The Leader News
BREAKING
Top Ad
Opinion

අළුත් දෙය යනු පරණ දෙයහි ම දිගුවක් ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

April 30, 2024 • 11:30 AM

අළුත් දෙය යනු පරණ දෙයහි ම දිගුවක් ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෝඨා ගෝ හෝම් අරගලයෙන් පසු තිස්සකුට්ටි ප්‍රවර්ගයේ දේශපාලනය ගැන එතරම් කතා කිරීමට දෙයක් නැත්තේ එතැන් පටන් ඔවුන්ගේ දේශපාලන නෛතිකබව තමන්ට චන්දය දුන් මිනිසුන් අතින්ම ප්‍රතික්ෂේප වී ඇති හෙයිනි.
  • ඒ නිර්-නෛතික බව අපිට පැහැදිලි ලෙස නොපෙනෙන්නේ ඔවුන්ගේ ''ප්‍රතික්ෂේපිත දේශපාලනය'' යම් උප්පරවැට්ටි දේශපාලන මාර්ගයක් ඔස්සේ තවමත් ඉදිරියට ගමන් කරමින් ඇති අවතාරමය පැවැත්මක් යටතේය. වෙනත් විදියකට කිවහොත් පරණ දෙය අවසන් නොවී සහ අලුත් යමක් ද බිහි නොවී ඇති විපරීතමය අවකාශයක් ඇතුලේ ය.
  • මෙය සමාජයක යම් දියුණු තත්වයකි.
  • ඒ සමාජ දියුණුව ඇතිකිරීමට දියුණු දේශපාලනයක් ද අවශ්‍ය වේ. නලින් විසින් ඓතිහාසිකව තමන්ගේ අතීත දේශපාලන ''උපක්‍රම'' සාධාරණීකරණය කිරීමට යාමේදී දූෂකයින් සහ කසිප්පුකරුවන් සම්බන්දයෙන් තමන් දුන් දඬුවම් ස්වභාවිකකරණය කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ගෝඨා ගෝ හෝම් අරගලයෙන් පසු තිස්සකුට්ටි ප්‍රවර්ගයේ දේශපාලනය ගැන එතරම් කතා කිරීමට දෙයක් නැත්තේ එතැන් පටන් ඔවුන්ගේ දේශපාලන නෛතිකබව තමන්ට චන්දය දුන් මිනිසුන් අතින්ම ප්‍රතික්ෂේප වී ඇති හෙයිනි. ඒ නිර්-නෛතික බව අපිට පැහැදිලි ලෙස නොපෙනෙන්නේ ඔවුන්ගේ ''ප්‍රතික්ෂේපිත දේශපාලනය'' යම් උප්පරවැට්ටි දේශපාලන මාර්ගයක් ඔස්සේ තවමත් ඉදිරියට ගමන් කරමින් ඇති අවතාරමය පැවැත්මක් යටතේය. 

වෙනත් විදියකට කිවහොත් පරණ දෙය අවසන් නොවී සහ අලුත් යමක් ද බිහි නොවී ඇති විපරීතමය අවකාශයක් ඇතුලේ ය. මෙය කාලකන්ණි තත්වයකි. 

නමුත් නලින් හේවගේ නියෝජනය කරමින් ඉන්නේ තවමත් නොපැමිණි ''නව දේශපාලනයකි''. ඒ ''නව'' යැයි අප සිතන දෙය අපිට උකහා ගතහැකි එකම විදිය නම් එම දේශපාලනය පැමිණීමට පෙර පෙන්වන දේශපාලන සංඥා සහ පෙරනිමිති ය. ඒ ඔස්සේ අපිට මේ පැමිණෙන්නේ නව දේශපාලනයක් ද නැත්නම් තිස්සකුට්ටි වර්ගයේ පවතින දෙයහිම නව දිගුවක් යන්න පුරෝකථනය කළ හැක. 

z p27 Sayයම් සමාජීය වරදක් කළ අයෙකුට දඬුවමක් නියම කිරීම සහ එය ක්‍රියාත්මක කිරීම ලෝක සම්මතය අනුව පිළිගත හැකි දෙයකි. 


ස්ත්‍රී දුෂක සහ කසිප්පුකාර සහ හොරු අයිති වෙන්නේ මේ කුලකයට විය හැක (හැබැයි බ්‍රෙෂ්ට්ගේ ''හුණුවටයේ'' අසඩක් නම් සොයාබැලුවේ හොරුන් හොරුන් වී ඇත්තේ කෙසේද යන්නයි). 

