The Leader News
BREAKING
Top Ad
Opinion

රොහාන්ගේ මෘත කලේබරය මත තබා දීප්ති පෙති ගැසීම - (ජයසිරි අලවත්ත)

T

The Leader Desk

April 15, 2024 • 6:36 AM

රොහාන්ගේ මෘත කලේබරය මත තබා දීප්ති පෙති ගැසීම - (ජයසිරි අලවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විපර්යාසකර ක්‍රියා මාර්ගයක් මඟින් එවිට නව්‍යතම අවස්ථාවක් එනම් පූර්ණ මානුෂිකභාවය ගවේෂණය පහසු කරන්නා වූ අවස්ථාවක්, නිර්මාණය කොටගත හැක්කේ ය.
  • නමුත් එම අවස්ථාව විපර්යාසයට භාජනය කිරීමේ නිරවද්‍ය අරගලය තුළ, පූර්ණ මනුෂ්‍යත්වය අරබයා වූ අරගලය ද දැනටමත් ආරම්භ වී ඇත.
  • නමුදු මිය ගිය පුද්ගලයා සතුව තිබූ දැනුම් පද්ධතිය අලුතින් පැමිණෙන දැනුම් පද්ධතියට කිසි සේත් ම සමාන නොවන බවත්, ඊට අභියෝග කළ නොහැකි බවත් අප තරයේ සිහි තබාගත යුතු ය.
  • එබඳු භෞතික මිනිස් සිරුරක් පසුගිය 12වන දින අප අතැර ගියේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

විපර්යාසකර ක්‍රියා මාර්ගයක් මඟින් එවිට නව්‍යතම අවස්ථාවක් එනම් පූර්ණ මානුෂිකභාවය ගවේෂණය පහසු කරන්නා වූ අවස්ථාවක්, නිර්මාණය කොටගත හැක්කේ ය. නමුත් එම අවස්ථාව විපර්යාසයට භාජනය කිරීමේ නිරවද්‍ය අරගලය තුළ, පූර්ණ මනුෂ්‍යත්වය අරබයා වූ අරගලය ද දැනටමත් ආරම්භ වී ඇත. පීඩාකාරී අවස්ථාව, එහි සමස්තය වශයෙන්ම පීඩකයන් ද ඔවුන් විසින් පීඩාවට පත්කරන්නන්ද එක හා සමානව අවමානුෂිකත්වයට පත්කොට තිබුණ ද, තමන්ගේ අමානුෂික පීඩනය මධ්‍යයේ ම, පූර්ණ මානුෂිකභාවය සඳහා සටන් කළ යුත්තේ ද පීඩිතයන්ම ය. අන්‍යයන් අමානුෂිකත්වයට පත්කිරීම තුළින් අවමානුෂිකකරණයට පත්වී සිටින පීඩකයන්ට මෙම අරගලය කොහොමටවත් ගෙන යා නො හැක්කේ වෙයි.’’

සංවාදය සංවිධානය සහ විප්ලවය (Pedagogy of The Oppressed): Paulo Freire: පරිවර්තනය සයිමන් නවගත්තේගම: 1997: පිටු 06 සහ 07

pedagogy
සාම්ප්‍රදායික වදනින් ම පවසන්නේ නම් තවත් එක් සූර්ය මංල්‍යයක් අවසන් විය. නමුදු යළිත් ලබන වසරේ ද එබඳු ම සූර්ය මංගල්‍යයක් එළඹෙන්නේ ය. එහෙත් අප හැර යන භෞතික මිනිස් සිරුරු යළි කිසි දිනක අප අතරට නොපැමිණේ. තවත් පසෙකින් ගත් විට එබඳු භෞතික සිරුරු ධරමානව සිටි සමයේ ඉතිරි කර ගිය කිසියම් දැනුම් පද්ධතියක් වේ නම් එය තවත් බොහෝ කාලයක් (නිශ්චිත කාලයක් පැවසිය නොහැකි) පවතින්නේ ය. 

ඉදින් එබඳු දැනුම් පද්ධතියක් සහිත කිසියම් භෞතික සිරුරක් අප අතැර ගියේ නම්, අප ඒ පිළිබඳ එතරම් කනගාටු විය යුතු නැත. එහෙත් කනගාටු වීමට ද ප්‍රබල කරුණක් පවතී. එනම් එම භෞතික සිරුර තව දුරටත් ධරමානව සිටියේ නම් ඔහු හෝ ඇය වෙතින් අපට ලබාගත හැකිව තිබූ තවත් බොහෝ දැනුම් පද්ධති අවසාන වීම ය. ඒ වෙනුවට නව දැනුම් පද්ධති පැමිණිය හැකි ය. නමුදු මිය ගිය පුද්ගලයා සතුව තිබූ දැනුම් පද්ධතිය අලුතින් පැමිණෙන දැනුම් පද්ධතියට කිසි සේත් ම සමාන නොවන බවත්, ඊට අභියෝග කළ නොහැකි බවත් අප තරයේ සිහි තබාගත යුතු ය. එබඳු භෞතික මිනිස් සිරුරක් පසුගිය 12වන දින අප අතැර ගියේ ය. ඒ භෞතික සිරුර හිමි පුද්ගලයා වෙනකකු නොව රොහාන් පෙරේරා ය.

