The Leader News
BREAKING
Top Ad
Opinion

යොහානි : නව ශෘංගාර අර්ථයක් එකතු කරපු ආර්ටිස්ට් - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

May 15, 2024 • 4:15 PM

යොහානි : නව ශෘංගාර අර්ථයක් එකතු කරපු ආර්ටිස්ට් - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මං මේ කියන කතාවට ගොඩක් අය විරුද්ධ වෙයි.
  • එතනදි යොහානි මෙතෙක් අපේ සංගීතය ඇතුලෙ ස්පර්ශ නොකරපු ලිංගික කලාපයක් ස්පර්ශ කරනවා.
  • ඒ වගේම යොහානි ඒක ප්‍රවණතාවයක් බවට පත් කරලා තියෙනවා.
  • සිංදුව පිච් කිරීම වගේම නොකිරීම වුනත් එතනදි වැඩ කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


මං මේ කියන කතාවට ගොඩක් අය විරුද්ධ වෙයි. විරුද්ධ වෙන දේවල් කියන එක මගේ විලාසිතාව.

යොහානිට සිංදු කියන්න පුළුවන්ද බැරිද කියන කාරණය සංගීත විශාරද ප්‍රවීන ආදී අයට අදාල ප්‍රශ්නයක්. මට අදාල වෙන්නෙ ඒ කරන ඉදිරිපත් කිරීමෙන් මට යම් වින්දනයක් දැනෙනවද කියන කාරණය.

එතනදි යොහානි මෙතෙක් අපේ සංගීතය ඇතුලෙ ස්පර්ශ නොකරපු ලිංගික කලාපයක් ස්පර්ශ කරනවා. ඒ වගේම යොහානි ඒක ප්‍රවණතාවයක් බවට පත් කරලා තියෙනවා.


යොහානිගේ කටහඩ ළාබාල ටීනේජ් කෙල්ලෙකුගේ හඩක්. ඒ හඩත් එක්ක එයා කරන ඉදිරිපත් කිරීම්වල තියෙනවා ජැපනීස් මැංගා ගතියක්. ඒක එක්තරා ශෘංගාර කලාපයක්. සිංදුව පිච් කිරීම වගේම නොකිරීම වුනත් එතනදි වැඩ කරනවා.

ජපානයේ ශෘංගාර කතා කියවන අඩනිරුවත් නවයොවුන් යුවතියන්‍ගේ සම්ප්‍රදායේ ආස්වාදය නූතන ආකාරයකින් මුනගස්සනවා.

යොහානිට කලින් කටහඩින් මේ නවයොවුන් ශෘංගාරය දුන්නෙ මල්කාන්ති නන්දසිරි. කැමති කෙනෙකුට රෝස කරත්තෙ සිංදුව අහලා බලන්න පුළුවන්.


ඊට පස්සෙ මේ ශෘංගාර කලාපය ගොඩක් දුරට විකසිත වුනා. හනා ෂෆා දැන් ඉන්නෙත් යොහානි විසින් නිර්මාණය කළ අනුර‍ාග වේදිකාවෙ. තව ගොඩක් අය ඉස්සරහට එයි.

ඉතිං යොහානි කියන්නෙ දැනුවත්ව හෝ නොදැනුවත්ව සිංහල සංගීත ව්‍යවස්ථාවට නව ශෘංගාර අර්ථයක් එකතු කරපු ආර්ටිස්ට් කෙනෙක් වෙනවා.

Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

යොහානි : නව ශෘංගාර අර්ථයක් එකතු කරපු ආර්ටිස්ට් - (චින්තන ධර්මදාස) | The Leader