The Leader News
BREAKING
Top Ad
Opinion

තවමත් මංගල මොහොතක්...- (චින්තන ධර්මදාස)

T

The Leader Desk

April 21, 2024 • 5:14 AM

තවමත් මංගල මොහොතක්...- (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුන්දරම මිනිස්සු එක්ක ගත කරන සුන්දර හවසක්.
  • ජාතිය, ආගම, සාමූහික සදාචාරය මේ සියල්ලට ඉහලින් පුද්ගල නිදහස පවතින බව එයා විශ්වාස කළා.
  • අරගලයක් එන බව කල්තියා දැකපු මංගල අරගලයට කලින් යන්න ගියා.
  • මංගල විසින් නිර්මාණය කළ ගීතය අරගලයේ ගීතය බවට පත්වුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

සුන්දරම මිනිස්සු එක්ක ගත කරන සුන්දර  හවසක්. මංගලගෙ ජීවිතේ ලස්සනම කොටස ප්‍රදර්ශනය වුනේ එයා පැවැත්වූ සාදයන්ගේ සහ ඇසුරු කළ මිතුරන් අතර. ඒ මිත්‍රත්වයන් හරිම අපූර්ව බැඳීම්. මංගල නැති වුනත් ඒ අඩුව යම් පමණකින් හෝ පිරෙන්නෙ ඒ හඳුනාගත් මිතුරන් හින්දයි. යාලුකම් පවත්වනවා කියන්නෙ ආර්ට් එකක්. මංගල ඒක හරිම ආර්ටිසන් විදිහට කළා.

 

Mangalogy : මංගල යෝජනා කළ ජීවිතයමංගල කියන්නෙ ලංකාවෙ බිහිවුනු උපරිම ලිබරල් දේශපාලකයා.

මංගල කියන්නෙ ලංකාවෙ බිහිවුනු උපරිම ලිබරල් දේශපාලකයා. මංගලගේ කිට්ටුවෙන්වත් තියන්න පුළුවන් තරමට ඒ වටිනාකම් වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක් අපේ රටේ නෑ. මංගල කිසි විටක ජාතිවාදය ආගම්වාදය ඉස්සරහ නැමුනෙ නෑ. ජාතිය, ආගම, සාමූහික සදාචාරය මේ සියල්ලට ඉහලින් පුද්ගල නිදහස පවතින බව එයා විශ්වාස කළා. මංගල තමයි පළවෙනි වතාවට අපේ රටේ ලිංගික අයිතීන් වෙනුවෙන් පෙනී හිටපු දේශපාලකයා. ආපහු කිසි දවසක ඒ වගේ කෙනෙක් අපිට දේශපාලනයේදී මුනගැහෙන්නෙ නෑ. ඒක තනිකරම අහම්බයක්.

මංගලගෙන් ඉගෙන ගත්ත ගොඩක් දේවල් අතර ප්‍රධානම දේ තමයි කිසිම වෙලාවක ජනතාව ඉස්සරහ ඇඹරෙන්න එපා කියන එක. රටේම ජනතාව තමන්ට විරුද්ධව ආවත් මංගල තමන්ගේ අදහස වෙනුවෙන් තනියම ඍජුව පෙනී හිටියා. ඒ වෙනුවෙන් සටන් කළා. බලය වෙනුවෙන් ජනතාව තවන්න, අතගාන්න ගියේ නෑ. 

 

මංගල සහ අර්බුදය - (මහාචාර්ය රොහාන් සමරජීව)චූල වාංශික දූපත් මානසිකත්වය ඉස්සරහ මහා වාංශික මිනිස් උරුමයක් වෙනුවෙන් මංගල ඓතිහාසික මෙහෙයුමක් කළා.
හැමතිස්සෙම මංගල කියන්නෙ බහුතරයේ මතයට ප්‍රතිවිරුද්ධව හිටපු නායකයෙක්. බහුතරය හුරතල් කරපු දේශපාලකයෙක් නෙමෙයි. මංගලගේ මේ නිදහස්කාමී පෙනී සිටීම් රටේ මිනිස්සුන්ව අනාගතයට, ලෝකයට ඇස් ඇරවන අරගල වුනා.

