The Leader News
BREAKING
Top Ad
Opinion

බයියන්ගේ ලෝකානුකම්පාව - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

April 17, 2024 • 10:50 AM

බයියන්ගේ ලෝකානුකම්පාව - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට සමාජයේ ඇති සැබෑ විරෝධය යැයි ද කියමින් සාහසික අරගලකාරයන් නැවතත් පොහොට්ටුවේ මිනිසුන්ට කෝචෝක් කරමින් සිටී.
  • සනත් නිශාන්ත නොව, හෙට දිනයේ පොහොට්ටුවේ ඕනෑම නියෝජිතයෙකු මිය ගිය හොත් අපගේ දේශපාලන ප්‍රතිවාදීන් හිටු කියා අපහාස කරනු ඇත.
  • බයියන්ගේ ලෝකානුකම්පාව කෙතරම් මෝඩද යත් උන්ට මැයි නව වැනිදා ගහපු එකට බනින්නේත් ගහපු උන්ට නොවේ.
  • ඒ මදිවාට මහින්ද රාජපක්ෂට කරන්න පුළුවන් නරකම අපහාස කර ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ව්‍යවස්ථාව උල්ලංඝනය කර ආණ්ඩු පෙරලූ උන් සමග එකට එකතු වී රනිල්ව ජනාධිපති කරන්නත් ඇතැම් මෝඩ බයියන් කටයුතු කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට සමාජයේ ඇති සැබෑ විරෝධය යැයි ද කියමින් සාහසික අරගලකාරයන් නැවතත් පොහොට්ටුවේ මිනිසුන්ට කෝචෝක් කරමින් සිටී. පොහොට්ටුවේ මෝඩ අනුකම්පා බයියන් ද “අනේ ඔව්.. අපි නම් මිනිහෙක් මැරුනහම අපහාස කරන්නේ නැහැ” කියමින් තෙවරප්පෙරුමගේ ගුණ වයයි. ඒ පොහොට්ටුවේ උන්ගේ මෝඩ අනුකම්පාවයි.

සනත් නිශාන්තට අපහාස කළේ එජාප/සජබ සහ ජවිපෙ උන්ය. ඔවුන් පොහොට්ටුවේ දේශපාලන ප්‍රතිවාදීන් ය. තෙවරප්පෙරුම යනු එජාප/සජබ මන්ත්‍රීවරයෙකි. එබැවින් එම කඳවුරේ කිසිවෙකු ඔහුට අපහාස කරන්නේ නැත. අපහාස කරනවා නම් කරන්න ඉන්නේ බයියන් ය. නමුත් බයියන්ට උපතින් උරුම ලෝකානුකම්පාව නිසා තමන්ට මොනතරම් වැරදි කළ එකෙකුට වුවත් විපතේදී අපහාස නොකරයි. එය අපගේ ඊනියා සිංහල බෞද්ධ සංස්කෘතික ලක්ෂණයකි. නමුත් අන්තිම අදේශපාලනික මෝඩකමකි. අපේ කඳවුරට වරදින්නේම මේ නිසාය.

 

palitha sanath

සනත් නිශාන්ත නොව, හෙට දිනයේ පොහොට්ටුවේ ඕනෑම නියෝජිතයෙකු මිය ගිය හොත් අපගේ දේශපාලන ප්‍රතිවාදීන් හිටු කියා අපහාස කරනු ඇත. එම පුද්ගලයා සමාජ සේවය කර තිබෙනවාද හෝ අධ්‍යාපන සුදුසුකම් තිබෙනවාද හෝ වැනි කිසිම කාරණයක් අපගේ ප්‍රතිවාදීන්ට අදාළ නොවේ. හුදෙක්ම පොහොට්ටුවේ වීම නිසා පමණක් ඔහුට අපහාස කරයි. ඒක තමයි අපි කැමති වුණත් අකමැති වුණත් දේශපාලනය කියන්නේ! එහෙම නැතුව මේ දේශපාලනය කරන්නට බැරිය. නමුත් බයියන්ට ලෝකානුකම්පාව පහළ වී තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන්ට ගුණකථන කරන්නට යයි. තමන් හරි හොඳ මිනිසුන් කියා පෙන්වන්නට හදයි. ඒ ඔවුන්ගේ බොළඳකමයි. දේශපාලනය යනු බෙලි කපන, වස පොවන, පිටට අනින, වනචර සටනකි. ප්‍රතිවාදියාට අනුකම්පා කරනවා නම් දේශපාලනය නොකර අයිස්ක්‍රීම් විකිණිය යුතුය.

