The Leader News
BREAKING
Top Ad
Opinion

රොහාන් පෙරේරා: අසම්පූර්ණ නර්තනයක් - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

April 12, 2024 • 6:03 PM

රොහාන් පෙරේරා: අසම්පූර්ණ නර්තනයක් - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිංහල අවුරුද්ද කට උඩ...හාට් ඇටෑක් එකකින්.
  • මුස්ලිම් නිසා පැය විසිහතරක් ඇතුලේ අවසන් කටයුතු කරයි.
  • මේ රෙද්දේ ලංකාවේ රොහාන්ට ලොකුවට පෙනී සිටින්න ඕනි කළේම නැහැ.
  • මම හිතන්නේ එහෙම දේවල් කරන්න මේ පොළොවේ බැහැ කියල හිතෙන්න ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):


සිංහල අවුරුද්ද කට උඩ...හාට් ඇටෑක් එකකින්. පාසිකුඩා වලදී. නිව්ස් එක අරන් ආවේ රුවන් ෆර්ඩි. රුවන් මේ නිව්ස් එක ඇත්තද? මම ආයෙත් ඇහුව.

මුස්ලිම් නිසා පැය විසිහතරක් ඇතුලේ අවසන් කටයුතු කරයි. අපි දෙන්න කතා වුණා. ඒ රහස මම දැනගෙන උන්න. ඒක මට කියල තිබ්බේ දීප්ති.

ප්‍රවාද එකේ මම ආසම කරපු ''ආසියාතික ස්ත්‍රියක් හමුවේ ඩෙරීඩා විසංයෝජනය කිරීම''. ඒක තමයි ලංකාව ලියපු දාර්ශනික මාස්ටර්පීස් එක. ලෝකේ ඕනෑම දාර්ශනික පයිතගරස් කෙනෙක් ගැන එහෙම ලියන්න පුළුවන් කියල අපි තේරුම් ගත්තේ රොහාන්ගෙන්. බටහිර දර්ශනයට අභියෝග කරන්න එයාගේ ආරෙට බය නැති කළේ රොහාන්.

rohan letter
ඕනෑම එකෙක් ස්ත්‍රීවාදය ගැන කතා කරන්න හදද්දී, නිබන්ධන කරන්න හදද්දී මම අනිවා ඒ හැම එකාටම සහ එකීටම මතක් කළා ඉහත ළිපිය (නිබන්ධනය) කියවන්න කියල. නමුත් මම දන්නේ නැහැ ඇකඩමියාවේ කොතරම් දෙනෙක් ඒක කියව්වද නැද්ද කියල.

උපුටන නැහැ. සමුද්දේශ නැහැ. ආචාරය උපාධි වලට නිර්දේශ කරන්නේ නැහැ. ඇකඩමික් රයිටින් වලට උගන්වන්නේ නැහැ. රිසච් මෙතොඩොලොජි වල නිර්දේශ කරන්නේ නැහැ. අර දාර්ශනික ටියුෂන් දෙන්න හදපු උන් සලකා බැලුවෙත් නැහැ.

මේ රෙද්දේ ලංකාවේ රොහාන්ට ලොකුවට පෙනී සිටින්න ඕනි කළේම නැහැ.

ලස්සන ලංකාවක් හදන්න වගේ සිහිනයක් තිබ්බෙත් නැහැ. වඩා හොඳ ලෝකයක් වගේ දේවල් දේශනා කළෙත් නැහැ. ඒවා අපි පස්සේ ඇඩ් කරගත්ත ඒවා.

මම හිතන්නේ එහෙම දේවල් කරන්න මේ පොළොවේ බැහැ කියල හිතෙන්න ඇති.

විශේෂයෙන් ඔහු ආපු නාගරික සුළුජාතික පසුබිම ඇතුලේ ඔහුට අනන්‍යතා ප්‍රශ්නයක් තිබ්බද දන්නේ නැති වුණත් ඒ පසුබිම රොහාන් පෙරේරාට රොහාන් පෙරේරා වීම සඳහා රැඩිකල් ලෙස උදව්කරන්න ඇති.

විශේෂයෙන් අපිට ගෝචර නොවන කලාප සහ අත තියන්න බය කලාප වලට ඔහු චකිතයක් නැතිව අත තියන්න ඇති. වෙනම ගේස් පොයින්ට් එකක ඉඳන් අපි දිහා බලන්න ඇති (gaze point).

අද විශාල ලෙස විකසිත වෙලා තියන බොහෝ දේවල්වල අතිශයින් තීරණාත්මක සමාරම්භකයෙක් රොහාන්.

ගොඩක් දේවල් සම්පුරණ වෙන්න කලින් ඔහුට නික්මයන්න වෙන්න ඇති.

රොහාන් කියන්නේ අසම්පුර්ණ නර්තනයක්. නමුත් ලස්සන තියෙන්නෙත් ඒ අසම්පුර්ණ බව ඇතුලේ.

ගිහින් එන්න. නැවත හමුවෙන තුරු....

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 
 

 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රොහාන් පෙරේරා: අසම්පූර්ණ නර්තනයක් - (ආචාර්ය මහේෂ් හපුගොඩ) | The Leader