The Leader News
BREAKING
Top Ad
Opinion

පශ්චාත් රොහානියානු ලංකාව - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

April 13, 2024 • 5:14 PM

පශ්චාත් රොහානියානු ලංකාව - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ රික්තය තමයි රොහාන් පෙරේරා වගේ නොන් ඇකඩමික් ඇකඩමික්ස්ලා ග්‍රහණය කරගත්තෙ.
  • භෞතික ලෝකයේ අතෘප්තිකරභාවයෙන් හා ආධ්‍යාත්මික ලෝකයේ හිස්බවින් අතෘප්තියට පත් වුණ තරුණයන් විවිධ ශාස්තෘන් සොයා ගියා.
  • ඉන් පසු ඔවුන්ගේ අනුගාමිකයන් බවට පත් වෙලා, පසුව, ඇතැම් විට තමන් ද ශාස්තෘන් බවට පත් වුණා.
  • ශාස්තෘන් මේ තරුණයන්ගේ නිර්මල ජීවිත අපයෝජනයට පවා ලක් කළ බව වාර්තා වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ රික්තය තමයි රොහාන් පෙරේරා වගේ නොන් ඇකඩමික් ඇකඩමික්ස්ලා ග්‍රහණය කරගත්තෙ. භෞතික ලෝකයේ අතෘප්තිකරභාවයෙන් හා ආධ්‍යාත්මික ලෝකයේ හිස්බවින් අතෘප්තියට පත් වුණ තරුණයන් විවිධ ශාස්තෘන් සොයා ගියා. ඉන් පසු ඔවුන්ගේ අනුගාමිකයන් බවට පත් වෙලා, පසුව, ඇතැම් විට තමන් ද ශාස්තෘන් බවට පත් වුණා.


රැඩිකල් තරුණයන් ආකර්ශනය වූ මේ ශාස්තෘවරුන්ගේ මූලික ලක්ෂණය තමයි, දැඩි ගුප්තභාවය. එහෙම ගුප්තභාවයක් නැති විවෘත අයට මේ තරුණයන්ගේ ශාස්තෘන් වෙන්නට බැරි වුණා. ශාස්තෘන් මේ තරුණයන්ගේ නිර්මල ජීවිත අපයෝජනයට පවා ලක් කළ බව වාර්තා වෙනවා. මේවායින් එළියට ආපු අය වැඩිදෙනෙකු ඒවායේ බලපෑමෙන් මිදුණු මං වගේ අය එක්ක දැඩි වෛරයකින් පෙළෙනවා.


ඔවුන් විසින් නිර්මාණය කරන ලද අදහස් ලෝකයේ මූලික ලක්ෂණය තමයි අවුල්සහගතභාවය. ඒ අවුල්සහගතභාවය සඟවා ගන්නෙ ගූඪ භාෂා භාවිතයකින්. ඒවා නොතේරෙන එකම මේ කුලකයේ පැවැත්මේ සාධකයක්. නොතේරෙන දේවල මාර දෙයක් තියෙනවා කියලා හිතාගෙන ප්‍රශ්න නොකර සිටින දයලෙක්තික විරෝධී, විඥානවාදී ලක්ෂණය නිරීක්ෂණය කළ හැකියි.


මේ අවුල්සහගතභාවය උදාහරණයකින් පෙන්නන්නම්. මේ අය ස්ත්‍රීවාදීන්. ඒත්, බොහෝ විට ඔවුන්ගේ කලාවන් විසින් ස්ත්‍රීන් නිරූපණය කරන්නෙ වින්දිතයන් ලෙසමයි. එය ආපසු ගත්තාම පිරිමි ආශාවේම පරාවර්තනයක්. සියල්ලන් ඇතුළත් කරගැනීම හෙවත් inclusivity ගැන ඔවුන්ගේ බරපතල සීමාවන් තියෙනවා. උදාහරණයක් විදියට කණා, කොරා වගේ වචන සමාජ භාවිතයෙන් ඉවත් කිරීමට දරන ප්‍රයත්නයන්ට ඔවුන් හිනා වෙනවා.


හැබැයි, ඔවුන්ට මේ වන විට ලංකාවේ, කොළඹ කේන්ද්‍රීය රැඩිකල් සංස්කෘතික අවකාශය තුළ දැවැන්ත ආධිපත්‍යයක් තියෙනවා. ඒ නිසා මේක පශ්චාත් රොහානියානු ශ්‍රී ලංකාවක්ය කියලා කියන්නටත් පුළුවන්.

මං මේක උදාහරණයකින් පෙන්වා දෙන්නම්. ජනක ඉනිමංකඩ මේ කතිකාවේ සහභාගිකයෙක් හෝ අනුගාමිකයෙක්. ඔහු ආරම්භ කර තිබෙන විදර්ශන සාහිත්‍ය ත්‍යාගයේ නවකතා අංශයේ විනිශ්චයකරුවන් දෙදෙනෙකු වන්නේ රොහාන්ගේ හා දීප්තිගේ දරුවන් දෙදෙනෙකු වන විදර්ශන කන්නන්ගර හා ප්‍රභා මනුරත්න. ලංකාවේ නවකතා කලාවේ අනාගතයට මේ ධාරාවට කළ හැකි බලපෑම කොයි තරම්ද කියා දැන් තේරෙනවාද?


හැබැයි, මෙතන තවත් ලක්ෂණයක් තියෙනවා. මේ පශ්චාත් රොහානියානු බලපෑම තියෙන්නෙ ඉතාම පුංචි බුබුළකට. මේ බබල් එක දිනෙන් දින තව තවත් කුඩා වෙනවා. දැනටමත් මේ බබල් එකත්, භෞතික ලෝකයත් අතර ‘යා දෙක නොරත රත’ වගේ පෑහිය නොහැකි පරතරයක් තියෙනවා. ඒ නිසා මෙමගින් පොදු සමාජයට ලොකු බලපෑමක් වෙන්නෙ නැහැ. හැබැයි, පොදු සමාජයට බලපෑමක් කළ හැකි ජවිපෙ වගේ දේශපාලන පක්ෂවලට මේ බුබුළ බලපානවා.


පුරවැසියන් විදියට අප දැන් කළ යුතුව තිබෙන දේ තමයි, මේ බුබුළ නිරීක්ෂණය කරන ගමන්ම ඒ බුබුළෙන් එළියට එන එක. ඒක ලේසි වැඩක් නෙමෙයි. හේතුව, මේ බුබුළට ලෙලි ස්ථර ගණනාවක් තියෙනවා. එකකින් එළියට ආවත්, තව ඒවා ඇතුළෙ අපි ඉන්නෙ.

AJITH PARAKUM(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...