The Leader News
BREAKING
Top Ad
Opinion

රාවණා යළි නැගිටියි ද? - (උපුල් ජෝෂප් ප්‍රනාන්දු)

T

The Leader Desk

May 6, 2024 • 9:45 AM

රාවණා යළි නැගිටියි ද? - (උපුල් ජෝෂප් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (‘රාමාගේ හී පහරින් සිහිසුන්ව සිටින රාවණා එල්.ටී.ටී.ඊ.
  • යුද්ධය අවසන් වූ පසු යළි නැගිටිනු ඇත…’) එල්.ටී.ටී.ඊ.
  • ඉතිහාසඥයකු වන ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරගේ මෙම ප්‍රකාශය විහිළුවක් ලෙස පෙනුණත් එල්.ටී.ටී.ඊ.
  • යුද්ධයෙන් පසු රාවණා යළි නැගිටින බව කීවත් උතුරේ දෙමළ ජනතාව හිතුවේ ප්‍රභාකරන් රාවණාගේ අවතාරයක් කියාය.
අකුරු ප්‍රමාණය (Font Size):


(‘රාමාගේ හී පහරින් සිහිසුන්ව සිටින රාවණා එල්.ටී.ටී.ඊ. යුද්ධය අවසන් වූ පසු යළි නැගිටිනු ඇත…’) 

 

එල්.ටී.ටී.ඊ. යුද්ධය අවසන් වීමෙන් පසු රාමායනය යළිත් හිස එසවීය.
ඉතිහාසඥයකු වන ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරගේ මෙම ප්‍රකාශය විහිළුවක් ලෙස පෙනුණත් එල්.ටී.ටී.ඊ. යුද්ධය අවසන් වීමෙන් පසු රාමායනය යළිත් හිස එසවීය. එයට හේතුව යුද්ධය කාලයේ රාමායනයට සම්බන්ධ වන ප්‍රදේශ බොහොමයක් පැවැතියේ එල්.ටී.ටී.ඊ. පාලනයට යටත්වය. මේ නිසා රාමායනය Site බලන්න කැමැති ශ්‍රී ලාංකික සහ ඉන්දීය සංචාරකයන්ට එම ප්‍රදේශ බලන්න යෑම තහනම් විය. ප්‍රභාකරන් ඝාතනය වී යුද්ධය අවසන් වීමෙන් පසු යළිත් ඉන්දීය සංචාරකයෝ රාමායනය Site බලන්න ලංකාවට පැමිණියහ.

 

ආචාර්ය මිරැන්ඩෝ එල්.ටී.ටී.ඊ. යුද්ධයෙන් පසු රාවණා යළි නැගිටින බව කීවත් උතුරේ දෙමළ ජනතාව හිතුවේ ප්‍රභාකරන් රාවණාගේ අවතාරයක් කියාය. එයට ප්‍රධාන හේතුව ප්‍රභාකරන් ඉන්දියාවත් සමග ගැටුමකට ගොස් ඉන්දීය නායක රජිව් ගාන්ධි ඝාතනය කිරීමය. ඔවුන් විශ්වාස කළේ රාවණාගේ සහෝදර විභීෂණ රාවණාට එරෙහිව රාමාට සහාය දී රාවණාව විනාශ කළා සේ සිංහල ආණ්ඩුව ඉන්දියාවේ උදව් ගෙන ප්‍රභාකරන් ඝාතනය කළා කියාය.

 

රණසිංහ ප්‍රේමදාස අනභිභවනීය නායකයාප්‍රේමදාස ඉන්දියානු සාමසාධක හමුදාවට ඉවත් වෙන්න යැයි තර්ජනය කළ විට ඔහුගේ ප්‍රචාරක උපදේශකයන් ප්‍රේමදාසව රාවණා අවතාරයක් ලෙස හැඳින්වීය.
ලංකාවේ රාවණා වෙන්න කැමැත්ත දැක්වූ බොහෝ නායකයන් ඉන්දියාවට අභියෝගයක් කළ නායකයන්ය. රණසිංහ ප්‍රේමදාස 1988 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට ඔහුගේ සාහිත්‍ය උපදේශක වූ සාහිත්‍යධර අරිසෙන් අහුබුදු, සක්විති රාවණා නමින් නාට්‍යයක් නිෂ්පාදනය කළේ ප්‍රේමදාස යුගය රාවණා යුගයක් වෙන බව වක්‍රව පෙන්වමින්ය. ප්‍රේමදාස ඉන්දියානු සාමසාධක හමුදාවට ඉවත් වෙන්න යැයි තර්ජනය කළ විට ඔහුගේ ප්‍රචාරක උපදේශකයන් ප්‍රේමදාසව රාවණා අවතාරයක් ලෙස හැඳින්වීය.

