The Leader News
BREAKING
Top Ad
Opinion

සමනළ තටු - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

April 27, 2024 • 10:08 AM

සමනළ තටු - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජේවීපීකාරයන්ගේ අපහාස දරාගන්න බැරුව ය.
  • මා හිතන්නේ අර තක්කඩි ජේවීපීකාරයාගේ ප්‍රකාශයේ බරපතළකම තවම බොහෝ අයට තේරිලා නැහැ.
  • මේකත් අන්න ඒ වගේම බරපතළ ප්‍රකාශයක්.
  • ඇත්තම කතාව තමයි හෙළ යක්ඛ පුතුන් කියාගෙන හිටියට බයියො පරාණ බයයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජේවීපීකාරයන්ගේ අපහාස දරාගන්න බැරුව ය. එය අපේ කඳවුරේ උන්ගේ උපන් නිවට කමකි. එක වෙලාවකට ගෝඨාභයට පලු යන්න බනින්නේ අරගලකාරයන් සද්දෙ දාගෙන එනකොටම දෙකක් දී එළවා නොගත් නිසා අන්තිමට ගුටි කාලා බේරේ වැවේ නාගෙන ගෙවල් ටිකත් ගිනි තියාගෙන අගමැතිකමයි ජනාධිපතිකමයි නැති කරගෙන අනූනවයෙන් පණ බේරාගෙන සියල්ල විනාශ කරගත්තා කියා ය.

නමුත් ඒ අරගලකාරයෙක්, ඔවුන් අතින්ම මරා දැමුණු පියෙකුට ස්ත්‍රී දූෂකයා කියා අපහාස කරන විට, ඒ පුතා කණ පැලෙන්න දෙකක් කියා අරගලකාරයා එළවා ගත් විට “අයියෝ තව ඉවසන්න තිබුණා අනේ…” කියා ලොවෙත් නැති සාන්තු පාර්ට් දාගෙන සමාජයට පේන්න බබා වෙයි. මෙය බයි-බයිපෝලාර් තත්ත්වයකි.

  

e57cb5b0 ee3b 11ed a142 ab0e42bfd9c3අරගලකාරයන් සද්දෙ දාගෙන එනකොටම දෙකක් දී එළවා නොගත් නිසා අන්තිමට ගුටි කාලා බේරේ වැවේ නාගෙන ගෙවල් ටිකත් ගිනි තියාගෙන අගමැතිකමයි ජනාධිපතිකමයි නැති කරගෙන අනූනවයෙන් පණ බේරාගෙන සියල්ල විනාශ කරගත්තා කියා ය.



මා හිතන්නේ අර තක්කඩි ජේවීපීකාරයාගේ ප්‍රකාශයේ බරපතළකම තවම බොහෝ අයට තේරිලා නැහැ. ඒ නිසා මා හිතුවා වෙනත් උදාහරණයකින් එහි බරපතළකම කියා දෙන්න. අපි හිතමු කාලයක් ගිහිල්ලා ඔය වගේ පක්ෂග්‍රාහී දේශපාලන වැඩසටහනක එක පැත්තක ඉන්නවා ජවිපෙ ඔය මොකෙක් හරි වාචාලයෙක්. අනෙක් පැත්තේ ඉන්නවා පාස්කු ප්‍රහාරයෙන් තමන්ගේ පියා අහිමි වූ දරුවෙක් දැන් ලොකු වෙලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා. මන්ත්‍රීවරයා කියනවා “මගේ තාත්තාව පාස්කු ඉරිදා පල්ලියේ, මගේ ඇස් ඉස්සරහා ජවිපෙ ජාතික ලැයිස්තුවේ ඉබ්‍රහිම්ගේ පුතා බෝම්බයකින් මැරුවා” කියා.

එතකොට ජේවීපීකාරයා කියනවා “ඒ වෙලාවේ ස්ත්‍රී දූෂකයන්, කසිප්පුකාරයන්, හොරුන් ගොඩක් මැරුණා… ඔයාගේ තාත්තා එහෙම කෙනෙක්ද කියලා දන්නේ නැහැ…” කියලා. කොහොම තියෙයිද? මැල්කම් ජීවතුන් අතර හිටියොත් අර ජේවීපීකාරයට එරෙහිව නඩු දානවා. කොළඹ පාරවල් පුරා candlelight vigil තියලා ගීතිකා කියනවා. ජේවීපී එකට විරුද්ධව සිවිල් සමාජය අහස් යාත්‍රාවේ හනිකට ජිනීවා යනවා. ජවිපෙ නායකයට පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයගේ පවුල්වලින් ප්‍රසිද්ධියේ සමාව ගන්න වෙනවා. මේකත් අන්න ඒ වගේම බරපතළ ප්‍රකාශයක්.

