The Leader News
BREAKING
Top Ad
Opinion

කණා වෙනුවෙන් - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

April 11, 2024 • 8:18 AM

කණා වෙනුවෙන් - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සාකච්ඡාවෙදි එක පාර්ශ්වයක් හරිම ඉමෝෂනල් වෙමින් කියන්නෙ ඒ නම් නිසා ආබාධිත අයගේ හිත රිදෙනවා කියලයි.
  • ඒ වගේම ඉතාම සමීප කුළුපඟ බව දන්වන්නයි.
  • ප්‍රධානවම සමාජය එක්ක ගනුදෙනු කරද්දි උවමනා නැති තරම් සුමුදු වෙන්න ගිහින් හිත තලාගන්නෙ නැතුව ජීවත් වීමේ පුහුණුවක් ඒ භාෂාව ඇතුලෙ උන්ට ලැබෙනවා.
  • වචනයක් දරාගන්න බැරි ආබාධිත පිරිසක් ඇතිවීම කියන්නෙ ඉතාම නරක තත්වයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ සාකච්ඡාවෙදි එක පාර්ශ්වයක් හරිම ඉමෝෂනල් වෙමින් කියන්නෙ ඒ නම් නිසා ආබාධිත අයගේ හිත රිදෙනවා කියලයි. නමුත් මේ වෙනකල් කිසිම ආබාධිත කෙනෙක් ඒ විදිහට නම් වෙනස් කිරීමේ යෝජනාවක් ගෙනල්ලා නම් නෑ. ආබාධිත අය වෙනුවෙන් කියල හිතලා ආබාධිත නොවන අයට තීරණ ගන්න සිද්ද වෙනවා නම් මුලින්ම කරන්න ඕන ඒ ආබාධිත තත්වය වෙනස් කරන්න උත්සාහ ගන්න එකයි.

ඉදිරියට කතා හෝ සිංදු ‍හෝ පාරවල් හෝ හදනවා නම් ඒවාට කාගේවත් හිත නොරිදෙන තාලේ නම් දාගන්න එක වෙනම වැඩක්. ඒත් අතීතෙට ගිහින් ඒවත් වෙනස් කරන්න හදනවා කියන්නෙ මොලේ පරීක්ෂා කරගන්න උවමනා තරමෙ ආබාධයක්.

z p28 Mahadanamuttaරබ්බඩ අයියා, පුවක් පඩිල්ලා කිව්වම බොඩි ෂේමින්ග් ලු.

 

උදා විදිහට මහදැන මුත්තාගේ ගෝලයන්ගෙ පවා නම් වෙනස් කරන්න කෙනෙක් යෝජනා කරලා තිබුන. රබ්බඩ අයියා, පුවක් පඩිල්ලා කිව්වම බොඩි ෂේමින්ග් ලු. මේ මහදැන මුත්තා කියන්නෙ අපේ මුල්කාලෙ මතකයක්. අපේ ජන සංස්කෘතියෙ කතාවක්. ඒ කතාව එක්ක බැඳුනු ජීවිත, මතක අපිට තියෙනවා. කිසි කෙනෙකුට ඒ කතා අහද්දි ඒවා ආබාධිතයන්ට උසුලු විසුලු කරන නම් හැටියෙන් පේන්නෙ නෑ. ඒ කතන්දරයක චරිත විතරයි.

ඒ වගේ දේවල් ආබාධිත අයට, මහත කෙට්ටු අයට කරන උසුලු විසුලු හැටියෙන් බාරගන්නවා කියන්නෙම ඒ කෙනෙකුට මේ රටේ සංස්කෘතික අත්දැකීමක් නෑ කියන එක. නිකං බටහිර භාෂාවල අලුතෙන් ආපු මෝස්තරයට, ළදරු වලිප්පුවක් වුනු ‘වෝක්’ රැල්ලට අනුව අපේ භාෂාවත් වාරණය කරන්න හදනවා මිස කාලාන්තරයක් මිනිස්සු අතර හුවමාරු වීමෙන් භාෂාවකට ලැබෙන ජීව ගුණය ගැන දැනීමක් ඒ අයට නෑ.

asian woman men survey assessment analysis feedback icon 939923294 5c43eb3dc9e77c00010a50b6භාෂාවක වැදගත්ම දේ වෙන්නෙ යමක් අනෙකෙන් වෙන් කොට දැක්වීමයි.

