The Leader News
BREAKING
Top Ad
Opinion

රොහාන් පෙරේරා හා සූෆී ඉස්ලාමය - (නන්දන විරරත්න)

T

The Leader Desk

April 15, 2024 • 6:19 PM

රොහාන් පෙරේරා හා සූෆී ඉස්ලාමය - (නන්දන විරරත්න) 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මරණයෙන් පසුවත් නිදහස් නොකරන බව අපට උගන්වනවා.
  • ඔහු මට මුළින්ම මුනගැහෙන්නේ 1985 – 86 කාලේ.
  • එයා දැන සිටියා මම ජවිපේ දිගු කාලීන ක්‍රියාධරයෙක් හා එහි සංස්කෘතික ව්‍යාපාරයේ ප්‍රධානියෙක් බව.
  • ඔහුට ‘ගුරු’ වෙන්න පුළුවන් හැම කෙනාගෙම පුත්ගලික ජිවිතය ඇතුල් වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

මරණයෙන් පසුවත් නිදහස් නොකරන බව අපට උගන්වනවා.

ඔහුගේ අකල් මරණය ගැන මට තියෙන්නේ බලවත් කම්පාවක්. ඔහු මට මුළින්ම මුනගැහෙන්නේ 1985 – 86 කාලේ. එයා දැන සිටියා මම ජවිපේ දිගු කාලීන ක්‍රියාධරයෙක් හා එහි සංස්කෘතික ව්‍යාපාරයේ ප්‍රධානියෙක් බව. රොහාන් මට කවදාවත් එයාගේ මතවාද පටවන්න ආවේ නෑ. ඒ වන විට මම ෆොයැබෑක්ගේ තිසීස ‘කම්කරු මාවතෙන්’ [විප්ලවවාදි කොමියුනිස්ට් සංගමය - දැන් සමාජවාදී සමනතා පක්ෂය] කියවලයි සිටියේ. අපි මිත්‍රයෝ වුණා. එහෙත් අපේ දේශපාලන මත වාද ගැන වාද කළේ නෑ. මගේ මිත්‍රයන් අතරෙන් ඔහුගේ දේශණාවලට අනුගත නොවුනේ මංජුල [නීතීඥ පතිරාජ] හා සේනාධීර [ ගුණතිලක - පෙරටුගාමී සමාජවාදි පක්ෂය] පමණයි.


මට හිතෙන්නේ රොහාන් තමන්ගේ මතවාද කියන්න ඕන ශ්‍රාවකයෝ කවුද කියල හරියටම තොර ගන්න දැන සිටියා. ඔහුට ‘ගුරු’ වෙන්න පුළුවන් හැම කෙනාගෙම පුත්ගලික ජිවිතය ඇතුල් වුණා. මෙය ඔහු උරුම කර ගන්නේ සූෆි ඉස්ලාමයෙන්. සුෆීවරුන්ට හැම විටකම ජීවමාන ගුරු කෙනෙක් ඉන්නව. ඒ ගුරු තමයි ජීවත්විමට උපදෙස් දෙන්නේ. ලෙඩට දුකට පිහිට වෙන්නේ. ඔවුන් මිය ගියාම අවුලිහාවරයෙක්[නෑ දෙවියෙක්?]  වෙනව. ඔහුගේ සිරුර භුමිදාන කරන්නේ පල්ලිය ඇතුලේ. පස්සේ ඒ මත  සියාරමයක් [ සමාධියක් ?] හදනව. මේ අවුලිහාවරයා ඔවුන්ගේ ගැලවුම්කාරය වෙන්නේ. මට මේ ‘ගුරුන්’ ගණනාවක්ම නැගෙනහිරදි හමුවුණා. [‘ලංකාවේ වහාබ් වාදයේ ඉතිහාසය’ නමින් මම ලියන පොතේ මේ ගැන විස්තර කෙරෙනව]


