The Leader News
BREAKING
Top Ad
Opinion

ගොඩයනවා නම් හිනාවත් ඇති - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

May 7, 2024 • 5:47 AM

ගොඩයනවා නම් හිනාවත් ඇති - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ ඔස්සේ කුමක් හෝ වෙනත් දෙයක් සිද්ද වෙන්න පුළුවන් කියන එක මම හැමදාම හිතන දෙයක්.
  • ඒ ඔස්සේ හැමෝම හිනාවෙන්න ගත්ත.
  • කමක් නැහැ. ගොඩයනවා නම් හිනාවත් ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ ඔස්සේ කුමක් හෝ වෙනත් දෙයක් සිද්ද වෙන්න පුළුවන් කියන එක මම හැමදාම හිතන දෙයක්. ඉනුත් විශේෂයෙන් මේ සමාජ මාධ්‍ය යුගයේ ඒ ''මොකක් හරි දේ'' සිදුවීම පිණිස ලොකු ඉඩකඩක් තියනවා. 

ගෝල්ෆේස් අරගලය උනත් එහෙම අපි නොසිතුව විදියකට සිදුවෙච්ච යම් පුදුමයක්. ලෝකේ ඕනෑම විප්ලවයක් එහෙම ආපතික -අපි නොසිතන ම විදියකට සිද්ද වෙන්න පුළුවන්.

පාරේ දාඩිය පෙරාන ගිනි අව්වේ ටුවරිස්ට් බස් පස්සේ එළවපු කොළු ගැටයෙක්ගේ දෛවය උනත් එහෙම වෙනස් වෙන්න පුළුවන් කියල කොත්මලේ මල් මල්ලිගේ උදාහරණයෙන් අපිට හිතන්න පුළුවන්. 

 

Untitled 85 1

 

එක සමාජ මාධ්‍ය පෝස්ට් එකයි හිට් උණේ. එතනින් පස්සේ දෛවය වෙනස්. ගොඩක් වෙලාවට ආපසු හරවන්න බැරි විදියට. 

නිකම් පාරේ මල් විකුණපු සාමාන්‍ය කොල්ලෙක් එකපාරටම මල් කුමාරයෙක් උණා. චීනයේ ෂෙයා වෙච්ච පෝස්ට් වල හිටියේ ඒ දාඩිය පෙරා ගත්ත ලංකාවේ කොල්ල නෙවෙයි. ''චීනකරණය'' වෙච්ච ෆැන්ටසි කුමාරයෙක්. පොඩි වෙස්ටන් මොඩ් ලුක් එකක් ඒ ෆැන්ටසි පෝස්ට් වලට ඇඩ් වෙලා තිබ්බ. 

 

අඬන්න ඕනි තරම් හේතු තිබ්බත් මේ මල් කොල්ල හැම වෙලාවේම හිටියේ හිනාවෙලා. ඒ හිනාවට ලොකු ගෝලීය වටිනාකම ලැබුණ. නිර්ධන පංතික තරුණයෙක්ගේ අහිංසක හිනාව හිනාවක් නැති සමකාලීන ලෝකෙට අතිරික්ත වටිනාකමක් අරන් ආව. ඒක ෆැන්ටසි එකක් උණා. ඒ ඔස්සේ හැමෝම හිනාවෙන්න ගත්ත. සතුටින් ඉන්න කියන එක චීන කොන්ෆියුසිස් දහමේ එක ඉගැන්වීමක්. 

අනික මේ කොල්ලගේ පසු නොබසින මහන්සිය ගැනත් චීනය කවි ලියන්න ගත්ත. ඒ මහන්සිය ඔස්සේ ලෝකය ජයගන්නේ කොහොමද කියල එයාල ඉගෙන ගත්තේ නූතන චීනයේ පියා වෙච්ච මාවෝ ගෙන්. ඒකත් අර ෆැන්ටසියට එකතු උණා.

මාවෝගෙන් පස්සේ චීනය අද තියන තැනට නැගිට්ටුව ඩෙන් ශියාවෝ පෙන්ගේ ආප්තයක් උනේ පොහොසත් වීම ශ්‍රේෂ්ට දෙයක් කියන එක. 

මට පොහොසත් වෙන්න ඕනි....ඒ මේ ලෝකේ සියලු දුක්බර මුහුණු මිළට ගන්න...

 

1578220107235
මල් කොල්ලගේ මහන්සියේ අවසානය පොහොසත් වීමේ සිහිනය කියන එකත් ඒකටම ඇඩ් උණා. ඇයි අපි පොහොසත් වෙන්න ඕනි කියන එකට උත්තරයක් මේ දවස්වල චීනයේ ජනප්‍රිය ගායකයෙක් වෙන බූයි මාවෝ ගේ සිංදුවක තියනවා (Bu Yi Mao).

මම පොහොසත් වෙන්නේ අන් කිසි දෙයක් නිසා නෙවෙයි මේ ලෝකේ තියන සියළුම දුක්බර මුහුණු මිළට ගන්න කියන බූයි ගායනා කරනවා. 

දැන් ඔබට පේන්න ඕනි මල් මල්ලිගේ කතාව ගෝලීය වෙනකොට ඒක හිතන තරම් සරල දෙයක් නෙවෙයි කියන එක. 

පොහොසත් නොවුණත් අපේ මල් කොල්ලගේ මුහුණේ හිනාවක් තිබ්බ. මම හිතන්නේ දැන් චීනය උත්සාහ කරනවා අපේ සිනහව මිළට ගන්න. කමක් නැහැ. 

ගොඩයනවා නම් හිනාවත් ඇති....

(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...