The Leader News
BREAKING
Top Ad
Opinion

විශ්වාසය පිළිබඳ පාඩම - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

April 22, 2024 • 7:27 AM

විශ්වාසය පිළිබඳ පාඩම - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිදාරියෙකි.
  • නමුත් ඔහු කළ එක දෙයක් නිසා ඒ අවස්ථාව ඔහුට අහිමි විය. ඔහු මහින්දටත් පිටු පා නැවත 2015 එජාප ප්‍රමුඛ යහපාලනයට මාරු විය.
  • තමන්ගේ නායිකාව වූ චන්ද්‍රිකාට පිටු පෑ එස් බී 2001 වසරේ රනිල් වික්‍රමසිංහට එකතු වී එජාපයට ගියේ ය.
  • නමුත් නැවතත් 2009 වසරේ එස් බී රනිල්ට පිටු පා එජාපයෙන් ශ්‍රීලනිපයට මාරු විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිදාරියෙකි. දක්ෂ වේදිකා කථිකයෙකි. ඊටත් වඩා දක්ෂ දේශපාලන සංවිධායකයෙකි. ප්‍රොපගැන්ඩා කප්පිත්තෙකි. සමෘද්ධිය වැඩපිළිවෙල හැදුවේ එස් බී ය. 1996 ලෝක කුසලානය දින්නේ ඔහුගේ දේශපාලන නායකත්වය නිසා ය. මා බ්‍රිතාන්‍ය කවුන්සිලයේ වැඩ කරන කාලයේ උසස් අධ්‍යාපන ඇමතිවරයා වූ එස් බී සමග වෘත්තීය මට්ටමෙන් කටයුතු කර තිබේ. ඔහු හොඳ මනුස්සයෙක්. වැඩක් කරන්න පුළුවන් දක්ෂයෙක්. චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආණ්ඩුවේ ප්‍රබල තරුණ ඇමතිවරයෙකු වූ එස් බී හරි නම් අද වන විට මෙරට ප්‍රබලම දේශපාලන නායකයෙකු විය යුතුව තිබිණි. නමුත් ඔහු කළ එක දෙයක් නිසා ඒ අවස්ථාව ඔහුට අහිමි විය. 

 

SB Dissanayake and Mahindaඔහු මහින්දටත් පිටු පා නැවත 2015 එජාප ප්‍රමුඛ යහපාලනයට මාරු විය.
තමන්ගේ නායිකාව වූ චන්ද්‍රිකාට පිටු පෑ එස් බී 2001 වසරේ රනිල් වික්‍රමසිංහට එකතු වී එජාපයට ගියේ ය. එය රනිල් විසින් එස් බී හට සිදු කළ විශාල දේශපාලන හානියකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දීප්තිමත් අනාගතයක් තිබුණු එස් බී රනිල්ගේ ගැටයට හසු වී ඒ අවස්ථාව නැති කර ගත්තේ ය. නමුත් ඒ වෙනුවෙන් ඔහුට එජාපයේ ජාතික සංවිධායක ධුරය ලැබිණි. එයින් පෙන්වන්නේ එස් බී ගේ හැකියාව ගැන රනිල්ට පවා තිබුණු ඉහළ ඇගයීම යි. නමුත් නැවතත් 2009 වසරේ එස් බී රනිල්ට පිටු පා එජාපයෙන් ශ්‍රීලනිපයට මාරු විය. මහින්ද රාජපක්ෂ ඔහුට නැවතත් අවස්ථාවක් දුන්නේ ය. නමුත් ඔහු මහින්දටත් පිටු පා නැවත 2015 එජාප ප්‍රමුඛ යහපාලනයට මාරු විය. කාඩ් කුඩුනේ ඉතින්.

 

vol4 iss1 building blocks 1විශේෂයෙන්ම දීර්ඝකාලයක් දේශපාලනය කරමින් ජාතික නායකත්වයක් දක්වා යෑමට හැකියාව සහ අරමුණ ඇති අයෙකු කිසි විටෙක තමන්ට පදනම සැකසූ පක්ෂය හැර දමා ප්‍රතිවාදී පක්ෂයකට නොයා යුතු ය.

මැතිවරණ දේශපාලනයේ නියුතු වන්නෙකුට විය හැකි නරකම දෙය වන්නේ ඔහු/ඇය කෙරෙහි තිබෙන විශ්වාසය නැති වීමයි. විශේෂයෙන්ම දීර්ඝකාලයක් දේශපාලනය කරමින් ජාතික නායකත්වයක් දක්වා යෑමට හැකියාව සහ අරමුණ ඇති අයෙකු කිසි විටෙක තමන්ට පදනම සැකසූ පක්ෂය හැර දමා ප්‍රතිවාදී පක්ෂයකට නොයා යුතු ය. විශේෂයෙන්ම තමන් කෙරෙහි විශ්වාසය තැබූ නායකයා හැර නොයා යුතුය. එයින් තාවකාලික වාසි ලබා ගත හැකි වුවත් තමන්ගේ මුළු දේශපාලන අනාගතයම ඉන් විනාශයට පත් වේ.