මංගල : නැතුව බැරි මිනිහෙක් - (චින්තන ධර්මදාස)

 

රොහාන් පෙරේරා නමැති පුද්ගලයා මට කිසිදු දිනක භෞතිකව සම්මුඛ වී නොමැත. නමුදු මා ඔහු කියවා ඇත. එම කියවීම පළමුව සම්මුඛ වන්නේ මාතොට සඟරාවෙනි. මාතොට සඟරාවේ සඳහන් ඇතැම් කරුණු මත මා ප්‍රවාද සඟරාවට ද ඇබ්බැහි විය. එහි පරණ මෙන් ම එවකට ප්‍රකාශ වූ කලාපවලදී ද මට රොහාන් පෙරේරා සම්මුඛ විය; ඔහු කියවී ය. නමුදු පළමුවෙන් ම ඔහු කියවන්නට මට වරම් ලැබෙන්නේ මාතොට සඟරාව තුළිනි. මාතොට සඟරාව යනු එම වකවානුවේ අපේ පරම්පරාවේ මතු නොව අපට පහළ පරම්පරාවේ ද ජීවිතාබෝධයේ වෙනසක් කළ සඟරාවක් බව වෙසෙසින් පැහැදිලි කළ යුතු නොවේ. එය සැබැවින් ම පුද්ගලිකව මගේ ජීවිතයේ අධ්‍යාපනික මෙන් ම දේශපාලනික වශයෙන් හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළ සඟරාවක් බව වෙසෙසින් ම සඳහන් කළ යුතු ය. එමෙන් ම දීප්ති කුමාර ගුණරත්න ප්‍රමුඛ එවකට X කණ්ඩායම ද ඊට දායක වූ බව මෙහි දී සඳහන් කළ යුතු ය.

ඒ සියලු කරුණු එසේ පවතිද්දී මා සුදානම් වන්නේ රොහාන් පෙරේරා පිළිබඳ වෙසෙස් යමක් ලිවිමට නොවේ. මන් ද මා ඔහු පිළිබඳ වෙසෙස් යමක් ලිවීමට තරම් උස මිනිසෙකු නොවේ. මා ඔහුගෙන් යමක් උගත් මිටි පුද්ගලයෙක් පමණි. මා මෙබඳු ලිපියක් ලිවිමට අදහස් කළේ රොහාන්ගේ මෘත කලේබරය මත තබා දීප්ති කුමාර ගුණරත්න පෙති ගසන සහ පෙති ගසන්නට සුදානම් වන නරි රැළ පිළිබඳ යමක් ලිවීමට සිත් වූ බැවිනි.

 

අපි දීප්තිට කුකුල්ලු කීයක් ණය ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ) දීප්ති කුමාර ගුණරත්න
‘‘නරියා සහ මිදි වැල’’ අප කවුරුත් අසා ඇතුවාට, කියවා ඇතුවාට සැක නැත. මේ මොහොතේ රොහාන්ගේ මෘත කලේබරය මත තබා දීප්තිව පෙති ගසන්නට සුදානම් වන්නේ ද මිදි තිත්තයි කියූ නරියන් රැළකි. මෙම නරි රැළෙහි ද විවිධ වර්ගයේ නරි සිටිති. ඒ නරි සමාන කළ හැකි වන්නේ ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ සිට මේ දක්වා එම පක්ෂය හැර ගිය පුද්ගලයන් හෝ කණ්ඩායම්වලට ය. ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව දේශපාලනික මත බේද කෙතරම් පැවතිය ද එදා මෙදා තුර එම පක්ෂය හැර ගිය කණ්ඩායම් සහ පුද්ගලයන් අතුරෙන් දැනට යම් පමණකට හෝ දේශපාලන ක්ෂේත්‍රයේ රැඳී පවතින්නේ පෙරටුගාමි සමාජවාදී පක්ෂය පමණි. එය වුව ද කෙතෙක් කාලයක් පවතී ද යන්න අනාවැකි පැවසිය නොහැකි ය. 

