ තවම ජනාධිපති කාර්යාලයේ හිර වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

සංවිධානය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කර තිබෙන බව එහි ඊනියා දේශපාලන මණ්ඩලය විසින් ඊයේ (9) දැනුම් දී තිබේ. එම ම්ලේච්ඡ සංවිධානය අහෝසි කිරීමට හේතු වීම වෙනුවෙන් ටිරාන් අලස් මැතිතුමාට ස්තුතිවන්ත වෙමු.

 

FB IMG 1661197445381
එදා පොහොට්ටුවේ පුද්ගලයන් නම් කරමින් ඔවුන්ට පහර දීමට අරගලකරුවන් මෙහෙයවමින්, බස් රථ අංක බෙදා හරිමින් ඒවායේ ගැහැණුන්ට බලහත්කාරකම් කොට බස්සවා නිරුවත් කොට පහර දී මහමග ඇද ගෙන යෑමට පොළඹවමින්, පොහොට්ටුවේ පුද්ගලයන්ගේ ලිපින බෙදා හැර ඒවා මංකොල්ල කා ගිනිබත් කිරීමට අනුබල දෙමින්, අහිංසක කාන්තාවන්ට පහර දී දියේ ගිල්වා දැමීම ලෝකයට පෙන්වන්න ෆේස්බුක් ලයිව් දුන් විකෘති කාමාසාවෙන් පෙළුණු අශිෂ්ට අරගල නායකයන් අද ප්‍රජාතාන්ත්‍රික දේශපාලන පක්ෂයක ප්‍රධාන තනතුරුවලට පත් කරගැනීමට පෙර ඔවුන්ගේ “කළු” අතීතය මකා දැමීමට උත්සාහ කිරීම අපට තේරුම් ගත හැකිය. 

88-89 භීෂණ යුගයේ “කළු බළල්ලු” නමින් මෙවැනි සාහසික කල්ලියක් තිබිණි. ඔවුන්ද මේ ආකාරයෙන්ම එදා ප්‍රචණ්ඩත්වය වැපිරුවේ ය. එජාපයට මෙවැනි සාහසික කල්ලි පිළිබඳ කළු ඉතිහාසයක් තිබේ. කළු තොප්පි කල්ලියේ සාහසික නායකයා එජාපයේ ටියුෂන්කාරයන්ගේ සංගමයේ සභාපතිය… 2022 කළු මැයි දින දා රට පුරා ත්‍රස්තවාදය දියත් කළ සාහසිකයන් අතර බාගෙට බාගයක් ජවිපෙට සහ එජාප/සජබ ට සම්බන්ධ අය බව වාර්තා වේ. අලස්ගේ අනුදැනුමෙන් වුණත් නැතත් ඔහුගේ කුප්‍රකට පත්තරේ ජඩමාධ්‍යකාරයන් පවා එදා එම ප්‍රචණ්ඩත්වය සිය සමාජ මාධ්‍ය පිටුවල සතුටින් මුදාහැරියේ ය. දැන් ඒ සියලු පෝස්ට් මකා දමා ඇත. ඔවුන්ගේ කළු අතීතය ගැන ඔවුන් ලැජ්ජා වන තැනට ඔවුන් පත් කිරීම ගැන අලස්ට ස්තුතිවන්ත වෙමු.

420515395 444844218204810 5936495283929003366 n

 

නමුත් ප්‍රශ්නය තවම විසඳි නැත. ජනරජයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ප්‍රජාතාන්ත්‍රික දේශපාලන පක්ෂයක පුරවැසියන් සහ ජනතා නියෝජිතයන් ඉලක්ක කර මානව හිමිකම් උල්ලංඝනය කරමින් Black Caps ඇතුළු සාහසික අරගලකරුවන් විසින් දියත් කළ “මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ” (Crimes Against Humanity) වෙනුවෙන් තවමත් නීතිය ක්‍රියාත්මක කර වරදකරුවන්ට දඬුවම් පමුණුවා නොමැත. එම සාහසිකයන්ට එරෙහිව අධිකරණ කටයුතු ක්‍රියාත්මක කරන බවට ජනාධිපති ලේකම්වරයා විසින් අධිකරණයට දුන් පොරොන්දුව වසර දෙකක් තිස්සේ තවම ජනාධිපති කාර්යාලයේ හිර වී ඇත. ඒ ඇයි? 

එයට හේතුව එම වරදකරුවන් අද වැඩ කරන්නේ ජනාධිපති වෙනුවෙන් නිසා ද? පොහොට්ටුවේ ඡන්ද දායකයන්ගේ සහයෝගය ඉල්ලන රනිල් වික්‍රමසිංහ සියල්ලට පළමුව කළ යුත්තේ මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ කළ සාහසික අරගලකරුවන්ට නීතිය ක්‍රියාත්මක කර දඬුවම් පැමිණවීම යි. පොහොට්ටුවේ මිනිසුන්ට පහර දෙන්නට නියෝග දුන් සහ පහර දුන් අපරාධකරුවන් ඔඩොක්කුවේ දමාගෙන පොහොට්ටුවේ සහාය ඉල්ලීම විහිළුවකි. 

 

bcm s

එම අපරාධකරුවන් සමග නිදි වදින්නට යන පොහොට්ටුවේ යැයි කියාගන්නා අයත් ත්‍රස්තවාදී කුමන්ත්‍රණයේ කොටස්කරුවන් විය හැකි යැයි සාධාරණ සැකයක් තිබේ. මන්ද සදාචාරයක් කියා නාමයක් තිබෙනවා නම් පොහොට්ටුවේ කිසිවෙකුට පොහොට්ටුවේ සහෝදර සහෝදරියන්ට අමානුෂික ලෙස පහර දුන් අය සමග එකට වාඩි වී කැම්පේන් කරන්නට බැරි නිසා ය. එවැනි මන්ත්‍රීලා ගැන පොහොට්ටුවේ වැසියන් ඊළඟ මැතිවරණයේදී තීරණයක් ගනු ඇත. ඒ වෙනුවෙන් පොහොට්ටුවේ මිනිසුන් දැනටමත් පෙළගැසෙමින් තිබේ.

කෙසේ වෙතත් උපතින්ම ත්‍රස්තවාදී මානසිකත්වයෙන් පෙළෙන සයිකොපතික පුද්ගලයන් පාලනය කිරීමට යොදාගත හැකි එක් ක්‍රමයක් වන්නේ ඔවුන් කිසියම් කාර්යයක යොදවා තැබීම යි. ඇතැම් විට අලස් කරන්නේ එය විය හැකි ය. නමුත් වරක් ත්‍රස්තවාදියා හැමදාම ත්‍රස්තවාදියා බවත් අලස් හොඳින් දන්නා බව අපට විශ්වාස ය. අලස්ට කළු තොප්පිය ගලවා ලාච්චුවේ දැමිය හැකි වුවත්, එයින් ඔබට වැදුණු කළු පැල්ලම නම් කිසිසේත්ම සෝදා හැරිය නොහැකි බව කරුණාවෙන් මතක් කරමු. පොහොට්ටුවේ මිනිසුන්ට රටේ නීතියෙන් සාධාරණයක් නොකරන්නේ නම් අපට සිදුවන්නේ ජාත්‍යන්තර අධිකරණයට යෑමට ය. ධර්මය ඔබට මග වේවා!
 

පුරන් අප්පු සහ දේවසිරි අප්පො - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 අප්‍රේල් 10 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...