The Leader News
BREAKING
Top Ad
Opinion

නලින්ගේ ඇමෙරිකානු සිහිනය....(ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

May 4, 2024 • 10:24 AM

නලින්ගේ ඇමෙරිකානු සිහිනය....(ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉනුත් විශේෂයෙන් ඇමෙරිකාව කියන රටේ මියයාම සහ එම රටේම මිහිදන් වීමත් වාසනාවක්.
  • සිංහල බෞද්ධ සිහිනය නම් සැබෑ වෙන්න නැතුව ඇති.
  • මොකද ඔවුන්ට තේරුම් ගියා මුල්ම වතාවට දෙවියන් කියන කෙනෙක් තමන් දිහා බලාගෙන නොසිටි බවට.
  • මුදවාගන්න එතුමන් නොඑන නිසා තමන්ගේ හිසට සෙවණැල්ල තම අත විතරයි කියන එක.
අකුරු ප්‍රමාණය (Font Size):

වාසනාවක්. ඉනුත් විශේෂයෙන් ඇමෙරිකාව කියන රටේ මියයාම සහ එම රටේම මිහිදන් වීමත් වාසනාවක්.

අපේ වගේ දුප්පත් ලෝක ගෝලයේ කේන්ද්‍රයෙන් ඈත රටක කෙනෙකුට එහෙම කැමැත්තක් තිබිල ඒ කැමැත්ත ඒ විදියටම යථාර්තයක් කරගන්න පුළුවන් වීම සැලකිය යුතු තරමේ දෙයක්.

'ඇමෙරිකන් සිහිනය' කියන්නේ මේ වගේ දෙයක් නොවුණට ඇමෙරිකන් චින්තකයෙක්ට අවශ්‍යනම් පරිවාරයේ රටක කෙනෙක්ට මෙවන් සිහිනයක් තිබීම කියන එකම එක්තරා ආකාරයක ''ඇමෙරිකන් සිහිනයක්'' කියන්නත් පුළුවන්.  



ඒ අනුව එතුමා පරාජිතයෙක් කියල කියන්න බැහැ. අවසන් මොහොතේ උණත් එයා එයාගේ සිහිනය වෙත ගිහිල්ල තියනවා (ඒක ඇමෙරිකන් සිහිනය කියන එකේ කොටසක්). සිංහල බෞද්ධ සිහිනය නම් සැබෑ වෙන්න නැතුව ඇති. හැබැයි එතුමා එහෙම එකක් වෙනුවෙන් අධිෂ්ඨාන කරගෙන හිටපු සිතිවිල්ල වෙනස්කර ගත්තේ නැහැ. ඒ නිසාත් එයා පරාජිතයෙක් නෙවෙයි.

 

කුරුසියේ වේදනාවෙන් හිටපු යේසුස් වහන්සේ දුකින් මුදවා ගන්න දෙවියන් (පියා) එන්නේ නැහැ කියල දැක්ක බලාගෙන හිටපු මිනිස්සු හිනාවෙන්න ගත්තලු. මොකද ඔවුන්ට තේරුම් ගියා මුල්ම වතාවට දෙවියන් කියන කෙනෙක් තමන් දිහා බලාගෙන නොසිටි බවට. මුදවාගන්න එතුමන් නොඑන නිසා තමන්ගේ හිසට සෙවණැල්ල තම අත විතරයි කියන එක.

 

jesus

නලින් පරාජිත බවේ වේදනාවෙන් මියගිහින් එහෙනම් ඔප්පුකලේ අපි කොතරම් බටහිරට වෛරකලත්, හෙලා දැක්කත්, බටහිර කියන්නේ බොරුවක් කියල කිව්වත් අවසානයේ අපිට මියයන්න උණත් හොඳම තැන ඇමෙරිකාව කියල....

එකෙක්වත් මාව බලන්නත් එන්න එපා, මාව සදහටම අමතක කරපල්ලා කියල ඔහු අපිව නිදහස් කරනවා. එකම දේ ඔහු දුන්න ගැඹුරු නිදහස අපිට ලෙහෙසියන් තේරෙන්නේ නැතිකම...

 

Nalin de Silva 1200px 24 05 02 1000x600

යේසුස් කුරුසියේ ඉඳන් වේදනාවෙන් මෙහෙම අහනවා...පියාණෙනි, ඔබ මා අතහැර දැමුවේ ඇයි?

දෙවියන් එතකොට මෙහෙම කියනවා...

මම ඔබ අත්හැර දැමුවා නොව, ඔබ මගේ බරෙන් නිදහස් කළා පමණි...

නිදහස කියන්නේ තේරුම්ගන්න අමාරු දෙයක්.

දැන්වත් නිදහස් වෙන්න!



(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

 

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)





සබැඳි ලිපි :
තරුණ නලින් සහ මහළු මාක්ස් - (උපාලි ගජනායක)

නලින් ද සිල්වා ඇදුරුතුමාට ගරු කළ හැක්කේ කෙසේ ද? - (යුතුකම ජාතික සංවිධානය)

ආචාර්ය නලින් ද සිල්වා : අවසන් කටයුතු ඉරිදා ඇමරිකාවේදී - පාංශුකූලේ පිරිනැමීමක් කොළඹදී

දැයෙන් සමුගත් මහාචාර්ය නලින් ද සිල්වා යනු කවුද?

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නලින්ගේ ඇමෙරිකානු සිහිනය....(ආචාර්ය මහේෂ් හපුගොඩ) | The Leader