The Leader News
BREAKING
Top Ad
Opinion

රොහාන් සහ කනත්තේ සංස්කෘතිය... -(ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

April 14, 2024 • 5:54 PM

රොහාන් සහ කනත්තේ සංස්කෘතිය... -(ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රොහාන්ගේ දේශපාලනික - සංස්කෘතික මැදිහත්වීම, ඇත්ත පැවැත්ම, භාවිතය සහ අකල් මරණය එක්ක එක්තරා ආකාරයක අලුත් සමාජ උද්වේගයක් (new social sensation) ජනනය කරමින් තිබෙනවා.
  • රොහාන්ගේ විවේචකයින් පවා මේකට ඇතුළත් (e.).
  • ඒ කතිකාවේ නැවුම් බව සහ වැදගත්කම.
  • ඔවුන් කුමක්ද සිදුවන්නේ යන්න දෙස බලාගෙන සිටීම.
අකුරු ප්‍රමාණය (Font Size):
රොහාන්ගේ දේශපාලනික - සංස්කෘතික මැදිහත්වීම, ඇත්ත පැවැත්ම, භාවිතය සහ අකල් මරණය එක්ක එක්තරා ආකාරයක අලුත් සමාජ උද්වේගයක් (new social sensation) ජනනය කරමින් තිබෙනවා. ඒක ටිකක් අලුත් දෙයක් හැටියට තමයි මට පේන්නේ.


විශේෂයෙන් ඔහුට සමීපව සම්බන්ද වෙලා හිටපු අය (a), තරමක් ඈතින් හිටපු අය (b.) සහ ඉතාම ඈතින් ඔහු ලිව්ව දේවල් එක්ක විතරක් ගණුදෙනු කරපු අය (c.) සහ ඊටත් ඈතින් වෙනස් දේශපාලනික සංවිධානවල ඉඳල (ජවිපෙ වගේ) මේ අලුත් උද්වේගය දැකල ඒක මොකක්ද (කවුද මේ 'පශ්චාත් නූතන බුද්ධා'?) කියල කුතුහලයෙන් ඉන්න අය (d.) වගේ ප්‍රවර්ග කීපයක් මේ අතුරින් හඳුනා ගන්න පුළුවන්. රොහාන්ගේ විවේචකයින් පවා මේකට ඇතුළත් (e.).


මේ දේශපාලන උද්වේගය දැනට තියෙන්නේ බුකියේ විතරක් උනාට ඒක ඊට වැඩිය වේගයකින් සමාජය හරහා ගලායන්න උනත් වැඩි හැකියාවක් තියනවා.

රොහාන්ට ලැබෙමින් පවතින සමාජ අවධානය අනික් දේශපාලන අවධානයන් දිනකට දෙකකට අමතක කරන තරම් ප්‍රභලතාවක් සහ බුද්ධිමය ත්‍රීවෘතාවකින් යුක්තයි (intellectual intensity). ඒක මේ වෙලාවේ ටිකක් අලුත් තත්වයක්.

සමහර වෙලාවට මේක තව දවසක් දෙකකින් නැතිවෙලා යන්නත් ඉඩ තියනවා. නමුත් මේ සිද්ද වෙන්නේ මොකක්ද?
 
a. රොහාන් අරන් ආපු සෑහෙන්න පමණ දශක කීපයක් සහ අදත් වැදගත් ඔහුගේ කතිකාමය - බුද්ධිමය මැදිහත්වීම. ඒ කතිකාවේ නැවුම් බව සහ වැදගත්කම.
ඒක සම්ප්‍රදායික දේශපාලන පක්ෂවල පැත්ත පළාතේ නැතිකම. ඒ නැතිකම තුළ රොහානියානු සහ X ආභාෂය සහිත සෑහෙන පමණ නාගරික සහ අගනාගරික පිරිසක් ලංකාව පුරා විසිරි සිටීම. ඔවුන් කුමක්ද සිදුවන්නේ යන්න දෙස බලාගෙන සිටීම.

b. මේ බුද්ධිමය බව සම්ප්‍රදායික වම තුල නැතිවීම නිසා විගලිත, බර්ලින් තාප්පයේ බිඳවැටීමෙන් පසු ලාංකික පරම්පරාවක් අලුත් දේශපාලනයක් සොයමින් සිටීම (new social movement). සහ එය තවමත් හමු නොවීම. මේ වෙනුවෙන් ආදේශවීමට රොහාන් හෝ X ප්‍රවේශයන් කිසිවක්ගෙන් ආකර්ෂනීය කිසිවෙක් නොමැතිවීම. මේක තරමක අනන්‍යතා අර්බුදයක් වැනි යමක්.

c. රොහාන් ස්ත්‍රිය වෙනුවෙන් කතිකාවට රැගෙන ආ පශ්චාත් ස්ත්‍රී මාක්ස්මය (ලාංකික) ප්‍රවේශය ඉතාම ප්‍රභලවීම සහ එයට විශාල ඉඩක් සමාජය තුල තවමත් පැවතීම. ඒක ජනගහනයෙන් හරි අඩක් වෙනුවෙන් වන විශාල සත්‍යයක්.

d. රොහාන් විසින් අරන් ආපු ප්‍රතිරූපය (image) : විශේෂයෙන් වමට ගෝචර නොවන සහ ගොඩක් වෙලාවට වම විසින් බහිස්කරණය කරන ලද ඇඳුම් ආයිත්තම් සහ සංස්කෘතිකකරණය සමාජ අවිඥාණයයක් හැටියට පැවතීම.  
 
රොහාන්ගේ පැවැත්මේ කුමන ප්‍රශ්න සහ සීමාකම් තිබ්බත් ඔහු සමාජගත කල කතිකාව තවමත් පොහොසත්. ඒ නිසාම ඒක නාගරික චලනයක් ඇතිකරන්න සමත් (new social mobility).

අපි ජෝතිපාලගේ සිංදු ඇහුවට ජෝතිපාලට එතරම් සමාජ ප්‍රතිචාරයක් තිබුණු බව දැනගත්තේ එදා බොරැල්ල කනත්තෙන්.

මට තියන කුකුස නම් රොහාන්ටත් එවන් කනත්තේ සංස්කෘතියක ආරම්භයක් සනිටුහන් වේද කියන එක....

(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 
 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...