යට කී ආකාරයට එදා මෙදා තුර ජනතා විමුක්ති පෙරමුණ හැර ගිය පුද්ගලයන් සහ කණ්ඩායම් එක් එක් වකවානුවල එක් එක් ආකාරයෙන් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව විවිධ අපවාද එල්ල කළ; මඩ ප්‍රහාර එල්ල කළ ද එම පක්ෂයට එසේත් නොවේ නම් එම පක්ෂයේ ගමනට අභියෝග කරන්නට අදාළ පුද්ගලයන් හෝ කණ්ඩායම් (පෙසප හැර) කිසිවක් සමත්ව නැත. ඔවුන් තව දුරටත් කරමින් සිටින්නේ පෙර පරිදි ම අවලාද නැගීම සහ මඩ ප්‍රහාර දියත් කිරීම ය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ සිය ගමන (කිසියම් වෙනස්කම් සහිතව වුව ද) ඉදිරියට ගමන් කරමින් සිටියි. දීප්තිට එරෙහිව අවලාද නගන කණ්ඩායම් සහ පුද්ගලයෝ ද මිට වෙනස් නොවෙති.

2004 වසරේ X කණ්ඩායමේ බෙදීමෙන් ඉක්බිතිව දස අත විසිර ගිය පිරිස් හෝ පුද්ගලයන් බහුතරයක් ම මේ වන විට කිසියම් දේශපාලන ක්‍රියාවලියක නිරතව සිටිය ද දිප්ති පමණට එම කාර්යයේ නියැළී නොසිටින බව ප්‍රත්‍යක්ෂ කරුණකි. ඒ ඇතැම් පුද්ගලයන් පවතින ක්‍රමයේ ම ගොදුරු බවට පත්ව, පවතින ක්‍රමයේ දේශපාළුවන්ගේ උපදේශක තනතුරු ද හෙබවූහ. එහෙත් ඔවුන් කිසිවකුට මෙරට දේශපාලන ව්‍යුහයේ වෙනසක් කරන්නට නොහැකි වූහ. අවම වශයෙන් ඔවුන් X කණ්ඩායමෙන් ඉවත්ව යන විට සිටි යොවුන් පරපුර මෙන්ම වර්තමාන යොවුන් පරපුර වෙත නව දැනුම් පද්ධතියක් ළඟා කර දෙන්නට අසමත් විය. නමුදු ඔවුන් බහුතරයක් තම තමන්ගේ බඩ වඩාගත් බව නොරහසකි. ඉදින් ඔවුන් තවමත් දීප්තිට එරෙහිව මඩ ප්‍රහාර එල්ලකරයි; අවලාද නගයි. රොහාන්ගේ මරණය ද ඊට යොදාගන්නට තකරම් ඔවුන් නිර්ලජ්ජිත වී ඇත.

මේ අතර දීප්තිගේ ගමන්මග වෙත බලා සිට එකී ගමන යනු නව ලිබරල් ධනවාදය සුරක්ෂිත කිරීම සඳහා හැල්මේ දුවන ගමනක් යැයි සමහරු චෝදනා කරති. එලෙස චෝදනා කරන නරියෝ අපුරුවට තම පුද්ගලික ගමන යති. ඔවුහු සමාජ යහපැවැත්ම වෙනුවෙන් හෝ ක්‍රම වෙනසක් වෙනුවෙන් කිසිවක් ම නොකරති. එසේ නොකළ ද මේ නිමේෂයේ ද දීප්තිව විවේචනයට බඳුන් කරති; රොහාන්ගේ සිරුර මත තබා දීප්තිව පෙති ගසන්නට සැදි පැහැදෙති.

මේ ලිපිය ලියන මා මගේ දේශපාලන සහ සමාජ දැක්ම නව්‍ය මාවතක් කරා යොමු කරගත්තේ දීප්ති කුමාර ප්‍රමුඛ X කණ්ඩායම වෙතින් ලද දැනුම් පද්ධතිය තුළිනි. එසේ වුව ද, දීප්ති සම්බන්ධයෙන් නොව ඔහුගේ දේශපාලනය සම්බන්ධයෙන් යම් යම් විරුද්ධාභාෂ නැතුවා නොවේ. නමුදු මේ මොහොතේ ඇතැම් නරියෝ ඉදිරිපත් කරන කරුණු සහ මතවාදවල දක්නට පවතින තරම් දැවැන්ත වැරැදිකරුවකු ලෙස ඔහු දකින්නට හෝ ඔහුට එරෙහි අපවාද අවලාද එල්ල කරන්නට තරම් මම මුග්ධ නොවෙමි. මන්ද මා දන්නා ආකාරයට දීප්ති අද යමක් පවසන්නේ ද, ක්‍රියාත්මක කරන්නේ ද අද වෙනුවෙන් නොවේ. ඔහු යමක් පවසයි නම් හෝ කරයි නම් එහි ප්‍රතිඵල අත් විඳිය හැකි වන්නේ නුදුරු අනාගතයේ දී ය. මා එසේ පවසන්නේ ඔහු අතීතයේ දී කළ කි දෑ සම්බන්ධයෙන් මා තුළ ද යම් යම් විවේචන තිබුණ ද පසු කාලිනව එකී විවේචන ඉල්ලා අස් කරගන්නැයි මා මට ම බල කළ බැවිනි; බල කළා පමණක් නොව එබදු විවේචන ඉල්ලා අස් කරගත් බැවිනි. එය අද දිනයේ ද අනාගතයේ ද එසේ නොවේ යැයි සහතික විය නොහැකි ය.