බයියන්ගේ ලෝකානුකම්පාව කෙතරම් මෝඩද යත් උන්ට මැයි නව වැනිදා ගහපු එකට බනින්නේත් ගහපු උන්ට නොවේ. ගහන කොට අපව බේරා ගත්තේ නැත කියා බනින්නේ තමන්ගේම එකාටය… ඒක අනුකම්පාවට එහා ගිය අමුතුම මරිමෝඩකමකි. තමන්ගේ දුවට බලහත්කාරකම් කරපු එකාට නොබැන, දුවව බේරා ගත්තේ නැහැ කියා පියාට බනින මෝඩ අම්ම්න්ඩිලා ඉන්නේ අපේ කඳවුරේ පමණී. දැන් අවුරුදු දෙකක් ගිහිල්ලත් මැයි නව වැනිදා සාහසික ප්‍රහාර සිදු කළ ම්ලේච්ඡයන් නිදහසේ සිටී. ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්නට කියා කතා කරන්නට බයියන්ට කොන්දක් නැත. හැබැයි තාමත් ගෝඨාභයට බනියි. ඒක අනුකම්පාවට එහා ගිය නෝන්ජල්කමකි.

 මහින්ද රාජපක්ෂ අසනීපෙන් ? (වීඩියෝ)


ඒ මදිවාට මහින්ද රාජපක්ෂට කරන්න පුළුවන් නරකම අපහාස කර ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ව්‍යවස්ථාව උල්ලංඝනය කර ආණ්ඩු පෙරලූ උන් සමග එකට එකතු වී රනිල්ව ජනාධිපති කරන්නත් ඇතැම් මෝඩ බයියන් කටයුතු කරයි. තමන්ව මුලින්ම අමාරුවේ දැමූ එකා වෙනුවෙන් බයියන්ගේ මෝඩ හිත උණු වේ. එය නෝන්ජල්කමටත් එහා ගිය උපන් ගෙයි මෝඩකමකි.

දේශපාලනය කරනවා නම් සතුරා නිශ්චිතව ලකුණු කළ යුතුය. එක්කෝ උඹ මාත් එක්ක නැත්නම් ඌත් එක්ක කියා දෙපිල බෙදිය යුතුය. අපේ ප්‍රතිවාදීන් දේශපාලනය කරන්නේ එලෙස ය. දේශපාලනයේ “මහත්මා” කියා කිසිවක් නැත. දේශපාලනය යනු දේශපාලනය යි.

FB IMG 1661197445381

 

ඊනියා අරගලයෙන් පොහොට්ටුවේ අප උගත යුතු වැදගත්ම පාඩම එයයි. ඔබ මොනතරම් අනුකම්පා කළත් ඔබේ සතුරන්ට අවස්ථාව ලද සැනින් අනුකම්පා විරහිතව ඔබව නිරුවත් කර දූෂණය කර වතුරේ ගිල්වා මහමග ඇදගෙන ගොස් නින්දා අපහාස කර ඝාතනය කරනු ඇත. ඔබේ මළකුණටත් ඔවුන් ගල් ගසනු ඇත. ඔබේ දරුපවුලට හිංසා කරනු ඇත. ඔබේ ගෙවල් ගිනි තබනු ඇත. ඔවුන් ඔබට අබමල් රේණුවක අනුකම්පාවක් නොදක්වනු ඇත. ඔබට මේ දේශපාලනයේ ඔළුව ගහගෙන ඉන්න ඕනා නම් ඔය මෝඩ අනුකම්පා නවත්වන්න. සුරයන්වත් අසුරයන්ට අනුකම්පා කළේ නැත.

දිස් ඉස් පොලිටික්ස්.

පරම්පරාවක මරණය - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 අප්‍රේල් 17


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...