The Leader News
BREAKING
Top Ad
Opinion

පරම්පරාවක මරණය - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

April 15, 2024 • 5:24 PM

පරම්පරාවක මරණය - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හැත්තෑව දශකයේ සිය ළමා කාලය ගත කළ ඔවුන් විවෘත ආර්ථිකයේ කම්පනයට ගොදුරු වූ තරුණයන් ය.
  • ඔබ හොඳට බලන්න ඔබේ පවුල්වල දැන් අවුරුදු 50-60 අතර වයසේ පුද්ගලයන් දෙස.
  • දේවසිරිලාගේ පරම්පරාවේ අනාගත බුද්ධිමය ස්ථරය එජාපයේ මැරයන් විසින් 88-89 ටයර් උඩ පණපිටින් පුළුස්සා දමයි.
  • උදාහරණයක් ලෙස නිර්මාල් දේවසිරි යනු ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඔහුම පිළිගන්නා ආකාරයට දැකිය හැකි දුර්වලම ඇකඩමිකයෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):

හැත්තෑව දශකයේ සිය ළමා කාලය ගත කළ ඔවුන් විවෘත ආර්ථිකයේ කම්පනයට ගොදුරු වූ තරුණයන් ය. සිරිමාවෝගේ දරදඬු ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ඔවුන්ගේ ළමා කාලය හිඟා නොකා හිඟා කමින් ගෙවූ දුක්බර එකකි. දේවසිරිලාගේ පරම්පරාවේ පොදු ලක්ෂණයක් වන “ඉරිසියා-සහගත වෛරය” එන්නේ එතැනිනි.

xcgrtrt

ඔබ හොඳට බලන්න ඔබේ පවුල්වල දැන් අවුරුදු 50-60 අතර වයසේ පුද්ගලයන් දෙස. ඔවුන් කොයි වෙලාවේ බැලුවත් ඉන්නේ තරහෙන් නේද? හැම වෙලාවෙම හැම දෙයක් ගැනම මැසිවිලි නගනවා නේද? බීලා වෙරි වුණත් කරන්නේ අනුන්ට බනින එක නේද? ඒක ඒ පරම්පරාවේ පොදු ලක්ෂණයක්. අනුර කුමාර තමයි එහි කප්පිත්තා.


77 න් පසු එන කව්බෝයි ඩෙනිම් සංස්කෘතියට ඔහේ අත ඇරෙන දේවසිරිලාගේ පරම්පරාවේ තරුණයා තුළ ඊළඟට හැදෙන්නේ බටහිරයට සාපේක්ෂව ලක් සංස්කෘතික තමා පිළිබඳව දැඩි හීනමානයකි. අතට ගත්ත දේ කටට දාගන්න වාසනාවක් නැතැයි කියන්නාක් මෙන් අසූව දශකයේ මුලම ඊළාම් යුද්ධය ඇරඹේ. දේවසිරිලාගේ පරම්පරාවේ අනාගත බුද්ධිමය ස්ථරය එජාපයේ මැරයන් විසින් 88-89 ටයර් උඩ පණපිටින් පුළුස්සා දමයි. අද හිටියා නම් ඊලෝන් මසක්ලා හෝ අඩුම ගානේ මිනිහගෙන් දහයෙන් පංගුවක් හෝ වෙන්නට හිටි එකාලා විජේවීර යටතේ විප්ලවයට ගොස් කලින්ම මිය ගියේ ය.

88

එක පරම්පරාවක පනස්දහසක් හැටදහසක් යනු විශාල සංඛ්‍යාවකි. ඉතුරු වන්නේ විභවයෙන් අඩු පිරිසයි. ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ හෝ දේශපාලන ක්ෂේත්‍රයේ හෝ සාහිත්‍ය ක්ෂේත්‍රයේ හෝ වෙනත් කිසිම ක්ෂේත්‍රයක හෝ විශිෂ්ටයන් නැත්තේ ඒ නිසා ය. උදාහරණයක් ලෙස නිර්මාල් දේවසිරි යනු ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඔහුම පිළිගන්නා ආකාරයට දැකිය හැකි දුර්වලම ඇකඩමිකයෙකි.