රෝහාන් සම්ප්‍රදයික සූෆී සමාජයට හූඟාක් ඉහලින් හිටියේ. ඒත් එහි සංස්කෘතික ජාන ඔහුගේ ශරීරය තුල තිබුණ. ඔහු ඒ නිසා සිංහල බෞද්ධ සමාජයට ඇතුල් වුණා, රොහාන් පෙරේරා නමින්. ජයවර්ධන පාලනය යටතේ නන්නත්තාරව වු නාගරික තරුණ බෞද්ධ උපාසකවරු ඒ කාලේ හිටියේ රිදෙන්නේ නැති සමාජ පෙරලියක් සොයමින්.  ඔවුන්ට හමු වූ ‘පසේ බුදුවරයා’ රොහාන් පෙරේරා. බලන්න, රෝහාන් කියන්නේ ජේ. ආර්. රෝහණ විජේවීරට කතා කරපු විදිහ. ‘රෝහණ’ කියන්නේ රුහුණෙන් පැමිණි තැනැත්තා යන්න හැඟවීම. එහි නාගරික ව්‍යවහාරය ‘රොහාන්’ යන්න. ‘පෙරේරා’ කියන්නේ පෘතුගීසී නමක්. එයින් හඟවා සිටින්නේ ඔහු ‘බයිලා’ වර්ගයේ හයි බ්‍රිටයක් කීම.

 rohan
ඔහු තමන්ගේ සම්ප්‍රදාය [සූෆී] ඉදිරියට ගෙන ගියා. එය ඔහුගේ සංස්කෘතිකමය ජාන උරුමයයි. ඔහුට සුෆී මුස්ලිම් සමාජයේ නැති ගෝලයන් සිංහල බෞද්ධ සමාජයේ දී මුණ ගැසුනා. ඔවුන්ට අවශ්‍ය නවීන ‘ධර්මය’ දේශණා කළා. මම හිතන්නේ සිංහල බෞද්ධයන්ට සමීපතම ආගමික කණ්ඩායම සුෆි මුස්ලිම්වරු කියලයි. ඔවුන් අවුරුදු 1000 වැඩි කාලයක් ලංකාවේ ජීවත් වෙනව. අපි ඔවුන්ගේ ඇදහිම්වලට හරිම සමීපයි. එහෙත් රොහාන්ගේ සිංහල බෞද්ධ ගෝලයෝ කරන්න ගියේ නලින් ද සිල්වා ඇතුළු සිංහල බෞද්ධයන් තිසාහාමිට කරපු දේ කරන්න. 1998 දී විතර නාගරික බෞද්ධයෝ දඹාණේ තිසාහාමිගේ මළ ගෙදරට ගිහින් ඔහුට ‘පාංශකූළයක්’ දුන්න. මම නලීන්ගෙන් ඇහුව “ නෑ දෙවි කෙනෙක් වෙන්න යන තිසාහාමි ඇයි නිවනට යවල විනාස කරන්නේ කියල” එතකොට මම බීබීසීයේ සිංහල අංශයේ වැඩ. නලීන් මට කීව මේ බෞද්ධ රටේ ගොත්‍රික නායකයාට බෞද්ධ විදිහට අවසාන කටයුතු කරන්න ඕන කියල.

මම හිතන්නේ රොහාන්ගේ අවමඟුලටත් මේකම තමා ඔහුගේ නාගරික ගෝලයෝ කරන්න ගියේ. වාසනාවට වැද්දන්ට වඩා සුෆී මුස්ලිම් ස්ම්ප්‍රදාය බලවත් ඒ නිසා රොහාන් මරණයෙන් පසු අනාගමිකයෙකු නොවී අවුලිහාවරයෙකු වුණා. දැන් ඔහුගේ ගෝලබාලයන්ට කරන්න තියේන්නේ ‘සියාරමක්’ [සමාධිය?] තනා වන්දනමාන කිරීමයි. රොහාන්ගේ ඥාතීන්රට අනේකවාරයක්  ස්තුතියි. ඔහුට උරුම අවසානයක් දුන්නාට.


Nandana Weerarathna(නන්දන විරරත්න)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
BBC හිටපු මාධ්‍යවේදී

(මෙම ලිපිය Nandana Weerarathne ගේ ෆේස්බුක් පිටුවේ පලවූවකි. අවධාරණ හා ජායාසටහන් අපෙන් - සංස්කාරක )
 
15/04/2024

 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...