The Leader News
BREAKING
Top Ad
Opinion

සජබන්ස්ලා රනිල්ට අකමැති ඇයි? - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

May 6, 2024 • 9:13 AM

සජබන්ස්ලා රනිල්ට අකමැති ඇයි? - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔවුන්ගෙන් බොහෝ දෙනා දේශපාලනයට එන්නේ රනිල් වික්‍රමසිංහගේ එජාප නායකත්වය යටතේ ය.
  • එයින් පෙනෙන්නේ ඔවුන්ට ඊළඟ මහා ඡන්දය දිනීමට වැඩි වාසිය තියෙන්නේ රනිල් සමග නොව සජිත් සමග බව ඔවුන් සිතන නිසාද?
  • අරගලයෙන් පසුව කබලෙන් ලිපට වැටී ඇති සාමාන්‍ය ජනතාවට ජීවන වියදම දරාගත නොහැකි ය.
  • රටේ නැති විහිළු කර කර සජිත් පුතා කූල් එකේ ඉන්නේ ඒ බව දන්නා නිසා විය හැකි ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔවුන්ගෙන් බොහෝ දෙනා දේශපාලනයට එන්නේ රනිල් වික්‍රමසිංහගේ එජාප නායකත්වය යටතේ ය. ඔවුන් දේශපාලනයේ පාඩම් සියල්ල ඉගෙන ගන්නේ රනිල්ගෙනි. සජිත් ප්‍රේමදාස සමග ඔවුන්ගේ සම්බන්ධයට වඩා රනිල් සමග ඔවුන්ගේ සම්බන්ධය කාලයෙන් දිගය. දේශපාලන සිදුවීම්වලින් පළල් ය. අනෙක් පක්ෂවල මන්ත්‍රීවරුන්ට වඩා රනිල්ට කිට්ටුම පිරිස සජබ මන්ත්‍රීන් ය. මේවා facts ය. එහෙනම් ඇයි ඔවුන් රනිල්ට සහාය දෙන්න එන්නේ නැත්තේ?

 

සාමාන්‍යයෙන් මන්ත්‍රීවරුන් අතිමහත් බහුතරය හිතන්නේ එක දෙයක් ගැන පමණී. එනම් “ඊළඟ ඡන්දෙන් නැවත පාර්ලිමේන්තුවට එන්නේ කෙසේද?” කියා ය. පක්ෂයේ දේශපාලන මතවාදයේම පිහිටා රටේ ජනතාවගේ සුබසිද්ධිය ගැනම හිතා තීරණ ගන්නේ අතළොස්සකි. එයට දොස් කියා ඵලක් නැත. දේශපාලනය යනු බල ව්‍යාපෘතියක් පමණී. ජනපති ගෝඨාභයව බොහෝ දෙනා අත්හැරියේ ඔහු නැවත වාරයක් ඉල්ලන්නේ නැතැයි කියා අවංකව කී මොහොතේ ය. කවුදෝ මට කීවේ “දේශපාලනය කරනවා නම් ඡන්දය නොඉල්ලුවත් ඊළඟ මැතිවරණයට අනිවාර්යෙන් ඉල්ලනවා” කියා කිව යුතුය කියා ය. නැත්නම් ජනතාව සත පහකට ගණන් ගන්නේ නැත. ගෝඨාභය මහතා වැනි අවංක සහ විවෘත මිනිහෙකුට මේ රටේ දේශපාලනය කළ නොහැකිය.

සජිත් ප්‍රේමදාස ; පොඩි එකාගේ දේශපාලනය

 

සජබ මන්ත්‍රීවරුන්ට ඊළඟ පාර්ලිමේන්තුවට ඒමට වැඩිම වාසිය ලැබෙන්නේ රනිල්ට සහාය වීමෙන් නම් ඔවුන් මෙලහකටත් රනිල්ට එකතු වී තිබිය යුතුය. එනවා එනවා කිව්වාට කිසිවෙකු ආවේ නැත. එයින් පෙනෙන්නේ ඔවුන්ට ඊළඟ මහා ඡන්දය දිනීමට වැඩි වාසිය තියෙන්නේ රනිල් සමග නොව සජිත් සමග බව ඔවුන් සිතන නිසාද? එය සාධාරණය. පොදු ජනතාව ඉන්නේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව කෙරෙහි අබ පුපුරන කේන්තියෙනි. අරගලයෙන් පසුව කබලෙන් ලිපට වැටී ඇති සාමාන්‍ය ජනතාවට ජීවන වියදම දරාගත නොහැකි ය. පොතේ හැටියට හරි නම් ඊළඟට බලය ලැබිය යුත්තේ ප්‍රධාන විපක්ෂය වන සජිත් ප්‍රමුඛ සජබට ය. එය easy ගේමකි. රටේ නැති විහිළු කර කර සජිත් පුතා කූල් එකේ ඉන්නේ ඒ බව දන්නා නිසා විය හැකි ය.