ඉන් පසු රාවණා චරිතයට ආරූඪ වුණේ මහින්ද රාජපක්ෂය. මහින්ද ප්‍රභාකරන්ව විනාශ කොට චීනය ළං කරගෙන ඉන්දියාවට අභියෝග කරද්දී මහින්දගේ ප්‍රචාරක උපදේශකයන් ඔහු රාවණාගේ අලුත්ම අවතාරය ලෙස පෙන්වීය.

 

EMYw5YUXsAIh1EPගෝඨා ජනාධිපති වූ පසු පාර පුරා බිත්තිවල චිත්‍ර ඇන්ද බොහෝ තරුණ තරුණියන් ඇන්දේ රාවණාගේ ප්‍රතිරූපයය.
යළිත් රාවණා උන්මාදය ලංකාවේ ව්‍යාප්ත වූයේ මහින්ද පරාජය වී ගෝඨාභයව දූෂණ චෝදනා සඳහා අල්ලස් කොමිසමට ගෙන යද්දීය. රාවණා බලය නම් වූ සංවිධානය අල්ලස් කොමිසම වටකරගෙන ගෝඨාට සහාය පළ කළහ. මින් පසු විවිධ නම්වලින් රාවණා සංවිධාන බිහිවිය. ගෝඨාභය ජනාධිපති කරන්න මේ සංවිධාන ලොකු සේවයක් කළහ. ගෝඨා ජනාධිපති වූ පසු පාර පුරා බිත්තිවල චිත්‍ර ඇන්ද බොහෝ තරුණ තරුණියන් ඇන්දේ රාවණාගේ ප්‍රතිරූපයය. ඔවුන් ගෝඨාව දුටුවේ ඉන්දියාවට බය නැති නායකයෙක් ලෙසය.

හැබැයි රාවණාගේ අවතාරය වෙන්න ගිය නායකයන්ගේ අවසානය ඛේදවාචකයක් විය. ප්‍රේමදාස ඝාතනය විය. ප්‍රභාකරන් ඝාතනය විය. මහින්ද සහ ගෝඨාට බලය අතහැර ජීවිත ආරක්ෂාව තකා පලායන්න සිදුවිය.

 rama 1ලංකාව කළ යුත්තේ රාවණාලා බිහිකිරීම නොව රාමායනය Trail හරහා ඉන්දීය සංචාරකයන් ලංකාවට ආකර්ෂණය කරගැනීමය

රාවණා අවතාරය ලංකාවට යහපතක් නොවේ. හේතුව රාවණා කියන්නේ මිථ්‍යාවකි. ලංකාව කළ යුත්තේ රාවණාලා බිහිකිරීම නොව රාමායනය Trail හරහා ඉන්දීය සංචාරකයන් ලංකාවට ආකර්ෂණය කරගැනීමය. සිංගප්පූරුව ඉන්දීය සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට ලිට්ල් ඉන්දියා නමින් කුඩා ටවුන් එකක් නිර්මාණය කර ඇත. ලංකාවට ඉන්දීය සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට රාමායනය සහ බුද්ධාගම Trail දෙකම ඇත. මේ Trail දෙකම ප්‍රවර්ධනය කරන්න ඉන්දියාව කැමැතිය. ඉන්දීය අගමැති මෝදිගේ රාම් දෙවොල, ඉන්දීය විදේශ ඇමැති ජයශංකර් ඉන්දීය රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා රාමායනය ප්‍රවර්ධනය කිරීම ලංකාවට හිමිවුණු හොඳ අවස්ථාවකි. රාවණා නැගිටින තෙක් බලා නොසිට මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම ලංකාවේ වගකීමය.

(උපුල් ජෝෂප් ප්‍රනාන්දු)
ප්‍රවීන දේශපාලන විශ්ලේෂක සහ මාධ්‍යවේදී 

(mawratanews.lk)

සබැඳි ලිපි :

ඉන්දියාවේ රාම කුමරු අපේ රාවණා 'බිත්තියට හේත්තු කර ගත්තා ද' ?

'ශ්‍රී රාමායන් ට්‍රේල්ස් ශ්‍රී ලංකා' ව්‍යාපෘතිය ඇරඹේ - ඩොලර් මිලියන 50කට අධික ආයෝජනයක්

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...