The Leader News
BREAKING
Top Ad
Opinion

තිස්ස එන්න වැටකේ පඳුර යටට... - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

April 22, 2024 • 2:37 PM

තිස්ස එන්න වැටකේ පඳුර යටට... - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනනායක සර් මේ කතා කරන්නෙ වැටකේ පඳුරෙ ලීක් වුනු වීඩියෝ ගැන.
  • ‍එහෙම නැතුව අපි ජනනායක සර් වගේ නැවත මේ වීඩියෝවල ගොදුරු බවට අහු වුනු අයගේම වරද කියනවා නම් අපි ඒකට කියන්නෙ වික්ටිම් බ්ලේමින් කියල.
  • ඒ අය ගොදුරු වූ, කැළැල් වූ, අපවිත්‍ර වූ අය හැටියෙන් හැගීමක් ඇති කරනවා වෙනුවට ඒ අය සමග හිටගැනීමයි.
  • මං ජීවිතේට අහලා තියෙන පාදඩම ප්‍රකාශයක් මේ ගුරුවරයා විසින් මෙතනදි කරන්නෙ.
අකුරු ප්‍රමාණය (Font Size):

සර්ට බෙදන්න පුළුවන්.

ජනනායක සර් මේ කතා කරන්නෙ වැටකේ පඳුරෙ ලීක් වුනු වීඩියෝ ගැන. ඒ වීඩියෝ ගැන මං කරපු කතාවක් ප්‍රචාරය කරන ජනනායක සර් මගෙන් අහන රත්තරං වටින ප්‍රශ්නය තමයි, ඔයාගෙ දුවෙකුගෙ වීඩියෝවක් මේ විදිහට ලීක් වුනොත් ඔයා ඒක බලනවද? බලලා මාරයි, මගේ දුව හරි ප්‍රගතිශීලියි කියනවද? ඔන්න ඕක තමයි ජනනායක සර්ට තියෙන  ප්‍රශ්නය.


මුලින්ම සමාජයේ යම් කිසි සිද්ධියක් වුනාම ඒක මට වුනා නම් කොහොමද කියල හිතන එක විද්‍යාත්මක ක්‍රමයක් නෙමෙයි. ජනනායක සර් විද්‍යාව ඉගැන්නුවට සමාජයේ ප්‍රශ්න දිහා බලන්නෙ අන්තිම අවිද්‍යාත්මක විදිහට. මීට කලින් MCC වගේ රටට ඉතාම වටිනා අවස්ථාවන් නැති කරලා දාන්න ජනනායක සර්ගේ අවිද්‍යාත්මක කතාත් උදව් වුනා. ‍මේ වැටකේ පඳුරේ වීඩියෝ ගැන කතාවත් එහෙම එකක්.

සමාජයේ සිද්ධි වෙන්නෙ අපි කැමති අකමැති විදිහට නෙමෙයි. අපි දේවල් දිහා බලන්නෙ අපේ ජීවිත සහ අත්දැකීම්වලට සාපේක්ෂවයි. ඒත් ඒක තව කෙනෙක් බලන විදිහට වඩා  වෙනස්. ඒ හින්ද සමාජයේ යම් සිදුවීමක් වුනාම අපි ඒ දිහා බලන්නෙ සමාජ ඇසකින්. පුද්ගල ඇසකින් සිදුවීම දිහා බලන එක දෝෂයක්.



මෙතනදි යම් තරුණ තරුණියන් පිරිසකගේ වීඩියෝ වගයක් හොරෙන් වීඩියෝගත කරලා තියෙනවා. එතකොට අපි සමාජයක් විදිහට දැකිය යුත්තේ ඒ අනවසරයෙන් වීඩියෝගත කරපු තැනැත්තාගේ වරදයි. ‍එහෙම නැතුව අපි ජනනායක සර් වගේ නැවත මේ වීඩියෝවල ගොදුරු බවට අහු වුනු අයගේම වරද කියනවා නම් අපි ඒකට කියන්නෙ වික්ටිම්  බ්ලේමින් කියල. ඒක හරියට දූෂණයට ලක්වුනු කෙනාටම වරද පවරනවා වගේ වැඩක්. ජනනායක සර් පංතිය ඉස්සරහ කරන්නෙ අන්න ඒක. ඒක ගුරුවරයෙකුට නොතරම් පහත් විදිහෙ ක්‍රියාවක්.


අපේ අරමුණ විය යුත්තේ මේ වීඩියෝ වලින් ඒ තරුණ තරුණියන්ට සිදුවන හානිය අවම කිරීමයි. ඒ අය ගොදුරු වූ, කැළැල් වූ, අපවිත්‍ර වූ අය හැටියෙන් හැගීමක් ඇති කරනවා වෙනුවට ඒ අය සමග හිටගැනීමයි. සමාජයේ කුණු රසයක් වෙනුවෙන් ඒ වීඩියෝ පැතිර යාම නිසා ඒ පවුල්වලට, දරුවන්ට අවදානමක් විය හැකි මතවාදය වෙනස් කිරීමයි.

 කෙනෙකුගේ නිරුවත හෝ ලිංගික දර්ශනයක් ලීක් වීමෙන් ඒ තැනැත්තාගේ ජීවිතය අවදානමට ලක්විය හැකි සමාජ මානසිකත්වය වෙනස් කරන්නයි වැඩ කරන්න ඕන. ඒකයි ගුරුවරයෙකුගේ කාර්යභාරය වෙන්නෙ.


ජනනායක සර් මෙතනදි මේ වීඩියෝවල ඉන්න තරුණ තරුණියන්ට ඔප්ෂන් දෙකක් යෝජනා කරනවා. එකක් සියදිවි නසා ගැනීම. දෙක ලිංගික ශ්‍රමිකයන් විදිහට සේවයට බැඳීම. මං ජීවිතේට අහලා තියෙන පාදඩම ප්‍රකාශයක් මේ ගුරුවරයා විසින් මෙතනදි කරන්නෙ.