එයින් පෙනෙන්නේ රනිල් ගැන සජබන්ස්ලාගේ දේශපාලන තක්සේරුව යි. රනිල්ට ජනාධිපතිවරණයෙන් දිනිය හැකිය කියා සජබන්ස්ලා සිතනවා නම් රනිල්ගේ දෑත් ශක්තිමත් කිරීමට ලෙහෙසියෙන්ම එකතු විය හැකි පිරිස ඔවුන් ය. ඔය කියන තරම් සාකච්ඡා කර කර ඔබ ඔබා කිර කිරා බලන්නට තියෙන්නේ මොනවාද? රනිල් දිනනවා කියා සහතික නම් එම ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට හැක්කේ වෙනත් පක්ෂයකට නොව, සජබට ය. එහෙම නොවෙන්නේ ඇයි? 

 

opo kjhg
අනෙක් පැත්තෙන් රනිල්ට තවම සජබ මන්ත්‍රීවරුන්ගේ සහාය දිනා ගැනීමට නොහැකිව ඇත්තේ ඇයි? ඔවුන්ගේ හැකි-නොහැකියාවන් ගැන රනිල් තරම් දන්නා කෙනෙකු නැත. රනිල්ට වෙනත් මන්ත්‍රීවරුන් බාගන්නවාට වඩා ඉතාම ලෙහෙසියෙන් සජබ මන්ත්‍රීවරුන් බාගත හැකි විය යුතුය. ඇතැම් විට වෙනත් මන්ත්‍රීවරුන් නොදන්නා රහසක් සජබ මන්ත්‍රීවරුන් දන්නවා විය හැකිය. කොහොමත් රනිල්ගෙන් හැදුණු මන්ත්‍රීවරුන් දේශපාලනිකව සටකපට ය. අනෙක් අය අදින්නේ දාම් ය. රනිල්ගෙන් හැදුණු අය අදින්නේ චෙස් ය. රනිල් ගැන දන්නේ රනිල්ගෙන් හැදුන එකා ය. අලුත් පුත්තු ටිකත් ඒ පාඩම යතා කාලයේදී ඉගෙන ගනු ඇත.

සජබ මන්ත්‍රීවරුන් බුද්ධිමත් ය. සජිත් සමග මොන ප්‍රශ්න තිබුණත් ඔවුන් ඔවුන්ගේ පක්ෂය වෙන අයට සැප ගන්න දෙන්නේ නැත. ඔවුන් හිතන්නේ දුරදක්නා නුවණිනි. ජනපතිවරණයෙන් කවුරු දින්නත් තමන්ට පාර්ලිමේන්තු ඒමට නම් තමන්ගේ පක්ෂය බෙදෙන්නට නොදී ආරක්ෂා කරගත යුතු බව ඔවුන් දනි. 

රනිල් වැෂ්නාඩ්සේ වැල් පාලමෙන් එතෙර වුණා ද? - (අජිත් පැරකුම් ජයසිංහ)

 

රනිල් සැබැවින්ම දක්ෂයෙක් නම් ඔහු මෙලහකට සජබ මන්ත්‍රීවරුන් තමන්ට එකතු කර ගෙන තිබිය යුතුය. කැබිනට් එක විසුරුවලා ඇමතිකම් ටික දෙනවා කිව්වත් සජබන්ස්ලා නොඑන්න තරම් ඔවුන් රනිල්ව විශ්වාස කරන්නේ නැද්ද? රනිල් හාමු උඩ ඉඳගෙන “කම් කම්” කියනවා. හාමුගේ හැටි දන්න සජබන්සලා යට ඉඳගෙන “නෝ නෝ” කියනවා. වෙන කොහෙවත් ඉන්න උන් ටිකක් නිකං නහින්න හදනවා. දිස් ඉස් පොලිටික්ස්.

නාමල් එපා - රනිල් ඕනා : (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 මැයි 5 


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සජබන්ස්ලා රනිල්ට අකමැති ඇයි? - (එරන්ද ගිනිගේ) | The Leader