මේ සඳහා ඕනෑතරම් උදාහරණ තිබේ. අනුර බණ්ඩාරනායකට වුණෙත් මේකම ය. හරි නම් 1994 ශ්‍රීලනිපයෙන් ජනාධිපති ධුරයට තරග කළ යුතුව තිබුණේ අනුර ය. නමුත් ඒ අවස්ථාව නැති කරගනිමින් අනුර එජාපයට එකතු විය. පිටරට හැංගිලා හිටි චන්ද්‍රිකා උඩින් පැමිණ අනුරගේ අවස්ථාව ඩැහැ ගත්තේ ය. අනුරගේ දේශපාලනය එතනින් අවසන් විය. අවාසනාවක මහත.

 

මුදල් අමාත්‍යංශයේ දෙබිඩි ප්‍රතිපත්තියක් - චම්පිකසිංහල බෞද්ධ කඳවුරේ ජනප්‍රියතම නායකයා වීමට හිටියේ පාඨලී ය
පාඨලී තවත් උදාහරණයකි. මහින්ද රාජපක්ෂගේ දකුණු අත වගේ හිටියේ පාඨලී ය. ගෝඨාභයටත් වඩා මහින්දට කිට්ටුවෙන් හිටියේ පාඨලී ය. 2013 ඔහු මහින්දට පිටු පා එජාපය සමග හවුල් වී ඊනියා යහපාලනය හැදුවේ ය. එයින් රටත් විනාශ විය. ඔහු හදාගත් හෙළ උරුමයත් විනාශ විය. අන්තිමට මතවාදීයව හත්පොළේ ගාගෙන ඇත. ඥාන සාර හිමි වැලිකඩ ය. හරි නම් අද සිංහල බෞද්ධ කඳවුරේ ජනප්‍රියතම නායකයා වීමට හිටියේ පාඨලී ය. නමුත් ඔහු ඒ අවස්ථාව නැති කර ගත්තේ ය. දැන් ඉතාම අනුකම්පා සහගත ලෙස ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලමින් සිඟමනේ යන්නට ඔහුට සිදුව තිබේ. කරුමෙ තමයි.

දේශපාලනය කරනවා නම් තමන්ගේ දේශපාලන කඳවුර නිශ්චිතව තෝරා ගත යුතුය. වෙනස් කරනවා ලැබෙන්නේ එකම එක අවස්ථාවකි. ගොඩහේවාට වැඩිම මනාප අරගෙන දුන් පොහොට්ටුවෙන් ඉවත්ව ඔහු සජබට එකතු විය. දැන් ඔහු එතනම සිටිය යුතුය. දේශපාලනය යනු පුද්ගලික අංශයේ මෙන් වේගයෙන් ඉහළට නැගිය හැකි තැනක් නොවේ. දේශපාලනය තුළ ඉවසීම තිබිය යුතුය. තමන්ට අවස්ථාව එන්නේ ඉතා ඈත අනාගතයේ දිනයක ය. ඒ මොහොත වෙනුවෙන් කාගෙන සිටිය යුතුය.

අගමැති මහින්ද, රනිල් ගේ මනාප වාර්තාව බිඳ දමයි: ජයග්‍රහණය කළ සියලු  අපේක්ෂකයින් මෙන්නමහින්දට පිටු පා එන මිනිහා තමන්ටත් ඒ දෙයම කරන බව රනිල් දනී. රනිල්ට පිටු පා එන මිනිහා තමන්ටත් එය කරන බව මහින්ද දනී.

හොඳම උදාහරණය රනිල් ය. එස් බීව අනුරව පාඨලීව සිරිසේනව කඩලා ගත්තට රනිල් කවදාවත් එජාපය හැර ගියාද? නැහැනේ. කිසිම දවසක ඡන්දයෙන් දිනන්න බැරි ජනාධිපතිකම පවා ඔහුට ලැබෙන්නේ ඒ නිසා ය. සෑම පක්ෂයකම සිටින තරුණ මන්ත්‍රීවරුන් මේ පාඩම සිතට ගත යුතුය. මහින්දට පිටු පා එන මිනිහා තමන්ටත් ඒ දෙයම කරන බව රනිල් දනී. රනිල්ට පිටු පා එන මිනිහා තමන්ටත් එය කරන බව මහින්ද දනී.

දේශපාලනයේ වැදගත්ම දෙය විශ්වාසය යි. දේශපාලනයේ පමණක් නොව පවුලක, ආයතනයක, ප්‍රජාවක පවා තමන්ට තිබෙන එකම වටිනාකම විශ්වාසය යි. විශ්වාසය නැති වූ පසු නැවත ගොඩනැගිය නොහැකි ය.

දිස් ඉස් පොලිටික්ස්.

නාමල් එපා - රනිල් ඕනා : (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ - BSc. Genetics)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 අප්‍රේල් 21 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...