The Leader News
BREAKING
Top Ad
Opinion

ජාතිය සහ නලින් ද සිල්වාගේ ඊනියා ජාන - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

April 21, 2024 • 10:42 AM

ජාතිය සහ නලින් ද සිල්වාගේ ඊනියා ජාන - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පළමුවෙන්ම ද සිල්වා මෙහි “ජාන” යන වචනයට පෙර “ඊනියා” විශේෂණය යොදා තිබෙන බව සැලකිය යුතුය.
  • කෙසේ වෙතත් සම්මත අර්ථයෙන් මේ ජාන සම්බන්ධ ප්‍රකාශය විමසීම වටී.
  • ඒ වෙනස්කම් ඇතිවන්නේ ඒවාට බලපාන ජාන අනුවය.
  • (ජාන යනු හඳුනාගත් භෞත-රසායන ප්‍රතික්‍රියා ජාලාවකට අප දෙන සම්මුති නාමයක් පමණක් බව සඳහන් කළ යුතුය.) නමුත් ඔබගේ සිරුරේ ලක්ෂණ තීරණය වී ඇත්තේ ජාන විසින්ම පමණක් නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ ප්‍රකාශය සත්‍යයක්ද? පළමුවෙන්ම ද සිල්වා මෙහි “ජාන” යන වචනයට පෙර “ඊනියා” විශේෂණය යොදා තිබෙන බව සැලකිය යුතුය. එයින් ඔහු “ජාන” යනුවෙන් වෙනත් තවත් කිසිවක් තිබේ යැයි සිතනවාද නැත්නම් එය ඔහු බොහෝ විට කරන්නාක් මෙන් අවශ්‍ය වෙලාවට අර්ථය වෙනස් කර ගැනීමට හෙවත් වැඩේ වැරදුනාම ගෝල් පෝස්ට් එක මාරු කර ගැනීමට දැමූ උප්පරවැට්ටියක්ද කියා පැහැදිලි නැත. කෙසේ වෙතත් සම්මත අර්ථයෙන් මේ ජාන සම්බන්ධ ප්‍රකාශය විමසීම වටී.

 

genes chemo resistance neurosinces ජානයක් යනු හරියට පණිවිඩයක් වගේ දෙයකි.
ජානයක් (Gene) යනු ප්‍රවේණි ඒකකයකි. සරලව කිවහොත් දෙමව්පියන්ට දාව දරුවෙකු ඉපදෙන විට ඒ දෙමව්පියන්ගේ ලක්ෂණ දරුවාට උරුම වීම හෙවත් ප්‍රවේණිය වන්නේ ජාන මගිනි. එනම් එක පරම්පරාවකින් ඊළඟ පරම්පරාවට ලක්ෂණ යන්නේ ජාන නිසාය. උදාහරණයක් හැටියට මිනිසුන්ගේ ඇස්වල හැඩයන් වෙනස් ය. ඒ වෙනස්කම් ඇතිවන්නේ ඒවාට බලපාන ජාන අනුවය. දෙමව්පියන්ගේ ඇස්වල හැඩයට සමානව දරුවන්ගේ ඇස් පිහිටන්නේ (හෝ නොපිහිටන්නේ) ජාන අනුව ය. ජානයක් යනු හරියට පණිවිඩයක් වගේ දෙයකි. ඒ පණිවිඩය අනුව ලක්ෂණය උපදී. මෙය අතිශය සරල අර්ථ දැක්වීමකි. (ජාන යනු හඳුනාගත් භෞත-රසායන ප්‍රතික්‍රියා ජාලාවකට අප දෙන සම්මුති නාමයක් පමණක් බව සඳහන් කළ යුතුය.) 

නමුත් ඔබගේ සිරුරේ ලක්ෂණ තීරණය වී ඇත්තේ ජාන විසින්ම පමණක් නොවේ. බොහෝ ලක්ෂණ කෙරෙහි පරිසරයද බලපෑමක් කරයි. ඔබේ ජානවලින් උරුම සමේ පැහැය අව්වට නිරාවරණය වීම හෝ නොවීම මත වෙනස් විය හැකිය. ඔබේ ජානවලින් උරුම සිරුරේ උස ඔබේ පෝෂණය මත වෙනස් විය හැකිය. නමුත් අවසානයේ ඒ බාහිර බලපෑම් අනුව ලක්ෂණ “වෙනස් වීමත්” ජානමය වේ. එනම් බාහිර සංඥා අනුව ඔබේ ඔය බඹයක් පමණ ශරීරය ක්‍රියාත්මක වන්නේ හෝ නොවන්නේ අවසානයේ ජාන සැකැස්ම අනුවම ය.

