The Leader News
BREAKING
Top Ad
Opinion

විජයදාස රාජපක්ෂ ජනපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ ඇයි? - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

May 14, 2024 • 5:55 AM

විජයදාස රාජපක්ෂ ජනපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ ඇයි? - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි නීතිමය ගැටලු ඇත්නම් ඒවා නිරාකරණය කර ගත හොත් එය මෙරට දේශපාලනයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් වනු ඇත.
  • ඇත්තටම උසාවියේ නඩු කතා කරන නීතිඥයෙකි.
  • එසේ නම් මේ මොහොතේ කුණාටුවකට හසුව ඇති පැරණි නෞකාවක සුක්කානම විජයදාස සියතට ගන්නේ ඇයි?
  • එක්කෝ රනිල් ඉල්ලන්නේ නැති බව විජයදාස දනී.
අකුරු ප්‍රමාණය (Font Size):

එහි නීතිමය ගැටලු ඇත්නම් ඒවා නිරාකරණය කර ගත හොත් එය මෙරට දේශපාලනයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් වනු ඇත. ශ්‍රීලනිපයේ අභිනව සභාපති විජයදාස රාජපක්ෂ යනු නීති විශාරදයෙකි. ඇත්තටම උසාවියේ නඩු කතා කරන නීතිඥයෙකි. පොඩිම තැන සිට ඉහළට පැමිණි දක්ෂයෙකි. නමුත් වත්මන් ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා වන විජයදාස මේ බැලූ බැල්මට විකාර රූපී සහ පුද්ගලිකව අවදානම් සහගත තීන්දුව ගත්තේ ඇයි? 

 



ජනපතිවරණයට රනිල් ඉල්ලනවා නම් විජයදාසට ඉතා පහසුවෙන් රනිල්ට සහාය දිය හැකි නොවේද? රනිල්ගේ පුත්තු මෙන් ඔහුට රනිල් මාර්ගය ආදායම් මාර්ගය කර ගත හැකි නොවේද? එසේ නම් මේ මොහොතේ කුණාටුවකට හසුව ඇති පැරණි නෞකාවක සුක්කානම විජයදාස සියතට ගන්නේ ඇයි? එක්කෝ රනිල් ඉල්ලන්නේ නැති බව විජයදාස දනී. නොඑසේ නම් ඉල්ලුවත් රනිල්ට දිනිය නොහැකි බව විජයදාස දනී. උදා වී ඇත්තේ දේශපාලනයේ ස්වර්ණමය අවස්ථාවක් බවත් විජයදාස දනී.

 

ශ්‍රීලනිපයට අඩුම තරමින් ලක්ෂ දහයක පහළොවක මූලික ඡන්ද පදනමක් තිබේ. එය පසුගිය මහා මැතිවරණයෙන් ජවිපෙ ලද ඡන්ද සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වඩා වැඩිය. විජයදාස කළ යුත්තේ එම මූලික ඡන්ද පදනම විසිරී යා නොදී තමා වටා ආරක්ෂා කර ගැනීම යි. ඒ සඳහා ඔහු කළ යුත්තේ ශ්‍රීලනිපයෙන් ජනපතිවරණයට ඉදිරිපත් වීම යි. ඔහු පැරදුණත් ඔහුගේ ඡන්ද පදනම සුරක්ෂිත වේ. ඉන් පසුව ඔහුට කරන්නට තිබෙන්නේ පක්ෂය නැවත ගොඩනැගීම යි. ඉවසීමෙන් ඔහු එම කාර්යය කළ හොත් ඔහු ඉතිහාස ගත වනු ඇත.

