The Leader News
BREAKING
Top Ad
Opinion

රනිල්ට ආදරය කිරීම හෙවත් ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය

T

The Leader Desk

April 12, 2024 • 8:21 AM

රනිල්ට ආදරය කිරීම හෙවත් ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොල්ලකාරයා එම බැංකුවේ සේවක සේවිකාවන් කිහිපදෙනෙකු ප්‍රාණ ඇපයට ගන්නවා.
  • අද පොහොට්ටුවේ ඇතැමුන් රනිල්ව ජනාධිපති කරන්න ඕනෑය කියන තරමට රනිල්ට ආදරය කිරීම ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය ඇසුරෙන් අපට පැහැදිලි කරන්න පුළුවන්.
  • ඊටත් කලින් 2014-19 යහපාලන ආණ්ඩුව තමයි සැබැවින්ම රටේ ආර්ථිකය, සමාජය, දේශපාලනය සහ රාජ්‍ය ආරක්ෂාව විනාශ කළේ.
  • ඒ කෙටි කාලයට ඩොලර් බිලියන 12 ක් ණයට ගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):

කොල්ලකාරයා එම බැංකුවේ සේවක සේවිකාවන් කිහිපදෙනෙකු ප්‍රාණ ඇපයට ගන්නවා. දින හයක බිහිසුණු මෙහෙයුමකින් පසුව පොලිසිය විසින් කොල්ලය ව්‍යර්ථ කෙරෙනවා. නමුත් සියලු දෙනා මවිත කරවමින් අර ප්‍රාණ ඇපකරුවන් කිසිවෙක් කොල්ලකාරයාට එරෙහිව අධිකරණය ඉදිරියේ සාක්ෂි දීම ප්‍රතික්ෂේප කරනවා. කොල්ලකරුවා වෙනුවෙන් ඔවුන් අරමුදලක් පවා පිහිටුවනවා. තමන්ව ප්‍රාණ ඇපයට ගත් සාහසිකයාට එම සේවකයන් ආදරය කරන්න පටන් අරගෙන. මේ විකෘති මානසික තත්ත්වය පැහැදිලි කරන්න භාවිතා කරන නම තමයි “ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය”.

 

1613713180982
අද පොහොට්ටුවේ ඇතැමුන් රනිල්ව ජනාධිපති කරන්න ඕනෑය කියන තරමට රනිල්ට ආදරය කිරීම ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය ඇසුරෙන් අපට පැහැදිලි කරන්න පුළුවන්. රනිල් කියන්නේ මුල සිටම අරගලයට සහාය දුන් කෙනෙක්. ගෝල්ෆේස් එකේ එජාපයේ ටෙන්ට් තිබුණා. රනිල් අගමැති වුණු ගමන් කිව්වේ අරගලයට පූර්ණ සහාය දෙනවා කියලා. අරගලකරුවන්ට පහසුකම් සපයන්න රුවන් විජේවර්ධනව පත් කළා. කොටින්ම රනිල් කියන්නේ පොහොට්ටුවට එරෙහිව ක්‍රියාත්මක වුණු රෙජීම් චේන්ජ් ව්‍යාපෘතියේ ප්‍රධාන පාර්ශවකරුවෙක්. ඊටත් කලින් 2014-19 යහපාලන ආණ්ඩුව තමයි සැබැවින්ම රටේ ආර්ථිකය, සමාජය, දේශපාලනය සහ රාජ්‍ය ආරක්ෂාව විනාශ කළේ. රනිල් ඒ ආණ්ඩුවේ අගමැති. මහබැංකු මංකොල්ලයට ඔහු සෘජුව වගකිව යුතුයි. අර්ජුන් මහේන්ද්‍රන් තාම ආගිය අතක් නැහැ. ඒ කෙටි කාලයට ඩොලර් බිලියන 12 ක් ණයට ගත්තා. ඒ සල්ලිවලින් වෙච්චි දෙයක් නැහැ. ලැයිස්තුව දිගයි. කාරණය පැහැදිලියි. එතකොට එහෙව් රනිල්ට පොහොට්ටුවේ ඇතැමුන් දැන් පිස්සුවෙන් මෙන් ආදරය කරන්නේ ඇයි?