 

Depositphotos 172139656 XLසැබැවින්ම වහරේ එන “ජාති” යනුද උපත අනුව සිදු කරන වර්ගීකරණයකි.

එතකොට දැන් අප ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ මිනිසෙකුගේ “ජාතිය” තීරණය වන්නේ කෙසේද යන්නයි. “ජාතිය” යන වචනයේ අර්ථය උපතයි. ජාති පච්චයා ජරාමරණ… යනු ඉපදීම හේතුවෙන් ජරාව සහ මරණය… ඇති වේ යන්නයි. සැබැවින්ම වහරේ එන “ජාති” යනුද උපත අනුව සිදු කරන වර්ගීකරණයකි. “අර අඹ ජාතිය” යනු ඒ අඹ ගෙඩියේ උපත හෙවත් ජාතිය අනුව හැඳින්වීමකි. අප්‍රිකානු ජාතියේ මිනිසෙකු වන්නේ ඒ මිනිසාගේ උපත අනුව ය. චීන ජාතිකයෙකු වන්නේ ඒ මිනිසාගේ උපත අනුව ය. අප්‍රිකානු-චීන ජාතිකයෙකු වන්නේද  උපත අනුව ය. දැන් කෙනෙකු කියනු ඇත්තේ ජාතිය සහ ජනවර්ගය වෙනස් බවයි. එනම් සාම්ප්‍රදායික Nation vs. Ethny අදහසයි. නමුත් එය හුදෙක් වචන සෙල්ලමක් පමණී.

ඡන්දේ ඉල්ලුවානම් මට මොකද වෙන්නේ''? - ජාතික චින්තන න්‍යායාචාර්ය නලින් ද  සිල්වා කියන අපුරු කතාවක්!නලින් ද සිල්වා

 

ද සිල්වා ජාතිය අර්ථ දක්වන්නේ ඊනියා ජාතික රාජ්‍යයක උන් ඒ ජාතියේ ය යන අර්ථයෙන් නම් එය තනිකරම මෑතකාලීන බටහිර දේශපාලනික ආධිපත්‍ය අදහසකි. උදාහරණයක් ලෙස “ශ්‍රී ලංකාව” නමින් රාජ්‍යයක් හදා එහි ඉන්නා උන්ගේ ජාතිය “ශ්‍රී ලංකන්” කියා කීම වැනි අතිශය බොළඳ චක්‍රීය ප්‍රකාශයකි. නොඑසේ නම් කිසියම් නිශ්චිත “සංස්කෘතික” ලක්ෂණ පෙන්වන අදහසින් ජාතිය අර්ථ දක්වනවා නම් එම අදහසම ජනවර්ග (Ethny) වලටද භාවිතා වේ. එවිට ජනවර්ග සහ ජාතිය වෙනස් කියන සාම්ප්‍රදායික අදහස බිඳ වැටේ. මෙය වචන සෙල්ලමක් පමණී. නමුත් මෙහි සත්‍යය වශයෙන්ම පවතින එකම දෙය “උපත” පමණී. මෙය වෙනම විවාදයකි. කැමති නම් එය වෙනම කළ හැකිය.

 

626948දැන් ද සිල්වා කියන්නේ මිනිසෙකු ජාතියකට අයත් වන්නේ සංස්කෘතිය මත කියා ය.

ඊළඟට මෙතන විසඳා ගත යුත්තේ “සංස්කෘතිය” යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? යන්නයි. සංස්කෘතිය යනු කිසියම් පොදු විශ්වාසයන් සහ ඒවා මත පිහිටා කටයුතු කරන පිරිසක් විසින් පෙන්වන පොදු චර්යාවන් ය. උදාහරණයක් හැටියට පොල්තෙල් පහන දැල්වීම සංස්කෘතියකි. එක්තරා ප්‍රජාවක් එය නැවත නැවත සිදු කරයි. ඒ පිටුපස කිසියම් විශ්වාසයක් තිබේ. ඒ අනුව ඒ ප්‍රජාව ඒක ජාතියකි. දැන් ද සිල්වා කියන්නේ මිනිසෙකු ජාතියකට අයත් වන්නේ සංස්කෘතිය මත කියා ය. එය සත්‍යය නම් චීන ජාතිකයෙකු අර විශ්වාසය දරමින් පොල්තෙල් පහන දල්වන්නේ නම් ඔහු පොල්තෙල් පහන දල්වන ජාතියට අයත් විය යුතුය. මෙය තනිකරම විහිළු සහගත ප්‍රකාශයක් බව ඔබට වැටහිය යුතුය. එහෙනම් ඕනෑම මිනිසෙකුට ඕනෑම මොහොතක ඕනෑම ජාතියකට අයත් විය හැකිය. එය ද සිල්වාගේ කෙහෙල්මල් සම්භවය පිළිබඳව ඔහුට ඇති හීනමානය වසා ගැනීමට කියන විකාරයක් පමණී (අනෙක් ප්‍රවාදත් එහෙම ය). ද සිල්වාගේ මෙම චින්තනය මත තමයි “ලිංග බේදය (Gender) පවා සංස්කෘතික නිර්මිතයක් මිස ජාන මත පදනම් වැන්නක් නොවේ ය” කියන බටහිර අස්ථානයට යන්නේ. එය ද වෙනම විවාදයකි. කැමති නම් එය වෙනම කළ හැකිය.