 

භාෂාවක වැදගත්ම දේ වෙන්නෙ යමක් අනෙකෙන් වෙන් කොට දැක්වීමයි. ඒ අනුව අරක නොවන දේ හැටියෙන් මේක අඳුරගන්න පුළුවන් වෙනවා. කෙනෙකුට බඩා, කොටා, කලුවා කියන්නෙ ඒ අයව අනිත් අයගෙන් වෙන් කරලා පැහැදිලිව හඳුන්වන්නයි. ඒ වගේම ඉතාම සමීප කුළුපඟ බව දන්වන්නයි. පොලිටිකලි කරෙක්ට් භාෂාවෙන් කතා කරන අය අතර නැති ආදරයක්, සම්බන්ධයක්, පොලිටිකලි ඉන්කරෙක්ට් භාෂාවෙන් ගනුදෙනු කරන මිනිස්සු අතර තියෙනවා.

අපේ රටේ බඩාලා, කොටාලා ඒ වචන වලින් හැගීම් රිද්දගත්තෙ නෑ. උන් ඒ තරම් බොළඳ නෑ. ප්‍රධානවම සමාජය එක්ක ගනුදෙනු කරද්දි උවමනා නැති තරම් සුමුදු වෙන්න ගිහින් හිත තලාගන්නෙ නැතුව ජීවත් වීමේ පුහුණුවක් ඒ භාෂාව ඇතුලෙ උන්ට ලැබෙනවා. මිනිස් ගනුදෙනුවලදි අවශ්‍ය කරන දරාගැනීම සහ තේරුම් ගැනීම ඒ භාෂා ව්‍යවහාරයෙන් පුහුණු කරනවා.

පුවත් - Results from #2520ඒ අවුරුදු හතර ඉවර වුනාට පස්සෙත් අපි ඒ කැත නම ආදරෙන් මතක් කරනවා.

 

කැම්පස්වලදි අපි හැමෝටම එහෙම කැත නමක් හම්බුවෙනවා. ඒ අවුරුදු හතර ඉවර වුනාට පස්සෙත් අපි ඒ කැත නම ආදරෙන් මතක් කරනවා. ඒකෙන් අපි පීඩාවකට හෝ අසහනයකට පත් වෙන්නෙ නෑ.

වචනයක් දරාගන්න බැරි ආබාධිත පිරිසක් ඇතිවීම කියන්නෙ ඉතාම නරක තත්වයක්. ආබාධිතයෙකුට ජීවිතේ ඊට වඩා ගොඩක් දේවල් දරාගන්න සිද්ද වෙනවා. බොරුවට වෙනස් හැකියා සහිත කියල හැදින්නුවාට ඒකෙ අඩුවක් වෙන්නෙ නෑ. ඒ වගේ බොළඳ මානසිකත්වයක් ඇතිවීමෙන් සිද්ද වෙන්නෙ දිවි නසාගැනීම් වැඩි‍වීම විතරයි. මොකද කෘතිම සමාජයක් මිස ස්වභාවික සමාජයක් එහෙම නිවැරදි නෑ.

 

මීට ටික කාලෙකට කලින් සකල බුජං සිංදුව විනාස කළා. දැන් කණා මුට්ටියට කෙලියා. ඇත්තටම කණා කියන්නෙ අන්ධභාවයට විතරද? භාෂාව ඒ විදිහට තනි තේරුම් සහිත දෙයක්ද? කණා මුට්ටිය කියද්දි ‘නොදැන ඉබාගාතේ පහරදීම- කණා ගැසීම කියන එකත්, නොපෙනෙන මුට්ටිය- කණ මුට්ටිය කියන එකත් (ඇස් බැඳීම නිසා) එකවිට අදහස් වෙනවා. එතන කොතනකවත් අන්ධයාට අපහාස කිරීමේ අරමුණක් නෑ.

ඒ අරමුණ ඇති කරන්නෙ මේ අමුතු නිවැරදිභාවයේ උත්සාහය විසිනුයි. මේ වාරණය හින්දයි අන්ධයාට කණා කීම අපහාසාත්මක අර්ථයකින් ඉස්මතු වෙන්නෙ. ඒක ඊට කලින් තිබුන එකක් නෙමෙයි. කණවැල අල්ලනවා කියන එක මහලු මව්පියන්ට ගෞරවයෙන් කරපු දෙයක්. කණා මුට්ටිය කියන්නෙ අපහාසයක් වුනේ කොහොමද?