 

විජයදාසට බාධා නොකරන්නැයි නියෝගයක් ! - මෛත්‍රී ඉල්ලා අස්වූයේ ඇයි? ඉදිරියට  කුමක් වෙයි ද?
විජයදාසට සැලකිය යුතු පාරම්පරික ඡන්ද පදනමක් තිබේ. ඔහුගේ සිංහල බෞද්ධ පදනම ද ශක්තිමත් ය. මහා සංඝරත්නය ද ඔහුට ලැදි ය. පොහොට්ටුව රනිල් සමග ගිය හොත් ඉන් ගැලවෙන සාම්ප්‍රදායික ශ්‍රී ලංකාකාරයන්ට යෑමට පහසුම තැන වන ඔවුන්ගේ මහගෙදර විජයදාසට ලස්සනට නවීකරණය කළ හැකි ය. පොහොට්ටුවෙන් වෙන් වුණු ඊනියා ජාතික කඳවුරේ කණ්ඩායම් එකතු කර ගැනීමේ වැඩි හැකියාව තිබෙන්නේ ද විජයදාසට ය. නීතිමය අර්බුදය කලට විසඳා ගත හොත් ඇතැම් විට ජනපතිවරණයෙන් විජයදාස නූලෙන් හෝ දිනන්නටත් ඉඩ තිබේ. නොඑසේ නම් විපක්ෂ නායකයා හෝ වීමට ද හැකිය. It’s still anybody’s game.

නමුත් හැම මැතිවරණයක්ම ජයග්‍රහණය කිරීම ද අනිවාර්ය නොවේ. ඇතැම් ජයග්‍රහණ සැබැවින්ම පරාජයන් ය. පොහොට්ටුවේ ඇතැමුන්ට අනුව 2019 ජයග්‍රහණය පරාජයකි. ඇතැමුන්ට අනුව 2020 තුනෙන් දෙකේ ජයග්‍රහණය පරාජයකි. එමෙන්ම ඇතැම් පරාජයන් ජයග්‍රහණයන් ය. 2019 සජිත්ගේ පරාජය සැබැවින්ම ඔහුට ජයග්‍රහණයකි. ඔහුට කෝවිඩ් වසංගතයට මාරකයට මුහුණ දෙන්නට සිදු වුණේ නැත. ඔහුත් හිටි යහපාලන ආණ්ඩුවෙන් පටන් ගත් ආර්ථික අර්බුදයට හෝ විදෙස් කුමන්ත්‍රණයට ඔහුට මුහුණ දීමට සිදු වූයේ නැත. ඔහු දැන් ඉන්නේ ඊළඟ ජනපති ධුරය අතේ තියාගෙන වාගේ ය. එම නිසා හැමදාම හැම එකම ජයග්‍රහණය කිරීමට යා යුතු නැත. අද පරදින්නේ හෙට දිනන්නට ය. ඊයේ පෙරේදා ඇමති තටු ලැබී අහසේ උඩටම උඩටම නගින අයට වඩා විජයදාස වැනි හොඳට තෙම්පරාදු වුණු බිමේ දේශපාලන නියෝජිතයෙකුට ඒ ගැන අවබෝධයක් තිබෙන බවට සැකයක් නැත.

ශ්‍රීලනිපය වැඩබලන සභාපති ධුරය අධිකරණ ඇමතිට ! - දෙපිල ප්‍රසිද්ධියේ ම ගැටෙති

 

ශ්‍රීලනිපයට ඊළඟ පාර්ලිමේන්තුවේ ගත හැකි උපරිම ආසන සංඛ්‍යාව ගැනීමට නම් ඔවුන්ගේ ඡන්ද ලක්ෂ කීය හෝ ඔවුන් වෙතම තබා ගත යුතුය. ඒ හැදෙන එල්ලෙන පාර්ලිමේන්තුවේ ඔවුන් ආණ්ඩුවට යනවාද? නැත්නම් විපක්ෂයට යනවාද? කියා තෝරා ගැනීමට ඔවුන්ට කේවල් කිරීමේ බලයක් ලැබෙන්නේ එවිට ය. නොඑසේ නම් මෙයත් රනිල්ගේම තවත් ගේම් එකක් වන්නට ද පුළුවන. නමුත් විජයදාස වැන්නෙකු රනිල්ගේ ගේම්වලට අහුවෙන සිම්පල් පුතෙකු කියා සිතන්නටත් බැරිය. දිස් ඉස් පොලිටික්ස්.

නාමල් එපා - රනිල් ඕනා : (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 මැයි 14 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...