චූල වාංශික දූපත් මානසිකත්වය ඉස්සරහ මහා වාංශික මිනිස් උරුමයක් වෙනුවෙන් මංගල ඓතිහාසික මෙහෙයුමක් කළා.

අරගලයක් එන බව කල්තියා දැකපු මංගල අරගලයට කලින් යන්න ගියා. මංගල විසින් නිර්මාණය කළ ගීතය අරගලයේ ගීතය බවට පත්වුනා. අරගලය පුරාම අපි සීරුවෙන් කියල ඇහුනෙ ඒ සිංදුව.



මංගල නැති වුනාට පස්සෙ විවිධ අය විවිධ විදිහට මංගල එක්ක කරමින් හිටපු දේශපාලන ව්‍යාපෘති තමන්ට හැකි අයුරින් කරගෙන ගියා. අපි රැඩිකල් මැද සාමූහිකය විදිහට මංගල වෙනුවෙන් අපි විශ්වාස කරන මැදිහත්වීම කරන්න එකතු වුනා. මූලික කාරණා දෙකක් මංගලගේ දර්ශනයෙන් අපි එළඹුම් විදිහට ගත්තා. එකක් edgyness කියන එක. ඒ කියන්නෙ බරපතල විරෝධයන්ට මුහුණ දෙන්න සිද්ද වෙන, බහුතරය විසින් ප්‍රතික්ෂේප කරන්න ඉඩ ඇති නමුත් අපි නිවැරදි යැයි විශ්වාස කරන දේ එක්ක හිටගන්න එක. 

දෙවෙනි එක තාප්ප වෙනුවට පාලම් හදන එක. බෙදා වෙන් කරන කාරණා වෙනුවට අපිව එක් කරන කාරණා බදාගන්න එක.

 

රැඩිකල් මැද මංගල - (චින්තන ධර්මදාස)ඒ මංගල හිටියා නම් ඒ වෙලාවෙ කරයි කියලා අපි හිතපු දේ.
මංගල නැති අපි කහ මල් ව්‍යාපාරය පටන් ගත්තා. අරගලයේ තරුණයන් එක පසෙකත් පාර්ලිමේන්තුවේ නි‍යෝජිතයන් තව පසකත් පසමිතුරුව බෙදී වෙන්වී ඉන්නකොට අපි මේ අතර පාලමක් හදන්න මහන්සි වුනා. ඒ මංගල හිටියා නම් ඒ වෙලාවෙ කරයි කියලා අපි හිතපු දේ.

ලංකාවෙ ඉතිහාසය පටු කරමින්, අපේ බහුත්වයේ උරුමය අහිමි කරන, වාණිජ කේන්ද්‍රයක් හැටියට ලෝකයට විවෘත වූ අපේ ජානමය සහ සංස්කෘතික උරුමයන් යටපත් කරන සාම්ප්‍රදායික ඉතිහාස කියවීම වෙනස් කරන්න රැඩිකල් මැද වැඩ කළා. ඒ වෙනුවෙන් ඉතිහාස කයිවාරුව, වායාම, පඩුඅබා ආදී මෙහෙයුම් යූටියුබය හරහා, මුද්‍රිත පිටු අතරින් සහ සජීවී සාකච්ඡා මගින් දියත් කළා. 

ආර්ථික අර්බුදය ඉදිරියේ සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් අපි මංගල මෙහෙයුමක් පටන් ගත්තා. බංකොලොත් රටක් විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට අවශ්‍ය දේශපාලන, සමාජ සංස්කෘතික වෙනස ඇති කරන්න රැඩිකල් මැද සාමූහිකය පුරෝගාමී වැඩ ‍කොටසක් කළා. සාධාරණ සමාජයක් සදහා වූ ව්‍යාපාරය විසින් යෝජනා කර‍ තිබුණු අවම ආර්ථික වැඩපිලිවෙල වටා, අවුරුදු 76ක් පුරා අපි ඇබ්බැහි සුබසාධන මානසිකත්වය වෙනුවට ධනාත්මක පුරවැසි මානසිකත්වයක් නිර්මාණය කරන්න අපි මැදිහත් වුනා. 