රවාෂ : කිරි හින්දේ ඇයි ? - (සුජිත් අක්කරවත්ත)කාවන්තිස්ස කියන්නෙ කපුටෙක් වගේ කලු තිස්ස කියන එක

 

අපේ ඉතිහාසයේ රජවරුන් හඳුන්වන්නත් මේ ආකාරයෙන් වෝක්වාදීන් විසින් අපහාස විදිහට හඳුන්වන නම් පාවිච්චි කරනවා. උදා විදිහට කාවන්තිස්ස කියන්නෙ කපුටෙක් වගේ කලු තිස්ස කියන එක. ඒත් ඉතිහාසය කනින්නෙකුට මේ කපුටෙක් වගේ කලු 'කාවන්' කියන එකෙන් ඒ රජතුමාගේ මූලයන් පිළිබඳ වැටහීමක් ගන්න පුළුවන්. උදා විදිහට කාවන්තිස්ස කපුටෙක් වගේ කලුයි කියන්නෙ අනිත් අයට වඩා වෙනස් වූ කලුවක් කියන එකයි. ඒ ප්‍රදේශයේ මුහුදු වැද්දන් ආශ්‍රිත සම්භවයක් කාවන්තිස්සට තිබුනා කියන කතාව හැංගෙන්නෙ අර හඳුන්වන විශේෂණය ඇතුලෙයි. එතනදි ඒක අපහාසයක් නෙමෙයි ඉතිහාසය පාදන මුලක් වෙනවා.

මේක අපි තේරුම් ගන්න ඕන වාරණයක් විදිහටයි. මේ වාරණය පනවන්නෙ රජය විසිනුයි. මෙතනදි ඇත්තට වෙන්නෙ රජය විසින් අපි පාවිච්චි කරන භාෂාව වාරණය කිරීමයි. ඒක බලහත්කාරයක් හැටියෙන් තේරුම් ගන්නෙ නැතුව එහි ගුණ වයන උන් දැක්කම විහිලුසහගතයි.

භාෂාව කියන්නෙ සංස්කෘතික උරුමයක්. ඒ හැම වචනයක්ම විශාල මානව හැගීම් පද්ධතියක් එක්ක සම්බන්ධයි. ඒ වචන වාරණය කරනවා කියන්නෙ ඒ වචනවලින් පාතාලයක් නිර්මාණය කරනවා කියන එකටයි. වික්‍ටෝරියානු සදාචාරය විසින් නිර්මාණය කරන ලද කුණුහරුප කියල ජාතියක් අද පවතින්නෙ ඔය ආකාරයෙන්ම පැනවුනු සදාචාර තහංචි නිසයි. දැන් ‘කණා’ කියන වචනයත් කුණුහරුපයක් කරන්නයි හදන්නෙ.

 

වචන වෙනස් කරලා මිනිස්සු වෙනස් කරන්න බෑ. මිනිස්සු වෙනස් වීමෙන් වෙනස් වචන නිර්මාණය වෙන එකයි වෙන්න ඕන. ඒ වෙනුවට බලහත්කාරයෙන් වචන වාරණය කරලා යහපත් මිනිස්සු හැටියට පෙනී ඉන්න යනවා කියන්නෙම ලොකු බොරුවක්. මිනිස්සුන්ගේ චර්යාව තුලින් භාෂාවෙ අර්ථයන් වෙනස් වෙනවා.

උදා විදිහට කාලයක ඉතා ධනවත් උසස් නිදහස් කාන්තාවන් හැඳින්වූ ගණිකා කියන වචනෙ අද පාවිච්චි වෙන්නෙ ගැරහුම් අර්ථයකින්. එතකොට ගණිකාව කියන එක ලිංගික ශ්‍රමිකයෙක් බවට ඌනනය කිරීමෙ නෙමෙයි කරන්න ඕන. ඒ වෘත්තියට තියෙන සැබෑ පිලිගැනීම වෙනස් කරන එකයි. ඒ වෙනුවට ගණිකා කියන වචනය වෙනස් කරන්න මැදිහත් වෙන අය කරන්නෙ ඇත්තටම ගණිකා වෘත්තිය ගැරහුම් අර්ථයෙන්ම පවත්වාගන්න උදව් වෙන එකයි.

ආබාධිතයන් වෙනුවෙන් මේ කරන වැඩෙත් ඒ විදිහමයි. උන්ට වචනයක් විතරක් ලැබෙනවා, උන් ඉල්ලපුවත් නැති.

හෑලි ටයිම්ස් - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

සබැඳි ලිපි :

අනිත් දෙක වගේ අවුරුදු උත්සව වල බොරු කීමේ තරඟයේ නමත් වෙනස් කරන්න බැරිද?- (තිලක් සේනාසිංහ)

අලුත් අවුරුදු උළෙලක 'හොඳම විහිළුවට' සුදුසු කාරනා ? - (තිලක් සේනාසිංහ)

අවුරුදු ක්‍රීඩා දෙකක නම් වෙනස් කරයි


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...