250923.Consciousness ITTසරලව කිව්වොත් කිසියම් විශ්වාසයක් වගේ සිතුවිල්ලක් කියන්නේ මොළයේ නිශ්චිත නියුරෝන සැකැස්මක “මතුවන ගුණයක්” (Emergent Property)

 

නමුත් ප්‍රශ්නය තවම විසඳි නැත. ඊළඟට අප ඇසිය යුත්තේ ද සිල්වා කියන ආකාරයට සංස්කෘතිය යනු ජානවලින් ව්‍යුක්ත දෙයක්ද? යන්නයි. මේ ඉතුරු ටික තේරුම් ගන්න ඔබට විඤ්ඤාණය ගැන බෞද්ධ ඉගැන්වීම් හෝ නූතන විද්‍යාත්මක සොයාගැනීම් ගැන හෝ තරමක අවබෝධයක් අවශ්‍යයි. මොකද මෙතනදි තමයි “ජාන” වැනි භෞතික දෙයකින් එපිට තියෙනවා වගේ පෙනෙන සංස්කෘතිය වැනි සංකල්ප හැදෙන හැටි තේරුම් ගන්න වෙන්නේ. සරලව කිව්වොත් කිසියම් විශ්වාසයක් වගේ සිතුවිල්ලක් කියන්නේ මොළයේ නිශ්චිත නියුරෝන සැකැස්මක “මතුවන ගුණයක්” (Emergent Property). එහෙම නැතුව පාරභෞතික කිසිවක් නැහැ. මේකම තමයි ආත්මය (consciousness) කියන්නෙත්. ඒක වෙනම සංවාදයක්. කැමති නම් ඒකත් කළ හැකියි.

නමුත් මෙතන වැදගත් කාරණය තමයි ඒ මොළයේ සෛල සැකැස්ම අනිවාර්යෙන්ම ජාන මත පදනම් වෙන බව. මෙන්න මෙතනට තමයි මට එන්න ඕන වුණේ. එතකොට “සංස්කෘතිය” වැනි බාහිර නිරීක්ෂණයක් යට තියෙනවා කිසියම් පොදු ජානමය සැකැස්මක්. එහෙම වෙන්නේ ඒ ප්‍රජාව පරම්පරාවෙන් පරම්පරාවට ඒ ජාන ගෙනියන නිසයි. සිංහල ජාතියේ මිනිහෙකුට දෙමළ ජාතියේ මිනිහෙකු වගේම (සහ අනෙක් පැත්තට) කවදාවත් හිතන්න බැරි ඒකයි. සමානකම් තිබෙනවා නම් ඒවා තීරණය වෙන්නෙත් ජාන මත. අසමානකම් තිබෙනවා නම් ඒවා තීරණය වෙන්නෙත් ජාන මත. සිංහල හෝ දෙමළ මිනිහෙකුට කොච්චර උත්සාහ කළත් චීන ජාතිකයෙකු වෙන්න බැහැ. නමට වෙන්න පුළුවන්. නමුත් ඒක නෙවෙයි ජාතිය කියන්නේ. අඹ ඇටෙන් හැදෙන්නේ අඹ ගහක් මිස වෙනත් ගසක් නොවේ.

ධර්මය ඔබට මග වේවා!

 

ජවිපෙ බලය අල්ලන ගේම -(එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ - BSc. Genetics)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජාතිය සහ නලින් ද සිල්වාගේ ඊනියා ජාන - (එරන්ද ගිනිගේ) | The Leader