එම පරම්පරාවේ දෙමළ ජාතික කොටස 83 කළු ජූලියේදීම ජේ ආර් විසින් කොළඹින් නැව්වල පටවා KKS වලට දරුවන් ලෙස පිටමං කරන ලදුව ඇමරිකාවට කැනඩාවට සහ යුරෝපයට සරණාගතයන් ලෙස සිය දෙමව්පියන් සමග ගොස් අද වනවිට අති සාර්ථක ව්‍යාපාරිකයන් සහ වෙනත් කෙරුම්කාරයන් වී සිටී. යාගත නොහී ඉතුරු වූවන් පසුව කොටි ත්‍රස්තයන් බවට පත්ව මිය යයි. එයට සාපේක්ෂව දේවසිරිලාගේ පරම්පරාවේ ඉතුරු වූවන්ගෙන් ග්‍රාමීය කොටසක් හමුදාවට බැඳී මිය යයි. නාගරික කොටස පසුව CIMA වැනි සහතික අරගෙන රස්සාවක් කරගෙන ඔහේ ජීවත් වේ.

jhlkjdfh
දේවසිරිලාගේ පරම්පරාව තරම් අපේක්ෂා භංගත්වයට පත් වූ ජන ගහනයක් තවත් මෙරට නොමැත. එයට ආසන්නයට එන්නේ අරගලයට සම්බන්ධ වුණු 2K පසු පරම්පරාව යි. එනම් දේවසිරිලාගේ දරුවන් ය. එය දෛවෝපගත ය. ඇතැම් විට ජානගත ය. නමුත් ඔවුන්ට දේවසිරිලාට වුණු තරමේ සමාජ අසාධාරණයක් තවම වී නැත. දේවසිරිලාගේ පරම්පරාව 88-89 විප්ලවයෙන් අනුකම්පා සහගත ලෙස පරාජයට පත් විය. එය ටයර් උඩ පිච්චෙනවාට වැඩි දෘෂ්ටිවාදී වේදනාවකි. තමන්ට උරුම එම ඛේදවාචකය තේරුම් ගැනීමට ඔවුන් එකල උත්සාහ ගෙන තිබේ. x-කණ්ඩායම යනු එවැනි එක් උත්සාහයකි. x-කණ්ඩායමේ හිටි අයෙකු ඊයේ පෙරේදා මරණයට පත්ව තිබේ. එම මරණයට ඔවුන් මුහුණ දෙන හැටි දකින විට දේවසිරිලාගේ පරම්පරාව ගැන දුක සිතේ.



දේවසිරිලාගේ පරම්පරාව සැබැවින්ම මියගොස් බොහෝ කල් ය. ඒ පරම්පරාවේ ඉතිරිව සිටින ප්‍රකාශකයෙකු වන දීප්ති කුමාර ගුණරත්න හුස්ම නාල්ලා කියන අවනඩුව තේරුම් ගත හැක්කේ ඔහුගේ පරම්පරාවේ එකෙකුටම පමණී. නමුත් උන් අද නැත. ඉන්න එවුන් එකෙකුට එකෙකු නැත. දීප්තිලා කෑ ගසා කියන්නේ ඔවුන්ගේ පරම්පරාවේ ගැහැණු පිරිමි අත්විඳි මහා පරාජයේ වේදනාව යි. දීප්තිගේ පමණක් නොව දේවසිරිගේ ද ප්‍රකාශන තුළ තියෙන්නේ බාහිර සමාජ විග්‍රහයන් නොවේ. ඒවා තුළ තිබෙන්නේ ඔවුන්ගේ පරම්පරාවට අත් වූ අවාසනාවන්ත ඉරණම ගැන ඔවුන් ඔවුන්ටම කරගන්නා අභ්‍යන්තර දුක් ගැනවිල්ලයි. ඔවුන්ගේ දාර්ශනික ලෝකයේ සීමාව එයයි.

jhvnvnf

එයටත් වඩා ඔවුන්ට වද දෙන්නේ ඔවුන් විසින් ඉතිරි කර යන රට පිළිබඳ ඔවුන්ගේ තාපයයි. පරම්පරාවක් ලෙස ඔවුන්ට ලංකාවේ සමාජ සංස්කෘතික දේශපාලනික ආර්ථික තාක්ෂණික ප්‍රගමනයට කිසිවක් කරගත නොහැකි විය. සැබැවින්ම වී ඇත්තේ ඔවුන්ගේ හෝ අනුන්ගේ හෝ වරදින් සමාජය තව තවත් පිරිහීමයි. ඔවුන්ට ඒ පිළිබඳව කිසිවක් කරගත නොහැකි විය. ඊනියා සංවර්ධනය වෙනුවෙන් හෝ යමක් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ නියෝජනය කරන ඔවුන්ට පෙර පරම්පරාවන් ය. පරම්පරාවක් හැටියට දේවසිරිලාගේ පරපුර ලක් සමාජයට නොවැදගත් අනවශ්‍ය බරකි. ඔවුන් නැති වුණා කියා කිසිමවෙනසක් නොවේ. දිස් ඉස් පොලිටික්ස්!

ධර්මය ඔබට මග වේවා!

eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 අප්‍රේල් 15


 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...