වෛරය සහ පලිගැනීම හරහා අරාජිකවාදයක් කරා ඇදී යමින් තිබුණු රට නැවත ධනාත්මක, වගකීමක් සහ ශිෂ්ටත්වයක් ඇති මිනිසුන්ගේ රටක් බවට පත් කරන්න අපි අවේලාවේ එලියට බැස්සා.

 

මංගලගේ බදු ප්‍රතිපත්තිය ගෙන එන්නැයි සජබය කියයිමංගල කියන්නෙ වෙළඳපොල ආර්ථිකය විශ්වාස කරපු කෙනෙක්.
දේශපාලකයන්ට චෝදනා කරමින් සිටිනවා වෙනුවට තමන්ගේ පැත්තට හැරිලා තමන් මොනවද කරමින් ඉන්නෙ කියල බලන්න අපි ජනතාවට බල කළා. අපේ අදහස් වෙනුවෙන් මේ රටේ ව්‍යාපාරික ප්‍රජාවේ සහාය ගන්න අපිට පුළුවන් වුනා. ගොඩයමු කියන්නෙ ඒ විසල් ව්‍යාපෘතිය. දියව් දියව් තාරුණ්‍යය වෙනුවට ආත්ම විශ්වාසය සහ ආත්ම ගෞරවය පෙරටු නිර්මාණශීලී තාරුණ්‍යයක් ගැන සිහින දකින්න කියලා දිරිගන්වපු ව්‍යාපෘතිය. 

මංගල කියන්නෙ වෙළඳපොල ආර්ථිකය විශ්වාස කරපු කෙනෙක්. ගොඩයමු කියන්නෙ අර්බුදය හමුවේ වැසුනු, සංකෝචනය වුනු ආර්ථිකය නැවත විවෘත,වෙළඳපොල හිතකර තත්වයක් දක්වා ගෙනියන්න කරපු මංගල වැඩක්.

ගොඩයමු පළමු පියවරෙන් පස්සෙ අපි වඩා සංකීර්ණ දෙවෙනි පියවරට එළඹුනා. ඒ තමයි මේ සිතීම හුස්ම ගන්නා ජීවිතය බවට පරිවර්තනය කරන්නෙ කොහොමද කියන එක. මේ දේශපාලන ආර්ථිකය සංස්කෘතියක් බවට පරිවර්තනය කරන අභියෝගය. මීයා ටෙලි නාට්‍යය නිර්මාණය වෙන්නෙ ඒ විදිහට. නිදහස් වෙළඳපොල ආර්ථිකය පිලිගන්නා නිර්මාණශීලී තරුණයෙක් ජීවිතේ අභිය‍ෝගයන්ට මුහුණ දෙන ආකාරය තමයි මීයා. ලංකාවෙ පළමු වතාවට වමට එරෙහිව ලිබරල් වීරයෙක්  දකින්න පුළුවන් තැන මීයා. මංගල විශ්වාස කරපු තාරුණ්‍යය කියල අපි විශ්වාස කරන්නෙ මීයා.

මංගල : අළුත් ගමන මග නවතා නො එන ගමන් ගිය සොඳුරු මිනිසා -ග්‍රේෂන් ඒ. පීරිස්මංගල ඉවර නෑ. 

මංගල ඉවර නෑ. 
එයා තාම වැඩ කරනවා. එයා වම වගේම දකුණත් අවුල් කරනවා. පරණ ගතානුගතික සංස්කෘතිය කුපිත කරනවා. නිදහස වෙනුවෙන් කැරලි ගහනවා. වෙළඳපොල වෙනුවෙන් පෙනී ඉන්නවා.

ඉස්සරහට ජනාධිපතිවරණයක් එනවා.
තවමත් මංගල මොහොතක් වෙන්නෙ ඒකයි.

හෑලි ටයිම්ස් - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
#godayamu

vyadhadeva@gmail.com

සබැඳි ලිපි :

මංගල සිහිනය - (විපුල කරුණාතිලක)

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...