The Leader News
BREAKING
Top Ad
Opinion

අරගලය : ලාංකික සමාජයේ කැඩපත් අවධියක් ලෙස...(ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

May 10, 2024 • 11:33 AM

අරගලය : ලාංකික සමාජයේ කැඩපත් අවධියක් ලෙස...(ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ බේරේ වැවේ පෝස්ට් කීපයක් දැකල.
  • ඒ සාමාන්‍යයෙන් එක්සත් ජාතික පක්ෂය 1978 පස්සේ ගමන් කරන්න තීරණය කරපු මාර්ගයේ.
  • ඒ ගමන් මාර්ගය 'එකම ගමන් මාර්ගය' (The only way forward) ලෙස බොහොමයක් දෙනෙක් දැන් පිළිගනිමිනුත් ඉන්නවා.
  • වසර දෙකකට පස්සේ අරගලයේ පාඩම මොකක්ද?
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ බේරේ වැවේ පෝස්ට් කීපයක් දැකල. ඒ ප්‍රහාරයෙන් පස්සේ සිද්ද වෙච්ච දේවල් ගැන අපි කවුරුත් දන්නවා. 

අරගලයෙන් අපි පැතුවේ ගෝඨා ගෙදර යවන එක විතරක් නෙවෙයි. වෙනත් විකල්ප සමාජ ආර්ථික දේශපාලන පරිවර්තනයක් ඒ ඔස්සේ සිදුකර ගන්න. 

නමුත් අද වෙනකොට රට වෙනත් දිශාවක ගමන් කරමින් තියනවා. ඒ සාමාන්‍යයෙන් එක්සත් ජාතික පක්ෂය 1978 පස්සේ ගමන් කරන්න තීරණය කරපු මාර්ගයේ. ඒ ගමන් මාර්ගය 'එකම ගමන් මාර්ගය' (The only way forward) ලෙස බොහොමයක් දෙනෙක් දැන් පිළිගනිමිනුත් ඉන්නවා.

අරගලය: දින පනහකින් ඉක්බිති...-(ජයසිරි අලවත්ත)

 

වසර දෙකකට පස්සේ අරගලයේ පාඩම මොකක්ද? මම හිතන්නේ අරගලයට පක්ෂව හිටපු අයට වගේම අරගලයට මාරාන්තිකව එරෙහිව හිටපු අයටත් පොදුවේ අරගලය විසින් සපයපු කැඩපතක් තියනවා (mirror stage). 

ඒ තමයි ඔය ජාතිකත්ව ධනවාදය පිලිබඳ කතාව, මානුෂික ධනවාදය පිලිබඳ කතාව, සංවෘත ආර්ථික කතාව, දේශීය ආර්ථික කතාව, ආරක්ෂණ ආර්ථික කතාව වගේ ඔක්කොම කතා පැත්තකට ගිහිල්ල ඇත්තටම තියෙන්නේ නිරුවත් ධනවාදය විතරයි කියන කතාව. පේන මානයක වෙන විකල්පයක් නැහැ කියන එක. විකල්පයක් ගැන අදහසක් තිබ්බත් මේ ලෝකගෝලය ඇතුලේ දැන් සිද්දවෙන දේවල් එක්ක වෙන විකල්පයක් දැනට පැළකරන්න හැකියාවක් නැහැ කියන එක. 

414416896 947835373365798 1882149099754579495 n

අරගලයට කලින් මොනවාහරි එහෙම අදහසක් තිබ්බ උනත් අරගලයෙන් පස්සේ අවුරුද්දක 'වැල් පාළමේ කොරිඩෝවෙන්' පස්සේ විශාල විදියකට ඒ අදහස් පස්සට ගියා. 

අනික තමයි අපේ අනෙකා වෙච්ච පාලක පංතිය දක්ෂ විදියට පශ්චාත් අරගල අවකාශය ඔවුන්ට අවශ්‍ය විදියට සකස්කර ගනිමින් ඉන්නවා කියන එක. මිනිස්සුත් ඒකට අනුගත වෙමින් ඉන්නවා. 

ජාක් ඇලන් මිලර් කියන විදියට කැඩපතක් විසින් අපි නොසිතුව ''රාක්ෂමය ඇත්තක්'' අපිට පෙන්නන්න පුළුවන් (ඒක හරියට යථාවක් වගේ දෙයක්).

අපිට මේ පෙනෙන්නේ වෙන කිසිවක් නෙවෙයි ෆ්‍රැන්සිස් ෆුකුයාමා 1992 ලියපු 'ලිබරල් ධනවාදය අපේ අවසන් ගමනාන්තය' කියන එක අරගලයෙන් පස්සේ අපේ ඇස් ඉදිරිපිට යම් විදියකට ඇත්තක් වෙමින් යනවා කියන එක (End of History and The Last Man).  

රනිල්ගේ වැල් පාළමේ රූපකය හරහා ලාංකික සමාජය මේ මොහොතේ අත්දකිමින් ඉන්නේ ඒක....

නලින්ගේ ඇමෙරිකානු සිහිනය....(ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

2024 මැයි 09 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...