ස්වීඩන් බැංකු කොල්ලය අතරතුර ප්‍රාණ ඇපයට ගත් අයට සාහසිකයන් විසින් සුළු සුළු අනුකම්පාවන් පෙන්වනවා. මේක ලස්සනට පෙන්වනවා අතිශය ජනප්‍රිය Money Heist නමැති Netflix කතා මාලාවේ. ඒකෙ ඉන්න එක ප්‍රාණ ඇපකාර කාන්තාවකට දෙන අනවර්ථ නාමයත් “ස්ටොක්හෝම්”. ඒ මේ තත්ත්වය ගැන කියන සැඳහුමක්. ඒ කතාව තාම බලලා නැද්ද? බලන්න. ආස හිතෙයි… තමන්ව ග්‍රහණයට අරගෙන ඉන්න සාහසිකයා බොරුවට හරි පෙන්වන අනුකම්පාව නිසා අර ප්‍රාණ බියෙන් ඉන්න වින්දිතයා නොදැනුවත්වම ඔහුට උදව් කරන්න පටන් ගන්නවා. තමන්ගේ ජීවිතය රැඳී තිබෙන්නේ එම සාහසිකයා අතේ. එවිට ඔවුන් හිතනවා සාහසිකයාට උදව් කිරීමෙන් ඔවුන්ගේ ජීවිතය බේරාගත හැකිය කියා. විමල් වීරවංශ පොහොට්ටුවට බැනලා අරගලයට උඩගෙඩි දෙන්නේ ඒ නිසයි. ගෝඨාභයගෙන් තනතුරු ගත්ත උදවිය ගෝඨාභයට කුනුහරුපෙන් බැනලා අරගලයට සෙට් වෙන්නේ ඒකයි. ඒක තමයි මිනිහෙකුගේ ජීවිතයේ තමන්ට කරන්න පුළුවන් නින්දිතම යටත් වීම.

syndrome 1

 

ස්ටොක්හෝම් බැංකු කොල්ලයට මැදි වන ප්‍රාණ ඇපකරුවන්ගේ මොළ හෝදනවා කොල්ලකාරයා. කොච්චර හේදුවද කිව්වොත් ඒ භීතියට පත්වූ සේවකයන් විශ්වාස කරන්න ගන්නවා පොලිසිය සහ ආණ්ඩුව පවා ඔවුන්ගේ සතුරන් කියා. පොහොට්ටුවේ රනිල්වාදීන්ගේ කුඩා මොළ ටිකත් හොඳට හෝදලා තියෙනවා රනිල්. ගෝඨාභය විසින්ම පත් කරපු සමහර ඇමතිවරු එදා ගෝඨාභය කියන දෙයට විරුද්ධව දාහක් හේතු කිව්වට අද රනිල් කියන හැම වචනයක්ම ඉස් මුදුණෙන් පිළිගන්න තැනට වැටිලා තියෙන හැටි දැක්කම හිනා කාලා පණ යනවා. රාජපක්ෂලාගේ පිහිටෙන් රාජපක්ෂලාගේ පින්තුර දාගෙන බලයට පැමිණි සමහරු දැන් රාජපක්ෂලාව හලලා තමන්ගේ දරුණුතම පීඩකයාව විශ්වාස කරලා ඔහුගේ දෙපතුල් ලෙවකනවා. මේක නම් Classic case of Stockholm Syndrome.

මේකේ worst case එක තමයි අරගලකාරයන්ගෙන් ගුටි කාපු පොහොට්ටුවේ අයත් අද එම අරගලකරුවන්ටම එකතු වෙලා පොහොට්ටුවේ අපිට පහර දීම. ඒකට නම් වෙන මොකක් හරි නමක් දාන්න ඕනා. “විජේසේකර සින්ඩ්‍රෝම්” කියන්නත් පුළුවන්… (හිනා)

 

රනිල් සහ ගෝඨාභය - අවස්ථායික දේශපාලනය - (එරන්ද ගිනිගේ)

ගෝඨාභය කරගත්ත ලොකුම වරද තමයි මේ සීනිබෝල ළදරුවන්ට ඇමතිකම් දීම. ඔවුන්ට ජීවිතාවබෝධය නැහැ. ඔවුන් තමන්ගේ තාත්තලගේ පිහිටෙන් දේශපාලනයට ආවා මිසක් තමන්ගේ හැකියාවෙන් රටට සමාජයට සේවයක් කරලා පාර්ලිමේන්තු ආව අය නෙවෙයි. ඔවුන්ට principles නැහැ. එක ප්‍රතිපත්තියක ඉන්න බැහැ. ඉවසීම නැහැ. ඔවුන්ගේ මනස හරිම දුර්වලයි. ලෙහෙසියෙන් පාලනය කරන්න පුළුවන්. දැන් හරි නම් ඔය පොහොට්ටුවේ ඇමතිලා මන්ත්‍රීලා පෙනී සිටින්න ඕනා පොහොට්ටුවේ ප්‍රතිපත්ති වෙනුවෙන්. නමුත් ඔවුන් පොහොට්ටුව, එහි ප්‍රතිපත්ති සහ එහි නායකයන් තුට්ටු දෙකට දාලා නියෝලිබරල් රනිල් කියන කියන දේ කරනවා. මෙහෙම උන් එක්ක ආණ්ඩු කරලා මේ තරමටවත් ජාම බේරගත්ත එක ලොකු දෙයක්.

හැබැයි ඔය කරන වැඩවල විපාක ඉදිරියට එනවා. එතකොට අපි බලමු මේ අය කියන කතා.

දිස් ඉස් පොලිටික්ස්.

 

පුරන් අප්පු සහ දේවසිරි අප්පො - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com
2024 අප්‍රේල් 12 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...