The Leader News
BREAKING
Top Ad
Opinion

ජවිපෙ නැවැත්විය හැකිද? - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

April 24, 2024 • 6:12 PM

ජවිපෙ නැවැත්විය හැකිද? - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඡන්දයෙන් පරාජයට පත් වුවත් සන්නද්ධ කැරැල්ලකින් රාජ්‍යය යටත් කරගන්නා දීපව්‍යාප්ත සැලසුමක් තිබෙන බවට රාවයක් පැතිරේ.
  • නමුත් එවැන්නක් සිදුවීමට අවශ්‍ය තත්ත්වයන් සියල්ල දැන් නිර්මාණය වී තිබෙන බවට නම් සාක්ෂි තිබේ.
  • ඒ දෙක ඇරෙන්න වෙන මගුලක් නැති බවයි.
  • එනම් මෙය මරාගෙන මැරෙන අවසාන සටන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඡන්දයෙන් පරාජයට පත් වුවත් සන්නද්ධ කැරැල්ලකින් රාජ්‍යය යටත් කරගන්නා දීපව්‍යාප්ත සැලසුමක් තිබෙන බවට රාවයක් පැතිරේ. ගින්නක් නැතිව දුමක් නොනගී කියා පැරැන්නන් කියා තිබුණත් එවැනි සැලසුමක් තිබේ යැයි පිළිගැනීමට මා හට සාක්ෂි නොමත. නමුත් එවැන්නක් සිදුවීමට අවශ්‍ය තත්ත්වයන් සියල්ල දැන් නිර්මාණය වී තිබෙන බවට නම් සාක්ෂි තිබේ.


ජවිපෙ කාඩරයා දැන් ඉන්නේ හරියට වෙඩි කෑ ඌරන් මෙනි. ඔවුන් හැසිරෙන්නේ තමන්ට නැතිවෙන්න දෙයක් නැති ගාණට ය. ඒ තැනට වැටුණු පසු ඔවුන් හැසිරෙන්නේ වියරුවෙනි. මේ දිනවල ඔවුන්ගේ අමුතු නිහැඬියාවක් පේනවා නේද... එය හරියට කුණාටුවට පෙර මුළු පරිසරයම නිසොල්මන් වන්නාක් මෙනි. මේ නිහැඬියාව හොඳ එකක් නොවේ. ඊළඟට එන්නේ ගස් කොළන් උදුරා දමන මහා ගොරබිරම් කුණාටුව ය. ගෙවල්දොරවල් උස්සා පොළොවේ ගසන මහා  සුළි සුළඟය. ජවිපෙ කාඩරයා පෝය ගණන මතක් කරමින් දත් මිටි කමින් සාප කරමින් කේන්තියෙන් නළිය යි.

fgsdfsd4
ජවිපෙ සාමාජිකයා ඉන්නේ මෙවර හොඳින් බැරිනම් නරකින් හෝ බලය අල්ලන ආන්තික මානසිකත්වයක ය. “එක්කෝ සීයට දහයට අඩුයි, නැත්නම් සීයට පනහට වැඩියි” යනුවෙන් අනුර කියන්නේ එයයි. “සීයට පනහට වැඩි වුණොත්” කියන්නේ ඡන්දයෙන් දිනුවත් බලය අල්ලනවා යන්නයි. “සීයට දහයට අඩු වුණොත්” කියන්නේ ඡන්දයෙන් පැරදුනත් බලය අල්ලනවා යන්නයි. ඒ දෙක ඇරෙන්න වෙන මගුලක් නැති බවයි. එනම් මෙය මරාගෙන මැරෙන අවසාන සටන බවයි. ජවිපෙ එවැනි සැඟවුණු අර්ථ ඇති ප්‍රකාශ කිරීමට හපන්නු ය. ඒවා කියවා ගැනීම ඔබට බාර ය.


අනුර කුමාර, ලාල් කාන්ත, හඳුන්නෙත්ති, හරිනි අමරසූරිය, සමන්ත විද්‍යාරත්න, එරංග ගුණසේකර, නිර්මාල් දේවසිරි ආදීන් විසින් කාලයක සිට තම්බන වෛරයේ විස හොද්ද දැන් බුබුළු දමමින් ගිනියම් කල්දේරමේ “ගොජ ගොජ” ගා කුණු සැරව ලේ පාටට පැහෙමින් තිබේ. ජනතාව ඉන්නේ දරාගත නොහැකි ආර්ථික පීඩනයක ය. එක මොහොතකින් පසු කිරි මුට්ටිය උතුරා යෑම වැළැක්විය නොහැක්කාක් මෙන් ජවිපෙ/ජාජබ නායකයන් විසින් නිර්මාණය කළ ම්ලේච්ඡත්වයේ සාන්ද්‍ර විස සැරව කල්දේරම උතුරා යන්නට ආසන්න ය. වසර හැටක් තිස්සේ කැකෑරෙන එම වෛරය තවදුරටත් පාලනය කළ නොහැකි තැනකට පැමිණ තිබේ.


