The Leader News
BREAKING
Top Ad
Opinion

කල්ට් සහ පක්ෂ - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

April 30, 2024 • 4:47 PM

කල්ට් සහ පක්ෂ - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චරිතයක්‍ හෝ අයිඩියොලෙජියක් වටේටයි හැම දෙයක්ම සිද්ද වෙන්නෙ.
  • ලාල් අභියෝගයක් වෙන්නෙ එලියටත් වඩා ඇතුලට අනිත් පක්ෂ බොහෝ විට සංධීය රාජ්‍ය වගේ.
  • නමුත් ජවිපෙ වගේ පක්ෂයකට එහෙම පවතින්න බෑ.
  • එහෙම අයටත් පක්ෂයේ ඉන්න පුළුවන් කියල පෙන්නන්න අලුතෙන් ජවිපෙ ඇතුලෙ නිර්මාණය වෙන චරිතය තමයි ලාල්කාන්ත.
අකුරු ප්‍රමාණය (Font Size):

චරිතයක්‍ හෝ අයිඩියොලෙජියක් වටේටයි හැම දෙයක්ම සිද්ද වෙන්නෙ.


කල්ට් ස්වරූපයේ හැටියක් තමයි අන්තවාදී ස්වරූපයක් දරන එක. පරම දේවල් වෙනුවෙන් පෙනී ඉන්නවා. උදා විදිහට විශ්ව විද්‍යාල ප්‍රජාව කියන්නෙ කල්ට් එකක්. ඒක ඇතුලෙ සිගරට් බොන්න බෑ. කොට කලිසම් අඳින්න බෑ වගේ නීති තියෙනවා.

ඒත් මේ කල්ට් එක පුළුල් වෙනවා නම් මේ සීමාවන් අහෝසි වෙනවා.


සාමාන්‍යයෙන් පක්ෂ කියන්නෙත් පටන් ගනිද්දි කල්ට්. උදා විදිහට සුළු ජාතික පක්ෂ අරගන්න පුළුවන්. ඒවා නිශ්චිතව ජාතිය හෝ ආගම මත පදනම් වෙලා සංවිධානය වෙනවා. ඒ පක්ෂවලට ජාතික මට්ටමක් දක්වා පුළුල් වෙන්න බෑ. හේතුව ජාතිය ආගම කියන එකම ඒ කල්ට් එකේ සීමාව.

jvp
මේ විදිහට ජවිපෙ කියන්නෙත් ලංකාවෙ කල්ට් එකක්. ඒ කල්ට් එක දැන් ජාජාබෙ විදිහට ජාතික මට්ටමක් දක්වා ලොකු වෙන්න උත්සාහ කරනවා. ඒත් අනිත් පක්ෂවලට නැති ලොකු අභියෝගයක් ඒ අයට අභ්‍යන්තරයෙන් තියෙනවා.

වෙන පක්ෂවල අයට බොන එක ප්‍රශ්නයක් නොවුනට ජවිපෙට බොන එක ප්‍රශ්නයක්. වෙන පක්ෂවල අයට පුද්ගලිකව වෙනස් වෙනස් අදහස් දරන්න පුළුවන් වුනාට ජවිපෙට ඒක ප්‍රශ්නයක්.


lalලාල් අභියෝගයක් වෙන්නෙ එලියටත් වඩා ඇතුලට


අනිත් පක්ෂ බොහෝ විට සංධීය රාජ්‍ය වගේ. එකගතාවයන් වගේම නොඑකගතාවයනුත් තියෙනවා. මේ දෙකට එකට පවතින්න පුළුවන් වෙනවා. නමුත් ජවිපෙ වගේ පක්ෂයකට එහෙම පවතින්න බෑ. ඒ තත්වය තමයි ලාල්කාන්ත අභ්‍යාස කරගෙන යන්නෙ. ලාල් දරන අදහස් පක්ෂයේ මතයට වෙනස්. එහෙම අයටත් පක්ෂයේ ඉන්න පුළුවන් කියල පෙන්නන්න අලුතෙන් ජවිපෙ ඇතුලෙ නිර්මාණය වෙන චරිතය තමයි ලාල්කාන්ත.

ලාල් අභියෝගයක් වෙන්නෙ එලියටත් වඩා ඇතුලට.


මෙහෙම කල්ට් එකකට ඉතා සුලු කාලයකින් ජාතික තලයක ආමන්ත්‍රණයක් කරන්න සිද්ද වුනාම ලොකු අර්බුදයකට යනවා.


මේකට හොඳම උදාහරණයක් තමයි අපි නිතර වැඩ කරලා පුරුදු වාමාංශික සංවිධාන. සල්ලි නැති තාක් කල් ඒ අය නොමිලේ, තමන්ගේ මහන්සියෙන් හැමදේම දීගෙන වැඩ කරනවා. ඒත් යම් ආයතනයක් හෝ යම් කෙනෙක් තරමක මුදලක් පරිත්‍යාග කරපු ගමන් සියල්ල අවුල් වෙන්න පටන් ගන්නවා. ඒ ව්‍යුහය ගොඩනැගිලා තියෙන්නෙම මුදලට විරුද්ධව. මුදල් නොමැතිව විතරයි පවතින්න පුළුවන්.


මේ වගේ දේශපාලන කල්ට් පුපුරා යන හේතු දෙකක් තමයි සල්ලි සහ සෙක්ස්. ප්‍රභාකරන්ගෙ කල්ට් එකේ හිටපු කරුණා පුපුරලා ගියේ චොක්ලට් වලින් කියල කියනවා. බොහෝ විට චොක්ලට් සහ සෙක්ස්.

kljhsdlf
ජාජාබෙට මුල් අරගලය කරන්න සිද්ද වෙන්නෙ ජවිපෙට විරුද්ධව. තමන්ගේ කල්ට් එකෙන් කැඩිලා පළල් දේශපාලන වේදිකාවකට ගොඩවෙන්න. ඊට පස්සෙ තමයි එලියෙ ආර්ථික හෝ කවර හෝ අරගලයක් කරන්න සිද්ද වෙන්නෙ.


ඒ කොහොම වුනත් ලංකාවෙ කල්ට් එකක් ප්‍රධාන ධාර‍ාවෙ පක්ෂයක් බවට පත්වීමේ අරගලය ගැන ලංකාවෙ හොඳම නිදර්ශනය සපයමින් ඉන්නෙ ජාජ‍ාබෙ.

Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
#godayamu

vyadhadeva@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...