අපි සමාජයේ ප්‍රශ්නයක් දිහා බලන දෙවෙනි ආකාරය තමයි මානුෂවාදී දෘෂ්ටිය. මනුස්සයෙක් හැටියට මෙතනදි තත්වය වඩා යහපත් කරන්න අපිට කළ හැකි දේ මොකක්ද කියන එක. ඒ වෙනුවට ජනනායක සර් කියන්නෙ මේ වගේ සිදුවීමක් ලීක් වුනොත් ජීවිතේ තවදුරටත් පලක් නෑ කියල. ඒ ලැජ්ජාවෙන් බේරෙන්න බෑ කියල. ඒ නිසා මැරෙන්න කියල. නැත්තං ගණාකාවක් බවට පත්වෙන්න කියල.



මේ වීඩියෝ රහසින් රූගත කරන්නෙත්, ඒවා බෙදාහරින්නෙත් මේ ජනනායක සර්ගෙම මානසිකත්වයක් තියෙන අය බව සර් දන්නෙ නෑ. තව කෙනෙකුගේ නිරුවතක් හෝ ලිංගික හැසිරීමක් අනවසරයෙන් බලා සිටින්නායි ලැජ්ජාවට පත්වෙන්න ඕන. කවුරු හරි පඳුරක් අස්සෙ හෝ වෙනයම් තැනක අප්‍රසිද්ධියේ ලිංගිකව හැසිරෙන එක ලැජ්ජ වෙන්න ඕන දෙයක් නෙමෙයි. ඒක ඒ අයගෙ අයිතිය.



අපේ සංස්කෘතිය කියන්නෙ මේ වගේ වීඩියෝවක් ලීක් වුනාම ඒ අයට ජනනායක සර් වගේ මැරෙන්න යෝජනා කරන සංස්කෘතියක් නම් ගල් ගහලා මරන අරාබිය‍ෙ සංස්කෘතියෙන් අපි වැඩි ඈතක නෑ. කරුමෙට අපේ රටේ විද්‍යාව උගන්නන්නෙ ඒ වගේ මතවාද දරන මිනිස්සු.


නිරුවත් ජවනිකා වීඩියෝ විදිහට නිදහස් වෙනවට වඩා කැත විදිහට ජනනායක සර් ඇඳුම් ඇඳගෙනම නිරුවත් වෙලා තියෙනවා. සිංහල ජාන ගැන කතන්දර කියල හෙළුවෙන් යන්න වෙලා තියෙනවා. අර වීඩියෝවල ඉන්න අයට දිවි නසා ගන්න වෙනවා නම් ජනනායක සර් මේ වෙද්දි සියක් වාරයක් දිවි නසාගෙන තියෙන්න ඕන. ගණිකාවක් වීම නම් සර්ට අවුලක් නැති වග පොහොට්ටුවට ඒ සේවය ලබාදුන් තරමින් කෙනෙකුට වටහා ගන්න පුළුවන්.


තුන්වෙනුව මං එන්නම් මං තාත්තා කෙනෙක් නම් කියන ප්‍රශ්නෙට. මං තාත්තා කෙනෙක් නොවුනත් තාත්තා කෙනෙක් විදිහට ඒ ප්‍රශ්නය බාරගත්තොත් මට තියෙන උත්තරේ මේකයි.


මගේ දුව වැඩිවිය පත්වුනු දා පටන් මං එයාට අවශ්‍ය ලිංගික දැනුම ලබා දෙනවා. එයාට ආරක්ෂිතව ලිංගික අත්හදා බැලීම් කරන්න කියලා දෙනවා. ඒ වගේම යම් විදිහකින් මගේ දුවගේ වීඩියෝවක් ඡායාරූපයක් මේ විදිහට මුදාහැරුනොත් මං මගේ දුව ළගින්ම ඉන්නවා. දුවට කිසිම විදිහකින් තමන්ගේ ලිංගික හැසිරීම වරදක් යැයි හිතන්න මං ඉඩ තියන්නෙ නෑ. හැම විටම ලිංගිකත්වය කියන්නෙ සුන්දර දෙයක් කියල මං එයාට කියලා දෙනවා. කැත වැඩේ කරන්නෙ සමාජය කියල මං එයාට කියලා දෙනවා. කිසිම විදිහකින් එයා අනාගතයේදී ලිංගිකත්වයට බය, රෝගී දරුවෙක් නොවෙන්න මං එයාගෙ සතුට ආරක්ෂා කරනවා.


මුලු රටම මගේ දුව නරකයි කිව්වත් මං මගේ දුව හොඳයි කියනවා. මං මගේ දුවට මේ වගේ සුළු සිදුවීමක් නිසා දිවි නසා ගන්න හෝ ගණිකාවක් වෙන්න යෝජනා කරන ජනනායක සර් වගේ තාත්තා කෙනෙක් වෙන්නෙ නෑ. මං මගේ දුව  ඒ සියලු අපහාස, අවමාන, අවලාද ඉස්සරහ නොසැලී අත්දැකීම් කරගෙන ජීවිතේ හයියට නැගිටින්න පුළුවන් ගැහැණියක් නිර්මාණය කරන තාත්තෙක් වෙනවා.

තිස්ස ජනනායක සර්ට මගේ උත්තරේ ප්‍රමාණවත් ඇති කියල හිතනවා.

Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
#godayamu
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..) 

 

 

 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තිස්ස එන්න වැටකේ පඳුර යටට... - (චින්තන ධර්මදාස) | The Leader