 

 

easter bomb“මගේ තාත්තාව පාස්කු ඉරිදා පල්ලියේ, මගේ ඇස් ඉස්සරහා ජවිපෙ ජාතික ලැයිස්තුවේ ඉබ්‍රහිම්ගේ පුතා බෝම්බයකින් මැරුවා” කියා



වීරසිංහ මන්ත්‍රීතුමාගේ පියා වෙනුවෙන් එක බයියෙක් එක වචනයක් කිව්වේ නැහැ. ඔන්න අපේ මන්ත්‍රීවරු දැනගන්න අපේ මිනිස්සුන්ගේ තරම. මේක තමයි මේ කඳවුරේ හැටි. මට හිතෙන්නේ ගෝඨාභය ඕක දන්න නිසා තමයි ඔය අරගලකාරයන්ට මුකුත්   කළේ නැත්තේ. මොකද එහෙම කළා නම් අනිවාර්යෙන් අපේ උන්ම හැරිලා කියනවා “මෝඩ වැඩක් කළේ… ඉවසන්න තිබුණා…” කියලා.

 

ඇත්තම කතාව තමයි හෙළ යක්ඛ පුතුන් කියාගෙන හිටියට බයියො පරාණ බයයි. මහින්ද මහත්තයව බලන්න මැදමුලන ගියාට එතුමාව ඝාතනය කරන්න අරගලකාරයන් වට කළාම බයියො මිසින්. එදා මැයි නවය වීරයන් වගේ ආවේ අරගලයට ගහන්න නෙවෙයි. අර අහිංසක ගෝඨාභයට දෙකක් කියලා පුස් පාර්ට් එකක් දාලා යන්න. සතුරා වැඩේ ගැස්සුවා. ඒකයි ඇත්ත. මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියන කොට ඔය ලොකු කතා කියන බයියො ලොවෙත් නැහැ. දැන් බොරුවට වීරයෝ වගේ එළියට ඇවිල්ලා ගෝඨාභයට බනිනවා ගැහුවේ නැහැ කියලා.

 

sanath1මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියන කොට ඔය ලොකු කතා කියන බයියො ලොවෙත් නැහැ.



වීරසිංහ තමන්ගේ පියා වෙනුවෙන් සටන් කළා. තිස්සකුට්ටිආරච්චි තමන්ගේ මිතුරා වෙනුවෙන් සටන් කළා. මට නම් ඒ දෙන්නා ගැන ආඩම්බරයි. ආර්ථිකයෙන් වගේම බුද්ධියෙන් පවා බංකොලොත් මේ හිස් රටේ නිකං බොරු මහත්මා status maintain කරන්න උවමනා නැහැ. වීරසිංහගේ ගෙදර ගිනි තියන කොට ඔය දැන් චරිත සහතික ලියන කවුරුවත් ආවේ නැහැනේ. ඒක වීරසිංහට තනියම දරාගන්න වුණා.

 

 මේ රටේ දේශපාලනය කියන්නේ සමාජ සේවය නෙවෙයි. සමාජ සේවය කරන්න ඕනා නම් දේශපාලනය නොකර ඉන්න. දේශපාලනය කියන්නේ අන්තිම ජරා මජර යුද්ධයක්. එතන තියෙන්නේ තනිකර ආත්මාර්ථකාමී බල පොරයක්. තමන්ට පිහිට තමා පමණයි. තමන් අමාරුවේ වැටුණම ඔය ඉන්න මහලොකු සෙනග පැත්ත පළාතේ නැහැ. මැරුණම නම් එයි අනේ ලස්සනට සුදු ඇඳගෙන මූණ පෙන්නලා තමන් හරීම යුතුකම් දන්න මිනිහෙක් කියලා පෙන්නලා යන්න. තමන් හරීම හොඳ කෙනෙක් කියලා පෙන්වන්න රම්පෙට පොරි හැලෙන කව් ගී නිසඳැස් ලියලා ෆේස්බුක් දමාවි.

 

Hiru Balaya 2024.04.27

 

මෙන්න මේ යථාර්ථය දැනගෙන දේශපාලනය කරන්න. වීරසිංහ හැමදාම මතක තියාගන්න ඔයා වෙනුවෙන් තිස්සකුට්ටිආරච්චි කතා කළා කියලා. මොකද ඒක ඉතාම දුර්ලභ දෙයක්. විශේෂයෙන්ම අපේ කඳවුරේ. දිස් ඉස් පොලිටික්ස්.



(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...