The Leader News
BREAKING
Top Ad
Opinion

කණා සහ අන්ධයා : රජයේ තීන්දුව ගැන උපතින්ම දෑස් අන්ධ ඉන්දික තොටවත්ත කියන කතාව

T

The Leader Desk

April 11, 2024 • 4:37 PM

කණා සහ අන්ධයා : රජයේ තීන්දුව ගැන උපතින්ම දෑස් අන්ධ ඉන්දික තොටවත්ත කියන කතාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙනුවෙන් “කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම”, “වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” ලෙස වෙනස් කළ බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් පවසයි.
  • උපතින්ම දෑස් අන්ධ 'ජෝතිෂ්‍යවේදී' ඉන්දික තොටවත්ත රජයේ එම තීරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය නාලිකාවක් ඔස්සේ මෙසේ සඳහන් කර ඇත.
  • ලංකාවෙ දෘෂ්‍යාබාධිත අයට දෙන්න ඕන පහසුකම් දෙන්නෙ නැතුව අවුරුදු උත්සවවල නම් මාරු කරන්න යනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

වෙනුවෙන් “කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම”, “වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” ලෙස වෙනස් කළ බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් පවසයි.


උපතින්ම දෑස් අන්ධ 'ජෝතිෂ්‍යවේදී' ඉන්දික තොටවත්ත රජයේ එම තීරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය නාලිකාවක් ඔස්සේ මෙසේ සඳහන් කර ඇත.


''මේ රටේ එහෙම ඍණාත්මක ආකල්පයක් අන්ධ අය ගැන නෑ. ඔය දැන් කණා මුට්ටිය වෙනස් කරන්න යනවනෙ. ඕක නිකං බටහිර නූතන අදහස් ඕනවට වඩා කරට ගැනීමක්. ඔයා අහලා තියෙනවද ලංකාවෙ අන්ධ කවුරුවත් ඕක වෙනස් කරන්න කියනවා?

ඕක නිකං අර වල් අලි, වන අලි කරා වගේ වැඩක්.

 

Visually impaired

ලංකාවෙ දෘෂ්‍යාබාධිත අයට දෙන්න ඕන පහසුකම් දෙන්නෙ නැතුව අවුරුදු උත්සවවල නම් මාරු කරන්න යනවා. කවුරුවත් ඔය නම් පාවිච්චි කරන්නෙ අපහාසයක් කිරීමේ අදහසකින් නෙමෙයි. චේතනාන්විතව දෘෂ්‍යාබාධිත කෙනෙකුට අපහාස කරන්න නෙමෙයි කණා මුට්ටිය බිඳීම කියන නම පාවිච්චි කරන්නෙ.  කවුරු හරි එහෙම හිතනවා නම් ඒ හිතන එකාගෙ ඔලුවෙ අප්සට් එකක්.

මේ නම් වෙනස් කිරීමෙන් වෙන්නෙ ඒ තරගවල තියෙන යුනික්නස් එක නැතිවෙන එකයි.



සබැඳි පුවත් :

කණා වෙනුවෙන් - (චින්තන ධර්මදාස)

අනිත් දෙක වගේ අවුරුදු උත්සව වල බොරු කීමේ තරඟයේ නමත් වෙනස් කරන්න බැරිද?- (තිලක් සේනාසිංහ)

අලුත් අවුරුදු උළෙලක 'හොඳම විහිළුවට' සුදුසු කාරනා ? - (තිලක් සේනාසිංහ)

අවුරුදු ක්‍රීඩා දෙකක නම් වෙනස් කරයි

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...