එසේ දඬුවම් දීමේදී පවා එම දුෂකයින් සහ හොරුන්ගේ යම් මානව අයිතීන් සහ ආත්ම ගරුත්වයේ යම් කොටසක් ආරක්ෂාකර දීමට යුරෝ කේන්ද්‍රීය රෝම ලන්දේසි නීතිය උත්සාහ කරයි. 

ඒ නිසා රෝම ලන්දේසි නීතිය කෙසෙල්කැන් හොරෙක් අල්ලාගෙන කෙසෙල්කැන පිටේ තබා ගම වටේ යවන්නේ නැත. කසිප්පුකාරයාගේ කසිප්පු බූලිය කරේ තබා ගම වටේ යවන්නේ නැත. ස්ත්‍රී දූෂකයෙක්ට වෙඩි තබා ගමේ හැමෝටම පේන්න හන්දියේ දමන්නේ නැත. එක අතකින් එසේ නොකරන්නේ ඒ මනුෂ්‍යයාගේ යම් මනුෂ්‍ය ගරුත්වයක් ආරක්ෂාකිරීමට වගේම ඒ මනුෂ්‍යයාට සම්බන්ද අනික් දූ දරු ඥාති අයගේ ආත්ම ගරුත්වය ද ආරක්ෂා කරදෙනු සඳහාය. මෙය සමාජයක යම් දියුණු තත්වයකි. ඒ සමාජ දියුණුව ඇතිකිරීමට දියුණු දේශපාලනයක් ද අවශ්‍ය වේ. 

නලින් විසින් ඓතිහාසිකව තමන්ගේ අතීත දේශපාලන ''උපක්‍රම'' සාධාරණීකරණය කිරීමට යාමේදී දූෂකයින් සහ කසිප්පුකරුවන් සම්බන්දයෙන් තමන් දුන් දඬුවම් ස්වභාවිකකරණය කරයි. ගැටලුව ඇත්තේ එතැනය. විශේෂයෙන් මේ ඔස්සේ සිදුවන්නේ බර්ලින් තාප්පයෙන් පසු දේශපාලනය ඊට කලින් උපක්‍රම ඔස්සේ සාධාරණීකරණය කිරීමට උත්සාහ කිරීම මඟින් මතුවන විරුද්ධාභාෂයයි. 

අනික් අතට අප දන්නා පරිදි ඔවුන් ''දඬුවම් දුන්නේ'' දූෂක සහ හොරුන්ට පමණක් නොව දේශපාලන විරුද්ධවාදීන්ටත් එක්කය. එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනය කරපු අයත් වමේ දේශපාලනය කරපු අයත් මේ ''දඬුවම් ලැබූ'' ගොන්නට අයත් ය.

 

 

ජාතික ජන බලවේගයේ දේශපාලන කථිකයින් අතර මා කොහෙත්ම කැමති නැති අයෙක් වන නලින් හේවගේ අතින් ස්වභාවිකකරණය කෙරෙන්නේ මේ පාර නෛතික දඬුවම් කලාපයයි. 

මියගිය දේශපාලනයක සිටින තිස්සකුට්ටිට වඩා ''අලුත් එකක්'' යැයි කියන නලින් හේවගේගේ දේශපාලනය ගැන වැඩියෙන් සැලකිලිමත් විය යුත්තේ මේ නිසාය. 

මන්ද අප මේ අලුත් දේශපාලනය ගැන ධනාත්මක ලෙස සිතමින් ඉන්නේ ඉතිහාසයේ තුවාල ද සහිතවය. 

මීට දශක කීපයක කලින් උපාධිධාරීන්ට අදාළ විෂයට අමතරව සහකම්පණය සහ පෞරුෂ වර්ධනය වැනි මෘදු කුසලතා (soft skills) විෂය නිර්දේශය තුල ඉගැන්නුවේ නැත. සමහර විට මේ එම පරක්කුවේ ප්‍රථිපලයක් විය හැක. 

කෙසේ හෝ අනුර විසින් ඉතා පරිස්සමින් සිදු කිරීමට උත්සාහ කරන දෙය ජාතික ජන බලවේගයේ ඇතැමුන් විසින් ආපසු හැරවීමේ අවදානමක් දැන් මතුවෙමින් තිබේ.


(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...