The Leader News
BREAKING
Top Ad
Opinion

මාලිමාවට මා කැමති එක් හේතුවක් තමයි රථගාය හොඳ කිරීම - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

April 12, 2024 • 5:34 AM

මාලිමාවට මා කැමති එක් හේතුවක් තමයි රථගාය හොඳ කිරීම - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැන් දේශපාලකයන් හා රජයෙ නිලධාරි දත මැදගෙන ඉන්නෙ එකතු කරගත් බලපත්‍ර විකුණන්න.
  • දැන් ඔය දූෂිතයන්ව පරසක්වළ ගහන්නට හයියෙන් කතා කරන ඇතැම් හිටපු නිලධාරීන් ඔය වාහන බලපත්‍ර විකුණාගත්ත විතරක් නෙමෙයි, අන්තිමට පාවිච්චි කරපු රජයේ වාහනය මහජන මුදලින් රෙපෙයාර් අරව මේවත් ඔක්කොම කරගෙන ගෙදර ගෙන ගියපු නීතියේ සිදුරුවලින් රිංගපු දූෂිතයො.
  • පීපී කරන දොස්තරලා වැනි අය හැර පළමු තීරු බදු රහිත වාහන ආනයන බලපත්‍රය ලැබෙන රජයේ අලුත් නිලධාරීන් බොහෝ දෙනෙකුට මේ බලපත්‍රයෙන් වාහන ආනයනය කරගන්නට මුදල් නැහැ.
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොදු වාහන සංචිතයක් නිර්මාණය කරන බව ජාතික ජන බලවේගයේ ‘අර්බුදය ජයගැනීමට කඩිනම් ප්‍රවේශයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේම සඳහන් වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

දැන් දේශපාලකයන් හා රජයෙ නිලධාරි දත මැදගෙන ඉන්නෙ එකතු කරගත් බලපත්‍ර විකුණන්න. සමහරුන් ගාව බලපත්‍ර දෙක තුන තියෙනවා.

දැන් වාහන ආනයනය කරන්න දුන්නොත් රටේ ඩොලර් ටිකත් පිටරට. රජයටබදු ආදායමත් නැහැ. තෙල් ආනයන වියදමත් වැඩිවෙනවා. රට නැවත ආර්ථික අර්බුදයකට යනවා.

 

තහනමෙන් පසු වාහන 6900ක් ආනයනය කරලා !

ඉස්සර මේ බලපත්‍ර දුන්නෙ වාහනය වෙන කෙනෙකුට පවරන්නට බැරි විදියට. මතක තියාගන්න, මේ නීතිය වෙනස් කරන්නට නීති සම්පාදනය කළේ පරිපාලන නිලධාරීන්. උන් දේශපාලකයන්ට වඩා දූෂිතයි. දැන් ඔය දූෂිතයන්ව පරසක්වළ ගහන්නට හයියෙන් කතා කරන ඇතැම් හිටපු නිලධාරීන් ඔය වාහන බලපත්‍ර විකුණාගත්ත විතරක් නෙමෙයි, අන්තිමට පාවිච්චි කරපු රජයේ වාහනය මහජන මුදලින් රෙපෙයාර් අරව මේවත් ඔක්කොම කරගෙන ගෙදර ගෙන ගියපු නීතියේ සිදුරුවලින් රිංගපු දූෂිතයො. රට බංකොලොත් වුණේ උන්ගෙ කෙරුවාව නිසා.

 

පීපී කරන දොස්තරලා වැනි අය හැර පළමු තීරු බදු රහිත වාහන ආනයන බලපත්‍රය ලැබෙන රජයේ අලුත් නිලධාරීන් බොහෝ දෙනෙකුට මේ බලපත්‍රයෙන් වාහන ආනයනය කරගන්නට මුදල් නැහැ. ඒ නිසා ඔවුන් කරන්නෙ ඒක වාහන සේල්කරුවෙකුට විකුණලා පොඩි කාර් එකක් අරගන්න එක. සමහරු ඒකෙන් ගානක් පොතෙත් දාගන්නවා.

S 01 1 250x355
මා මාලිමාවට කැමති එක හේතුවක් මේ ගැටලුව විසඳන්නට පැහැදිලි යෝජනාවක් ඔවුන් ඉදිරිපත් කර තිබෙන එකයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොදු වාහන සංචිතයක් නිර්මාණය කරන බව ජාතික ජන බලවේගයේ ‘අර්බුදය ජයගැනීමට කඩිනම් ප්‍රවේශයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේම සඳහන් වෙනවා. දේශපාලකයන්ටත් එහෙම නම් ඔය කාර් පර්මිට් අතේ තියාගෙන ඉන්න නිලධාරීන්ට සොරි ඩොට් කොම් තමයි. ඔවුන්ටත් වාහන සංචිතයක් නිර්මාණය කර දිය යුතුයි. දැනටත් ඔවුන් වැඩි දෙනෙකු රජයේ වාහන සංචිතයම තමයි පාවිච්චි කරන්නෙ.

මාලිමාවේ මේ ප්‍රවේශය වැනි නිර්භීත ප්‍රවේශයක් වෙන කිසිම දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශයක නැති බවත් කිව යුතුයි.

අපේ පාරක යන්න දැන්වත් සූදානම් වෙමු - (අජිත් පැරකුම් ජයසිංහ)(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මාලිමාවට මා කැමති එක් හේතුවක් තමයි රථගාය හොඳ කිරීම - (අජිත් පැරකුම් ජයසිංහ) | The Leader