අනුර කුමාර විසින් අද වන විට ජවිපෙ සාමාජිකයා තුළ මහා විශාල මහා දරුණු මහා බලගතු බල ලෝබයක් නිර්මාණය කර තිබේ. එනම් සිය ප්‍රතිවාදී දේශපාලන පක්ෂ සමූලඝාතනය කර සුපිරිසිදු තනි ජේවීපී ආධිපත්‍යයක් ස්ථාපිත කිරීමේ තණ්හාවයි. “75 වසරක සාපය” යනුවෙන් ඔවුන් හඳුන්වන්නේ “වසර 75 ක් තිස්සේ මෙරට ජනතාව භුක්ති විඳින ප්‍රජාතන්ත්‍රය යි.” ප්‍රජාතන්ත්‍රය පවතින තුරු ජවිපෙට සිය සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ නොහැකි ය. බහුපක්ෂ පාර්ලිමේන්තු ක්‍රමය තුළ එක් පක්ෂයකට අවශ්‍ය කිසිවක් ඒ ආකාරයට කරගත නොහැකි ය. ජවිපෙට ලැබෙන අවස්ථාවෙන් ඔවුන් නැවත වෙනස් කළ නොහැකි ලෙස වහාම ස්ථාපිත විය යුතුය. අනෙක් අය කළ දෙයම කරන්නට ජවිපෙ ඇවිත් වැඩක් නැත. එහෙම කළොත් ඔවුන්ට පැවැත්මක් නැත.


ඔවුන් ඡන්දයෙන් ජයගත්තත් එය කරනු ඇත. ජය නොගත්තත් එය කරනු ඇත. මේ ඔවුන්ට ලැබෙන අවසාන අවස්ථාව යි. ජවිපෙ විසින් නිර්මාණය කර ඇති පීඩනය පිට කිරීමට වෙනත් ක්‍රමයක් දැන් නැත. ඡන්දයෙන් හෝ නොඡන්දයෙන් හෝ ජවිපෙ රාජ්‍යය යටත් කරගත යුතුය. ඕනෑම සටනකදී තමාට ගැලවී යෑමට මගක් තමා තබා ගත යුතුය. අනුර කුමාර එවැනි මගක් තබාගෙන නැත. ඔහුට ඇති එකම මග රාජ්‍යය යටත් කරගැනීම පමණී. ලෝකය පුරා ගොස් ඒ රටවල වෙසෙන ලාංකිකයන්ගෙන් කෝටි ගණන් මුදල් ගෙන, ලංකාවේ කෝටි ගණන් වියදම් කර රැස්වීම් පිට රැස්වීම් තියමින් සිය පාක්ෂිකයන්ට තව තවත් වෛරය ආරෝපණය කර ඔහු විසින් නිපදවා ඇති සාහසික මොන්ස්ටරයා දැන් ඔහුටවත් පාලනය කරගත නොහැකි ය.

jklsdfie
මා හිතන්නේ අනුරවත් දන්නේ නැහැ ඊළඟට මොකකින් මොකක් වෙයිද කියලා. කවුරුවත් දන්නේ නැහැ. ලෝකයම මහා මානව ඛේදවාචකයක එළිපත්තේ ඉන්නේ. යුක්රේන-රුසියා යුද්ධය එක පැත්තක. පලස්තීන-ඊශ්‍රායල් යුද්ධයට දැන් ඉරානයත් ඈඳිලා තව පැත්තක. ඒවා ළඟකදී විසඳෙන පාටක් නැහැ. ඇමරිකාවට උවමනාව තියෙන්නේ ඉන්දියානු කලාපයේ මෙතන කල් ඇදෙන ව්‍යසනයක් නිර්මාණය කරන්න. අරගලය කළේ ඒකට. අරගලයෙන් කළේ ප්‍රජාතන්ත්‍රය බිඳ දැමීම. ඒකම තමයි ජවිපෙ අරමුණ. “ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය” - නිර්මාල් දේවසිරි (2022). දිස් ඉස් පොලිටික්ස්!


eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 අප්‍රේල් 24

 


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...