The Leader News
BREAKING
Top Ad
Opinion

චින්තන ධර්මදාසගේ ලිංගික ළදරු වලිප්පුවට පිළිතුරක් - වීඩියෝ

T

The Leader Desk

May 11, 2024 • 10:31 AM

 චින්තන ධර්මදාසගේ ලිංගික ළදරු වලිප්පුවට පිළිතුරක් - වීඩියෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෙක්ස් සම්බන්ද කතිකාවට එකතු වීම ගැන සමබිමට ස්තුතිවන්ත වෙනවා.
  • එතනදි වෙන්නෙ දැඩි සමාජ පීඩනය තුල ෆ්‍රොයිඩ්ට සෙක්ස් සම්බන්ධ දේශපාලනය අත් හරින්න සිදුවීමත්, එය පුද්ගලයා තුල පවතින සාංදෘශ්ටික අවුලක් විදියට දක්වමින් සමාජයට අවනත වීමට සිදුවීමත් බව ‍රයික් උදාහරන සහිතව දක්වනවා.
  • ෆ්‍රොයිඩ්, යුංග්, රයික් ආදීන්ගේ සම්භාව්‍ය මනෝ විශ්ලේෂණ කතිකාවට පසුව භාෂාව මුල්කරගනිමින් එකතු වුනු මේ ප්‍රංශ ප්‍රවාහය ගැන මට කියන්න තියෙන්නෙ කැමිල් පැග්ලියාට ඒ ගැන කියන්න ඇති දේමයි.
  • මැලිනොව්ස්කිගේ පර්යේෂණ මත හෙලිවන මාතෘ මූලික සමාජ ක්‍රමයන්වල මේ සෙක්ෂුවල් සප්රෙෂන් එක වඩා නිරෝගී ආකාරයකින් කරනවා බව රයික් විස්තර කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

සෙක්ස් සම්බන්ද කතිකාවට එකතු වීම ගැන සමබිමට ස්තුතිවන්ත වෙනවා.

ෆ්‍රොයිඩ් විසින් අවසාන භාගයේදී සෙක්ස් යනු පුද්ගලයා තුල පවතින සුව කළ නොහැකි අවුලක් හැටියෙන් තේරුම් ගැනීම විල්හෙල්ම් රයික් විසින් දැඩිව විවේචනය කරනවා. එතනදි වෙන්නෙ දැඩි සමාජ පීඩනය තුල ෆ්‍රොයිඩ්ට සෙක්ස් සම්බන්ධ දේශපාලනය අත් හරින්න සිදුවීමත්, එය පුද්ගලයා තුල පවතින සාංදෘශ්ටික අවුලක් විදියට දක්වමින් සමාජයට අවනත වීමට සිදුවීමත් බව ‍රයික් උදාහරන සහිතව දක්වනවා.

කොහොම වුනත් සංවාදය ඉදිරියේදී අපිට පුළුවන් මේ මතවාද දෙක ගැන තවදුරට කතා කරන්න.

ප්‍රංශ මනෝවිශේලේෂනවාදී රැල්ල පිහිටන්නෙ කොහොමත් මගේ අදහස් ධාරාවෙන් බාහිරවයි. ෆ්‍රොයිඩ්, යුංග්, රයික් ආදීන්ගේ සම්භාව්‍ය මනෝ විශ්ලේෂණ කතිකාවට පසුව භාෂාව මුල්කරගනිමින් එකතු වුනු මේ ප්‍රංශ ප්‍රවාහය ගැන මට කියන්න තියෙන්නෙ කැමිල් පැග්ලියාට ඒ ගැන කියන්න ඇති දේමයි. (හුදු වචන  හරඹ විලාසිතා විතරයි කියන එක)

ප.ලි- විල්හෙල්ම් රයික් මේක විස්තර කරන්නෙ පීතෘ මූලික ක්‍රමය නිසා සිද්ද වෙන අවුලක් විදිහටයි. මැලිනොව්ස්කිගේ පර්යේෂණ මත හෙලිවන මාතෘ මූලික  සමාජ ක්‍රමයන්වල මේ සෙක්ෂුවල් සප්රෙෂන් එක වඩා නිරෝගී ආකාරයකින් කරනවා බව රයික් විස්තර කරනවා. මං හිතන්නෙ දීප්තිලා යුංග්, රයික් අතෑරලා ප්‍රංසෙට පැනපු අවුලක් මෙතන තියෙනවා.

Chinthana D
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

චින්තන ධර්මදාසගේ ලිංගික ළදරු වලිප්පුවට පිළිතුරක් - වීඩියෝ | The Leader