 

රොහාන් පෙරේරා : හමු නොවීමේ ආසියාතික ආදරය - (ආචාර්ය මහේෂ් හපුගොඩ)රොහාන් පෙරේරා

රොහාන්ගේ මරණයත් සමග ම ඔහුගේ මරණය හෝ ඔහු ජීවත්ව සිටිය දි කළ කී දෑ පවසනවාට වඩා, අගය කිරීම හෝ විවේචනය කිරීමට වඩා ඔහු සහ දීප්ති සංසන්දනය කරමින් දීප්තිට අවලාද නැගීම සහ දිප්ති විවේචනය කිරිම් ඉහළ ගියේ ඇයි ද යන්න ගැඹුරින් සිතා බැලුය යුතු ය. එවිට දක්නට ලැබෙන්නේ ඒ සියලු දෙනා දීප්ති කෙරෙහි කිසියම් විවේචනාත්මක ස්ථාවරයක සිටි බව නොව ඔහු කෙරෙහි අමනාපයකින් පසු වු බවයි; වෛරයකින් පසු වු බවයි. එකී වෛරය හෝ අමනාපය පිරිමසා ගන්නට මේ නරියෝ රොහාන්ගේ මරණය භාවිත කිරීම ඉතාම පිළිකුල් සහගත ය; නින්දා සහගත ය. 

මේ අතුරින් බොහෝ පිරිස් දීප්ති මතු නොව රොහාන්ව හෝ නිවැරැදිව කියවා ගත්තේ ද යන්න සැක සහිත ය. එනම් ඔවුන්ට අනෙකා පවසන දේ ග්‍රහණය කරගැනීම අසීරු වන මොහොතේ එකි සත්‍ය පිළි නොගෙන යාවත්කාලින මිනිසාගේ දැනුම හෑල්ලුවට ලක් කර, ඔහු හෝ ඇය සමාජයෙන් වියුක්ත කිරීමට යත්න දැරීම මෙවන් පුද්ගලයන්ගේ සහ කණ්ඩායම්වල ක්‍රමවේදය වන බැවිනි.

දිප්ති දැන් ටී වී ප්‍රසන්ටර් කෙනෙකු බවට පත් වී ඇති බව ද මේ නරි අතර වෙසෙන පුද්ගලයකු පවසා තිබිණ. මා දකින අන්දමට ඔහුට අනුව ඔහු පැවසු කරුණෙහි සත්‍යතාවක් පවතී. නමුදු ඒ ඔහු දීප්ති ටී වී ප්‍රසන්ටර් කෙනෙකු ලෙස පෙනී සිටිමින් ඉටු කරන කරුණ නිසියාකාරයෙන් අවබෝධ කර නොගෙන ඇති බැවිනි. දිප්ති ටී වී ප්‍රසන්ටර් කෙනකු ලෙස කටයුතු කිරීමේ ඇති වරද කුමක්දැයි මම ඔහුගෙන් විමසමි; එසේ කිරීමෙන් දිප්ති කිසියම් සමාජමය හෝ දේශපාලනමය අවැඩක් සිදු කර ඇතිදැයි මම ඔහුගෙන් විමසමි. මගේ කියවීමට අනුව නම් එවැන්නක් දීප්ති සිදු කර නොමැත. නමුදු සමාජය දේශපාලනම වශයෙන් නව්‍ය මාවතක වෙත ප්‍රවේශ කිරීම එමගින් සිදුව ඇති බවත්, සිදු වෙමින් පවතින බවත් මගේ කියවීම ය. 

එබැවින් මා යට සඳහන් කළ පරිදි රොහාන්ගේ මෘත කලේබරය මත තබා දීප්ති පෙතිගැසීමෙන් කිසිදු ඵලක් නොමැත. කළ යුත්තේ දීප්ති හෝ රොහාන් විසින් සමාජ ගත කරනු ලැබ ඇති ආකල්ප සහ සංකල්ප පිළිබඳ ගැඹුරින් සිතා බැලීම ය. එසේ නොවුන හොත් සිදුවන්නේ හණ මිටිය කරතබාගෙන ගමන අවසන් කළ පුද්ගලයාට සිදුවු සන්තෑසිය ම ය.

වීරයා ගෙදර ඇවිත්' හෙළිදරව් කළේ මොනවා ද? - ජයසිරි අලවත්ත(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com

2024/04/15      


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...